උඹ මම නොවූවද මම උඹ වෙන අවස්තාවන් ගැන මතකයක් තියන් ඉදීම තුල මිනිස්සු අස්වැසීමක් ලබයි.
එක් තරා මට්ටමකට එපා වූ පසු අත් හැරීම සිරිතයි.
ශෙන් හිර වෙලා ඉන්නේ ගෙදර ගිහින්!
අහ්! ඔව් මිනිහ ලොක් ඩවුන් වලට කලින් ගමේ ගිහින්.ගමේ මිනිස්සු මහජන සෞඛ්‍ය සේවා පරීක්ශකට ඒ කියලා තියෙනවා ඌ ආවෙ කොළඹ ඉදන් කියලා.
හදිසියෙන් ගමේ ගියාට මොකද! ඌ දැන් දවස් 14ක්ම ගේ ඇතුලට වෙලා ඉන්න ඕන. දැන් සැප ඇති. මඤ්ඤොක්කා බතල තම්බගෙන කනවද දන්නේ නෑ! කන්න ගෙනිච්චද දන්නෙත් නෑ.
අපි ඉතින් ඔෆිස් යන ජනතාවනේ.
අම්මා උදේ පාන්දර ඇවිත් මගෙන් ඇහුවා දවල්ට මේවා මේවා ඉව්වට කමක් නැද්ද කියලා.
බ්ලොග් එක ලියන ගමන් හැමදාම පුරුදු විදියට අම්මට ලේසි දෙයක් උයන්න කියලා අයෙත් අකුරු අමුනන්න ගත්තා.
ඒ අතර කුස්සියෙන් ඇහෙනවා ආයතන්
ක්‍රියා පටි පාටිය සහ අපේ ආරක්ශාව සදහා ආයතනය වෙතින් ගෙන ඇති පියවර මෙන්ම. අවුරුදු හයක් සම්පූර්ණ වෙලත් තාමත් සහකරු පොසිශන් එකේ ඉන්නේ කොල්ලගේ ප්‍රොෆෝමන්ස් මදිද දන්නේ නෑ කියලා.
හැබැයි ඇහුවොත් වැඩ නිකමට ගෙදරට කෝල් එකක් දෙන්නේ නෑ රෑට කන්න එනවද කියලවත්. රෑ අට නමය වෙනකන් වැඩ කරන්නේ කවීට හොද ඕටී එකක් හම්බෙනව ඇති.
ඇහුන්නෑ වගේ හිටියට .මේ කියන කතා වලට ඇහෙන් කදුලු වගේම නහයෙන් හොටුත් පනිනවා.
කමක් නෑ හිත හදා ගන්න පුලුවන් ඊයේ කම්පැණි ඩීටේල්ස් එක්ක දාපු ඩෙසිග්නේශන් කියෙව්වම කට්ටියගෙ.
අවුරුදු දහයක් දොලහක් වැඩ කරලත් අපේ නලී අයියගෙ ඩෙසිග්නේශන් ඒකත් මගේ එකම දාලා තියෙන්නේ වැරදිලා වෙන්න ඕන.
පඩි කැපීම, නිවාඩු කැපීම, සේවයට වාර්තා කරන වෙලාවන් සම්බන්දයෙන් බර සාකච්ඡා සිදු කර මෙමෝ පිට මෙමෝ ගසමින් නව නීති හදුන්වා දෙන නමුත් පඩි වැඩි කරනා අන්දමක් හෝ අතිරේක සේවා කාලයට ගෙවීමක් සිදු කරන සටහනක් හෝ උසස් වීම ලබා දෙන කාල පරිච්ඡේදයක් ගැන නීතියක් නොමැති ආයතන අතරේ අපගේ ආයතනය රත්තරක් යැයි කියනා මිනිස්සු දැක ඇත්තෙම්.
උඹේ පඩි වැඩි කලොත් අනිත් එවුන්ගෙත් වැඩි කරන්න වෙනවා! ඒකයි වැඩි නොකරන්නේ! හරිම සාදාරණයි !.
අපි එසේ නම් අනිත් එවුන් වැඩ කරනා ආකරයටම වැඩ කල යුතුය! අට පහ නීතිය අකුරට ක්‍රියාත්මක කල යුතුමය. කොටින්ම කියනවා නම් සහයක ගේ කැරැට්ටුව පමණක්ම රංගනය කල යුතුය.
ශෙක්ස්පියරේට ජය වෙවා.. සැබැවින්ම් ලෝකය රඟ මඩලකි.අපි නලුවෝ මෙන්ම රඟ හල තනන මේසන් බාස් ලාගෙ සිට රඟ හලේ වයරින් එක ගහන ඉලෙක්ට්‍රීශියන්ගේ කැරැක්ටරේට වෙනකන් රඟ දක්වති.
කොරෝනා හැදුනොත් ඒ සෙනසුරාදා ඉරිදා පෞද්ගලික ගමන් බිමන් යෙදීම හේතුවෙනි. කොරෝනා නිසා මිය ගියොත් පෙට්ටියට සපෝර්ට් එකක් කියා විසි දහක් යවා ඊලඟ මාසෙ ඉදන් ඌ කවුදැයි දන්නේ නැති තතවයට පත් වෙනවාට නොඅනුමානය .
බෝර්න් ලෝර්ඩ් ගේ ඩයිරිය ගීතයේ කොටසක් - (((((
" අපි කන්න මැරෙන්නේ අකාලේ මැරෙන්න
අපි යන්න හදන්නෙම අපායේ ඇරෙන්න …
කාටවත් අඩගහයිද අල්ලට කෙල ගහයිද
පොඩිවුන් මහා පාරේ බොලා බලන්නේ අරු බල්ලට ගල ගහයිද
මාහායාන ථෙරවාදී සුන්නිසියා කතෝලික ක්‍රිස්තියානි
සිංහල – දෙමල – මුස්ලිම්- ඉංග්‍රීසි – සුදු – කළු – තලෙළු
රට – පළාත – දිස්ත්‍රික්ක – ප්‍රාදේශීය – කොට්ටාශ
කුල – මල, වැඩිහිටි – පොඩිහිටි, දුප්පත් – පොහොසත්
පරමාණු දක්වාම බෙදෙන අපේ ජිවිත
කොයි වෙලේද දන්නේ නෑ දැන් තොග සීමිත
වැඩට යන්න කලින් වැදලා පලයන්
මුණට මුරිච්චි වෙන එකා මුසලනම් මගහැරපන්
මල්දාපු වතුර බීපන් පොල් ගහල ගස් – ගල් වැදපන්
ශිෂ්‍යත්වේ අසමත්ද පොඩි එකෝ බොරු කියපන්
පොල් ගහනකොට දෙයියෝ තියා ගලවත් බලන්නේ නැහැ
මැද්දෙන් බිදුනේ නැත්තම් කසාදෙනුත් වැඩක් නෑ
ගමම මුසලයි රටම මුසලයි ඉන්න උන්ගේ හිත් කුහකයි උන් කන බතුත් කුහකයි
දන්නවද? පිස්සව උබට පිස්සෙක්, පිස්සට උබව පිස්සෙක්
මේක යන එකම රවුමක් උබත් මාත් මේකේ ඉත්තෙක්
අපි කන්න මැරෙන්නේ අකාලේ මැරෙන්න
අපි යන්න පතන්නෙම අපායේ ඇරෙන්න …"
Drill Team westනාහිර )))))))
ටටා.. 👋
කවී.