කතාවක් හැම වෙලාවෙම පටන් ගන්නෙ හිතා ගන්න නොහැකි තැන්වල , කියාගන්න බැරි වුනු තැන්වල, බෙදා ගන්න බැරි වුනු හිත් වල.
වෙනස්වුනු අවස්තාවක් ගැන සමහර වෙලාවට තව සෑහෙන්න කාලයක් ගැන කල්පනා කර කර ඉන්න වෙයි , හිතට කොහෙන් හරි එන්නෙ, කොහොම හරි දැනෙන්නේ තව ටිකක කලියෙන් ලැබුන නම් ,අදුන ගන්න ලැබුන නම් කියලා.
සමහර වෙලාවට වන් ඩ්‍රයිව් එකේ ගැලරි එක පුරාවට තියෙන උඹගෙ ෆොටෝ එකින් එකට ඕපන් කරලා බලන් වෙලාවකට තණමල්විල කැරකිලා එන අඩක් සිසිල් අඩක් උණුසුම් සුළඟ කොලඹ කෙල්ලෙක්ගේ මතකය අරන් එනකොට හිත විනාඩි ගානකට අතරමං වෙන එක කොහොමටවත් නවත්වගන්න බැරි එකට, අයිති නැති නුඹ වග කියන්න ඕන නෑ. තව එවන්න බැරි වුනත් කමක් නෑ, එවන්න කලින් දැන් දෙපාරක් තුන් පාරක් හිතන්න හිතෙනව නම් ඒ කියන්නෙ ඒ තිබුනු විශ්වාසය හරි ආදරේ හරි මොකක් හරි දැන් අඩු වෙලා කියන එක. බල කිරීමක් කරන්න බැරි වුනත්, උඹේ තව එක ෆොටෝ එකක් හරි තවත් එකතු වෙන තරමට පොඩි හරි සැනසීමක් දැනෙයි. හැමදාම කියනවා වගේ කවී අයියේ කොච්චර ඇදුම කොට වුනත් , ඇදුම් නැතුව හිටියත් ඇගේ එලියට නිරාවරණය වෙලා තියෙන ප්‍රති ශතය මෙච්චරයි කියල ගනන් හද හහ ඉන්නවට වඩා ලස්සනක් දකිනව මිසක් , අගය කරනවා මිසක් , ආදරය කරනවා මිසක් වෙන මොනවා කරන්නද. ඒ අතින් නම් මිනිස්සු තාම පස්සෙන් කවී අයියේ ඉන්නේ.
ශේන් කියන්නෙම හිතා ගන්න බැරි චරිතයක් කොහෙන් හරි ජීවිතේට කෑලි කෑලි එකතුකර ගන්න එකෙක්. කන බත් කටක් ගානේ බත් එකට කිසිම සම්බ්දයක් නැති දේවල් ගැන බත් එක දිහා බලාගෙම කල්ප්නා කරන කෙනෙක්. අම්මට තාත්තට වුනත් වැනිශින් මූඩ් යූස් කරන එකෙක්. එක ප්‍රශනයකට උත්තර දෙන්න ජීවිතේ වැඩියෙන්ම් ආදර දැනුන කෙනාටත් තියෙන්නේ තතත්පර දහයක් නැත්නම් පහලවක්. කාලය වටිනවද? නෑ අනිත් මිනිස්සුන්ගේ ජීවිත වල තියෙන නිදහස උටත් වටිනව.
කියන්න දේවල් කොව්චර හිතට ආවත් අමාරුවෙන් පාලනය කරගෙන දාලාතියෙන ෆොටෝ එකකට ස්ටේටස් එකකට හරිම සාමාන්‍ය විදිහට කමෙන් එකක් දෙන තරම හිතන්න වෙලා ! ඇදුම කහ වුනත්, නිල් පාට වුනත් හිත නැවතුනේ උඹෙ මූනෙ. මම ආසම උඩට නැවුනු තොල් පෙති අස්සෙ, ලාවට රතුවුනු මත් වෙලා වගේ තියෙන ඇස් ළඟ. උබ කිව්වා වගේම ඇත්තටම මම තාම ජීවිතේ හොයනව කවී අයියේ. ඉස්සරට වඩා වඩා ජීවිතේ ඒකාකාරි වෙලා. මහ රෑට හිතුන ගමන් තණමල්විල වැවේ බන්ට් එක ගාවටවත්, අලි මාරු වෙන තැනක අයිනේ තියෙන අර බාගෙට හිදුනු ඇල ගාවටවත් දැන් යන්න වෙලාවක් නෑ අයියේ. දැන මම දන්නවා ඩිප්ප්‍රෙශන් කියන්නේ මොන වගේ දෙයක්ද කියලා. උඹත් දන්නවා ඇති ඒක. එක පාරට ඔලුවෙ කැක්කුමක් එක්ක එන නල්ල රිදෙන එක, ම්ටරේ එක පාරට ට්‍රැක් එකෙන් පනින එක ඒවා හරිම වේදනා කාරී. ඔළුවෙන් හිටගෙන කිව්වත් මහ රෑ වෙනකන් ඇහැරගෙන ඉන්න උඹේ ඇඩ් රිදෙන්නෙ නැත්නම් මගේ ඇස් රිදෙන්නෙ ඇයි කියල හිතෙනව. ඊටත් වඩා මගේ හිත රිදෙන්නේ ඇයි කියලා මම කල්පනා කරනවා.
අන්තීමේ උඹ කිව්වා වගේම කරනවා , රිද්දනවා නේද! සමහර විට ඈත් වෙයි , අපි අතර තියෙන කතා බහ අඩු කරලා උබ මාව තවත් එක සාමාන්‍ය කෙනෙක් ගානට දානවා කියන එක. අයිතිය ගැන වද වෙන එක නැවැත්තුවා කිව්වට උඹ ඒ ගැන හැමතිස්සෙම වද වුනා, ඒ වගේම ඒ ජීවිතේ මැදින් ප්ර්ශ්න කියන වැට බැඳිලා තිබුනා.
එත් හැමදාම කියනවා වගේ කවි අයියේ , ආදරේ දැනුනු තැන්වල තාමත් මම ප්‍රකාශ කරනවා, හරිම පරිස්සමට.
අයියේ නරක වචන අයින් කරලා , සංස්කරනය කරලා මේකත් ලියපන්. හැමදාම වගේ අයිතිය නැති වුනාට මැරෙනකන් මම උඹට ආදරේ වේවි. අවුරුදදකින් දෙකකින් උඹේ අයිතිය තව කාට හරි කොලේක ලියලා දුන්නත් එදාටත් උඹෙන් පිළිතුරක් ලැබෙනකම් ෆෝන් එක බලන් ඉදීවි. කොලඹ කෙල්ලෙක් ලඟ හිත නැවතිලා තියේවි. මම තණමල් විල හිටියත්
........................................................
ඒක ජීවිතේද නැද්ද කියන්න මම දන්නෙ නෑ මල්ලි, කල්පනා කරන හැමෝටම ඩිප්‍රෙශන් කියන්න බෑ මල්ලි. බලපන් මං දිහා ඒක සෙමට කියලා හිත හදාගෙන ඉසරහට ජීවත් වෙනවා
උබේ ආදර කතාවෙ එකක් අයි ඕ සී පෙට්ට්‍රල් වගේ අනික සිපෙට්කෝ පෙට්ට්‍රල් වගේ , එකක වැලුව් එක වැඩි වෙනකොට අනික් එකෙත් වැඩි වෙනවා ටක් ගාලා. ඒකෙන් නැති වෙනකොට මේකෙන් හරි ගහල ජීවිතේ ගමන්කරන්න ඕන. ඒත් මතක් තියා ගනින්. සබ්බං පාහාය ගමනීයං.. සිල්ල හැරදා කවමදාක හරි යා යුතුය. කියන එක.. ඉස්සර උඹට රුපියක් පන්සීයට ලීටර් හතරක් ලැබුනු ආදරේ පෙට්ට්‍රල් , දැන් අමාරුවෙන පන්සීයට ලීටර් දෙකක්ගහගෙන කොළඹ ගිහින් එන්න වෙන්නෙ. ඒ නිසා තැන් දෙකම වැදගත්, පෙට්ට්‍රල් 92, 95 හැමදේම වැදගත්.. අන්න ඒ විදිහට හිතලා ඔය වැවට පන්නිනේ නැතුව ගෙදර ඇවිත් හිටපන් අඩුම ගානෙ උඹට නැත්තටම නැති ඩීසල් වලට වඩා පෙට්‍රල් තියෙනවා නේ..ශෙඩ් එකට අයිතියක් නැති වුනත් ලැබෙන වෙලාවෙන් හිත ෆුල් ටෑන්ක් කර ගනින්.
ස්තූතියි නැවත එන්න..
ටටා .. බායි..
කවියා.