All most Six years Working for NVOCC company AKA Freight forwarding Shipping company in sri lanka and i'am writing dayofsl.blog about day to day events that happened and thoughts which came to my mind while i working and also my free times. Some Names and places used for give you a good narrative only . විචාරකයෙක් නොවේ.මා දකින මට සහ මගේ මිතුරන්ට පෙනෙන කෝනය අනුව, මට හා යම් පුදගලයන්ට දැනෙනා ආකරයෙන් ලිවීමකි. නම් ගම් ස්ථාන වඩාත් හොද රසයක් ලබා දීම සදහා යොදාගෙන ඇති අතර 72% ක් මනං කල්පිත වේ.
Tuesday, September 22, 2020
නීතියට එහායින් තිත්ත බෙහෙත් බීම
අදාල වන්නේ අදාල කියවීමකටය, නීතියට එහයින් හා සම්මතයට එහායින් පියෑඹීමට ගන්න උත්සහයෙන් කෙදිනක කෝ තටු අහිමි වීමට පුලුවන් වීම අමුතුම හැඟීමකි.
සිස්ටම් එක ABS (ස්වයංක්‍රීය තිරිංග පද්දතියක් ) වුනු පලියට ඩිස්ක් එක දියමන්තියෙන් නිම කරනේ නැත.
සමහර අවස්තා වලදී බ්රේක් එක උඩ ඉද ගත්තා වුනද වදින්නේ නැති වීමට හේතුව පලුදු වුනු ඩිස්ක් එක එක විය හැක.
නිකන්ම ආපු හැඟීමක් ආයාසයෙන් ගිල ගැනීමක් නිකන්ම දැනුනු ආදරනීය හැඟීමක් පහර දී වේදනා දෙමින් යටපත් කිරීම යම් ආකාරයක තිත්ත කසායක් නැත්නම් බෙහෙත් පෙති කිහිපයක් බොන්නා මෙනි.
තාවකාලීක තිත්ත තුලින් අනාගතයේ පැනිරස සොයා යන කුඹියෙක් වීම අසාමාන්‍ය නැති බව මගේ හැඟීමයි.
.ටටා.
කවියා.
Monday, September 21, 2020
චේන් සහ ට්‍රැක් පන්නා ගැනීම
හීන ගාවම නැවතිච්ච මිනිස්සු එක්ක බැලුවම හීන බලල අනිත් පැත්තට නැගිටින මිනිස්සු මනා මානසික තත්වයකින් ඉන්නව කියල හැම වෙලාවෙම හිතෙනවා.
සමාජ ජාලා වෙබ් අඩ්වි වලයි වට්සැප් එකෙයි ස්ටේටස් දානවා .මේ හීනේ ඉන්නයි ආසා කියලා.
මිනිස්සු!
උන් උත්සහා කරන්නේ ඇත්තටම හීන හැබෑ කරගන්න නැත්නම් ඒ හීනයෙ ජීවත් වෙන්න.
කොටුවෙ ස්ටේශන් එක ගාව ඉදන් ගංගාරාමෙ පන්සල ගාවට වෙනකන් ඇවිදන් ආවොත් අපිට හම්බවෙනවා හීනවල හිර වෙන්න ආසයි කියන මිනිස්සු උදේ පාන්දර බෑග් එකක් උස්සන් කාර්යයාලයට දුවන හැටි.
ඒ වගේම බස් ස්ටෑන්ඩ් එක ගාව පරන රෙදි බෑග් එකක් තුරුල් කරගෙන ඔලුව වටේ රෙදි පටි ඔතාගෙන බෙල්ල වටේ එක එක අරුමෝසම් කෑලි එල්ලගෙන අවුරුද්දක් නාන්නෙ නැතුව කොන්ඩෙ රැවුල් වවාගෙන බිම වාඩු වෙලා තමන්ටම තනියම මොනවා හරි මුමුනගන්න මිනිස්සු.
ඇත්තටම හීන වල හිර වුනු මිනිස්සු!
අපි උන්ට පිස්සො කියලා පොදුවෙ හදුන්වන්න පුලුවන් ඒත් ඇත්තටම අපිත් යම් තාක් දුරකට ඒ මට්ටනේ ඉන්නවා කියලා අමතක කරන්න එපා. රෑ කාලෙටවත්!
චේන් පන්නා ගැනීම ට්‍රැක් පන්නා ගැනීම දැන් ක්‍රීඩාවක් වගේ!
ටටා..
කවී.
Sunday, September 20, 2020
විෂූ ලියනගේ , ඉලක්ක සහ අරමුණු
මිනිස්සු ජීවිත වල හරි අමුතුම විදිහට එකතු වෙන්නේ. සමහර යාලුවෝ වගේ. සමහර යාලුකම් නිකම්ම යාලුකම් නොවී ඔනම මරාලයක් හන්ගන්නේ නැතුව කියන්න පුලුවන් සහෝදරයෙක් සහොදරියක් මට්ටමට එනවා. දකින්නේවත් හම්බවෙන්නේ වත් නැතුව !
විශු නැත්නම් අපේ ලියනගේ මැඩම් අමුතුම කැරැක්ටර් එකක් ඒ වගේ. උදේ හවස සීරියල් පැකට් පිටින් ගිලින හැම හන්දියකම තියෙන කඩවල් වලට බාර ඔප්පු කරනවා වගේ කෑම කන , පන්සලේ වැට ගාව ඉදන් බෝදි පූජා තියලා මහත් වෙන්න කරන ප්‍රාර්ථනාවක් වගේ.
මනා සේ දැනගෙන ගොනා සේ ඉන්න කටුස්සා සහ විකල්ප මත දාරී බෝදිලිමා
ඇමතුම දීර්ඝ වෙන තරමට මිනිස්සුට හැඟීම් කියන දේ ටික ටික අඩු වෙන්න පුලුවන් කියලා හිතෙනවා.
අපේ ඔෆිස් එකේ ඇහෙන ප්‍රධානම කියමන් වලින් එකක් සහ මගේ ප්‍රියතම කියමන වෙන්නේ "මනා සේ දැනගෙන ගොනා සේ ඉදීමද කලාවකි"
අනුගත වීමක්! අපි ඇතුලාන්තයේ යම් තැනකදී කටුස්සන් වීම විශේෂත්වයක් .
කෙටි කාලීන අරමුනු වෙනුවෙන් බෝදිලිමෙක් වී සේවයේ නියතු වීම විෂය පරිභාහිර ක්‍රියාකාරකම් කැටගරිය ඇතුලට දාලා නිල් කලිසම අදින කාලෙ ඉදන් ඔලුවට දානවා. ඒ පුරුද්දටද මන්දා අපි හරි හෝ වැරදි කියන දේට ඔලුව උස් පහත් කරලා එන්නේ.
පෞද්ගලික මතයනම් හැම එකටම ඔලුව වනන බෝදිලිමෙකුට වඩා ඕන තැන පාට වෙනස් කරන කටුස්සෙක් වෙන එක් හොද බවයි. නමුත් අනුගත වීම භයානක වෙන අවස්තද වැඩී.
ටටා.
.කවී.
Saturday, September 5, 2020
ශනිදා නින්ද හා මිනීමැරීම
ජීවිතේට එහෙන් මෙහෙන් එකතු කර ගත්ත දේවල් එක්ක ආපු දුර හොදයි. ඒත් අනන්‍යතාවයක් මගේම කියලා තියෙන තැනක ජිවත් වෙනවට වඩා යන ඕනම තැනක මගේ කියල අනන්‍යතාවයක් තියාගත්තනම් ඇති.
මිනිස්සු හිනාවෙන්නේ හරිම ලස්සන විදියට, හිනාවෙනකොට ලස්සනයි කියනවා. ඒත් හිනා වෙන මූනට යටින් තියෙන තරහව ඊර්ෂ්‍යාව ගැන අපි දන්නේ නෑ. කේන්තියට මූන ඔරෝගෙන කලු කරගෙන ඉන්න මිනිස්සු ආශ්‍රය කරන්න බය වෙන්න ඕන නෑ. කොච්ච්ර කේන්ති ගියත් මූනෙ හිනාවක් තියන් ඉන්නව නම් බය වෙන්න ඕන. මොකද හිනා වෙවී මිනී මරන්න පූලුවන් මිනිස්සු ඉන්නවා තාම ලෝකෙ.
අපි සාමාන්‍ය ජනතාව තවම! හැම සෙනසුරාදාවකම ටිකක් දවල් වෙනකන් නිදා ගන්න හීන මවන. ඒකත් වෙලාවකට ඔෆිස් එකේ පඩි වැඩි වෙයි කියලා බලාපොරොත්තු වෙනවා වගේ.
Sunday, August 23, 2020
දියඇලි, මිනිස්සු සහ කලු කුහරයක්
කොහෙන් හරි එන විදිහ නෙමෙයි ආපු විදිහ ගැන හිතන එක වැරදි කියලා කියන මිනිස්සු ඉන්න තැනක් ජීවත් වෙන එක දුකක් කියලා කියන්න පුලුවන් මටනම්.
මිනිස්සුන්ගේ ජිවිත වෙනස් වෙන්නේ දිය ඇල්ලක් වගේ. ආදරේ කියන්නේ මිනිස්සුට ඔය දිය ඇලි වල තියෙන ගැඹරු වලවල් වෙන්න පුලුවන්.
ඔෆිස් එකේ ඇවිදින විනාඩි ගානට පහු කරන හැම මනුස්සයගේම එක පුන්ච් හරි හැසිරීමක් ඔලුවට දා ගන්නෙ පොඩියට හරි පැටලවීමක් ඕන නිසා. කන ගමන් හරි කල්පනා කරන්න දෙයක් ඕන නිසා.
වෙනද ..ව්ක පිට එක වට්සැප් එකේ මැසේජ් එවන ශේන් කිසි කතා බහක් නෑ. ඇයි ඒ නොහිමි දෙයක් පස්සේ ගිහින් කලකිරිලද! නැත්නම් තාමත් ඒ නොහිමි දේවල් තාවකාලිකව ලං කර ගන්න උත්සහා කරනවද?
ෆොන් එකෙ ඩේට ඔන් කරලා වචන දෙක තුනක් දැම්මා ශේන්ට. ඕයි උඹ මැරිලද? කියලා අහලා.
පැය ගානකට පස්සෙ රිප්ලයි එකක් එනවා. නෑ තවම ජීවත් වෙනවා අයියේ.හැබැයි මගේ ඇතුලාන්තයෙන් මැරිලා කියලා මට හිතෙනවා..
ඇයි ඒ!
මම දේවල් තේරුම් ගන්න ගමන් ඉන්නේ කවී අයියේ අපි නොහිමි කියලා තේරුම් ගත්තට මගේ හිතේ තාම ආශාවක් තියෙනවා මගේ වැට පැනලා යන්න, ඒ කෙල්ලටත් වැට පැනලා එන්න කියන්න. පොඩි වෙලාවකට හරි අපේ වෙලා. ආපහු දන්නේ නෑ වගේ ඉන්න.
හරි උඹගෙ ජීවිතේ ගැන ඇහුවම උඹ දෙන උත්තරේ ඕකද?
ඔව් අයියේ උඹ මගෙන් අනාගතේ ගැන නෙමෙයි නේද ඇහුවේ. මේ වර්තමාන ජීවිතේ හිර වෙලා ඉන්නේ මම.
වෙලාවකට උඹ කියපුවා හරි කවි අයියේ , මම වෙලාවකට අසහන කාරයෙක් වෙන්න පුලුවන්. මම හීන දකින්නේ අර කෙල්ලගේ ඇඟේ ඇදුමක් නැතුව මට තුරුල් වෙලා ඉන්න හීනයක් වෙන්න පුලුවන්.
හරි ශේන් හීනයක්! මිනිස්සු කොච්චර හීන මවනවද..අනික උඹම මට කිව්වා දවලට් දෙව දූතයා වගේ රඟපාන චරිත් රෑට සිය දහස් වතාවක් මනසෙන්ම දූෂනය කරනවා කියලා. එහෙම එකේ උඹේ හීන සාදාරණයි වගේ නැද්ද? උඹට දකින ඕනම කෙල්ලෙක් හීනවලට එන්න දීපන් කමක් නෑ ..ඒත් සිතුවිලි වලින් උබ කරන්නේ යුද්ධයක් කියන එක මතක තියා ගනින් . උඹ දැනට කී දෙනෙක්ට ආදරේ කරනවද?
ඒක දන්නේ නෑ කවී අයියේ. හැබැයි තට්ටු හතරේ පන්තියට ආපු දවසෙ ඉදන් මගේ ජීවිතේ වෙනස් වෙන්න ඒ කෙල්ලත් බලපෑවා.
උඹ හිරවෙලා ඉන්න තැනින් මුලින් එලියට වරෙන්, මුලින් උඹ තීරනය කරපන් කොහොමද එලිය එන්න්නනේ කියලා.
මේ කලු කුහරයක්!
ඔව් වෙන්න පුලුවන්!
මම මුලදිම කිව්වා අයියේ මේක අපි දෙන්නම අවබෝධයෙන් යන ගමනක් කියලා. ඒත් මේ ගමනෙ අවසානය ඒ කෙල්ලව තුරුල් කරගෙනම ඉන්න එක නෙමේ කියලා තේරෙනවා. ඒ කේල්ල අදින පාට පාට දෙනිම් වෙන්න පුලුවන් නැත්නම් ගවුමක් වෙන්න පුලුවන් අත් නැති ස්කිනියක් වගේ එකක් වෙන්නත් පුලුවන් , මම ඒවා වල.ලස්සනක් දැක්කේ පස්සෙ මම දුර්වල වුනා ඒ කෙල්ලගේ බෙල්ලේ පපුවෙ තියෙන පාටට. මම ඒවා වලත් ලස්සන් දකින්න ගත්තා කල් යන්කොට මට පාට ඇත්තට අතින් අල්ලලා විදින්න ඕන වුනා! එතකොට මට දකින්න ඕන වුනේ ඇදුම් අතරෙන් පපුව නෙමේ. උඩින් තියෙන ඇදුම් නැතිව ඒ කෙල්ල මොන වගේද කියන එක.
උඹ හරි කවී අයියේ මම ඉන්නේ දැන් දවල්ට දේවදූතයා චරිතයෙන්වගේම රෑට ගිනි ගන්න අමනුස්සයාගේ චරිතය ගන්න ගමන්..
උඹ එහෙනම් දැනටමත් ආශාව කියන කලු කුහරෙ ඇතුලෙ ඉන්නෙ පුතා. මට උඹට පරිස්සමෙන් ගිහින් වරෙන් කියන්න බැහැ.! ඒත් සුභ ගමන්!
ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්!
ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්! මාර්තු 5 වෙනිදා! වෙලාවට මිනිස්සු හිතනවා ඇති මම පිස්සෙක් කියලා, ම්ම් දැන් වචන වලින් මිනිස්සුන්ව සෑහෙන්න තේරුම් අරග...
-
කොහෙන්ද ආවේ කියලා හිතන්න ගත්තම හැමදාම වගේ නැවතුනේ එකම තැන ඉමන්දරා ටික ටික අමතක කරන ගමන් ඉන්නේ .. කාවද ? මාව කවී අයියේ ! හේතුව ? හේතුවක් ...
-
හැම මාසෙකම වගේ ඒ මාස වල ඉපදෙන එවුන්ට මොනවා හරි දෙයක් කියනවා වගේ තමා නොවැම්බර් වල ඉපදෙන් එවුන්ට කියන්නේ වාසනාවන්ත් එවුන් කියලා. හේතුවක් හොයන...
-
ජීවිතේට එහෙන් මෙහෙන් යාළුවෝ කියා ගන්නා බොහෝ දෙනෙක් හිටියට ඇත්තම යාළුවො කියන වචනය දෙන්න අමාරු අවස්තාවන් ඕනෑ තරම් අපිට අත් විදින්න පූලුවන්. බ...