බ්රහස්පතින්දා රෑ එන මැසේජ් එකට සිකුරාදා රෑ රිප්ලයි කරන එක කොච්චර හොද පුරුද්දක්ද කියන එකම තේරුම් ගන්න ටිකක් කල් ගියා.
ඒක හරිම මාඤ්ඤමිකයි!
ජීවිතේ සමහර තැන්වලදි සමහර තැන් වලට සමහර දේවල් වලට භායානකම දේ නම් සමහර මිනිස්සුන්ට හේතුවක් නැතුව ආස වෙනවා ආදරය කරනවා.
ශේන් ගේ නෝට් බුක් එක වගේ! ගැලපීම්ක් නැතුව ඔහේ ලියලා පිලිවෙලක් කරල හදල දීපන් කියලා මට දුන්න.
පලවෙනි පිටුව මේ විදිහට ආපහු හැදුව මල්ලී ආ කියෝපන්...
=================================
මිනිස්සු නුවර එළියට ආදරේකරන්න හේතුවක් තියෙනවා. ඒත් නුවර ටවුමට ආදරේ කරන්නේ ඇයි?
සමහර වෙලාවට තමන්ගේ නොවෙන නිසා! එහෙමත් නැත්නම් තමන්ට තව දුරටත් අයිතියක් කියන්න බැරි නිසා. වෙන්න ඇති.
මිනිස්සු හැම වෙලාවෙම යන්න ඕන ඉස්සරහට මිසක් පිටිපස්සට නෙමේ . නමුත් අඩි පහක පිම්මක් පනින්න අඩි දෙකක් පස්සට යන එකේ කිසිම වැරැද්දක් නෑ!
අයිතියක් නැති දේවල් වලට ආදරෙයි කියලා පිලිගන්න තරම් මිනිස්සු දියුනුවෙලා නෑ. නැත්නම් පිලි ගන්නේ නෑ. බැදීමක් ඇතිකරගෙන මිනිස්සු අත් හැරීම් ගැන උපදෙස් දෙනවා!
දැන් .... හැමෝටම වඩා උඹ ලස්සනයි! ඒක පිලි ගනින්!
ඒ හින්දා උඹට ආදරෙයිද මම? නැත්නම් අනුකම්පාවක්? තාව කාලික ආදරයක්!! ඔව් මේ සේරමත් එක්ක උබේ තියෙන ගතිගුණ හරිම අමුතුයි! මෝඩයි ! හැබැයි උඹේ ඇඟිලි වල ඉදන් දාන සෙරෙප්පු දෙක වෙනකම් මම නෝට් කරගෙන් උඹට ආදරේ කරන්න අරන් ඉවරයි. හැබැයි ඒ ඒකපාර්ශ්විකව. උඹට කියන්න බැරි කම නෙමෙයි, මේකෙන් වෙන්නේ තුවාලයක් හොදටම හොද කරලා වෙන තැනකින් ඒ වගේම තුවලායක් කරන එක.
ඇයි මේ? මට පේනවා ඊර්ශ්යාව කියන අමුතුම පාට හෙමි හෙමින් හිත ඇතුලෙ පිරෙන හැටි.
එහෙම නොවෙන මිනිස්සු අතලොස්සක් ජීවත් වෙන්න නවා!.
උන් එක්ක බැලුවම අපි දූවිලි කෑලි විතරයි//
ජිවිතේ කොතනක හරි තැනකදි උඹට හිතුනොත් කවුරුවත් උඹට ආදරේ නෑ කියලා ඒක වැරදීමක් !
මම උඹට ආදරෙයි!
=================
=====================================
ශේන් වරෙන් යමන් ෆුල් චීස් කොත්තුවක් එක්ක බියර් එකක් ගහන ගමන් ඕක ගැන කතා කරන්න.
සති දෙකකට කලින් අර ගොන් නෑම්බිට ගත්ත ඩන්හිල් දෙකෙන් එකකුත් ඉතුරුයි! අන්න අර සන් ග්ලාස් කේස් එකේ ඇති, මම බිව්වේ නැති වුනත් උඹලා වෙනුවෙන් තියන් ඉන්න ලයිටරේ ඇති බෑක් එකේ දෙවෙනි පොකට් එකේ.
යමන් !
👋
කවියා.