Wednesday, November 30, 2022

මට ජීවිතයක් තියෙනවා!


ලෙක්චර් හෝල් එක පේන තැනක ඉදන් හෙමි හෙමින් බැහැගෙන ආවහම කොහුවල පැත්තට යන්නෙ නැතුව සේදවත්ත පැත්තට බස් ගහන ස්ටැන්ඩ් එකට වෙලා මම බලන් ඉන්න පුරුදු වුනා. හරිම ඉක්මනට ජීවිතයක් තියෙන බව මට තේරුම් යන්න ගත්තා බොහෝම ටික වෙලාවකින්.

හදිසියෙන් කොන්ඩෙ හදනවා වගේ හැරිලා මම තාමත් එතන ඉන්නවද කියලා බලල ආයෙත් ෆෝන් එක දිහා බලාගන්නවා බස් එකේ ජනේලෙන් මම දැක්කා..

මගේ පරන් සෝනි එරික්ස්න් ඩබ්ලිව් ටූ හන්ඩ්‍රට් ෆෝන් එකේ මැසේජ් නොටොෆිකේශන් එකක් ආවා. 

ශේන් කවුරු එනකන්ද බලන් ඉන්නේ?

අහ් නැ ඉමන්දරා මම මේ දෙයක් කල්පනා කරන්න ඕන් නිසා මෙතන බැම්මේ ටිකක් ඉදගත්තා, ලාවට බඩගින්නකුත් එනවා ඩයිනමෝර් එකටත් යන්න ඕන කියලා මම රිප්ලයි කරලා ආයෙත් බස් එකේ ඉන්න ඉමන්දරා දිහා බැලුවා.

එහා පැත්තෙ ඉන්න යාලුවා එක්ක තිබ්බ කතාව නවත්වලා මැසේජ් එක කියවනවද කොහෙද.

ආයෙත් මැසේජ් එකක්!

අහ් හරි මම හිතුවා කවුරු හරි එනකන් ඉන්නවා කියලා,,විශේෂ කෙනෙක්!

මම ආයෙත් මෙහෙම ටයිප් කලා විශේෂ කෙනා මේ පාරෙන් එන්නේ නැ කියලා! මැසේජ් එක දාන ගමන් මම බැලුවෙ ඉමන්දරාගේ මූන දිහා !

මැසේජ් එක බලලා එහෙම්ම ෆෝන් එක හැන්ඩ් බැග් එක අස්සට දා ගත්තද කොහෙද..ඒ එක්කම බස් එක ඇද්දුවා. බලන් ඉන්න හේතුවල් නෑ නේ කියලා මාත් නැගිටිනකොටම ආයෙත් මැසේජ් එකක් ආවා!

ශේන් කල්පනා කරලා ප්‍රශ්නේ විසද ගත්තා වගේ, අනිත් එක දැන් බඩත් පිරිලා වගේ නේද යන්න ලැස්ති වුනේ කියලා.

ඉකේ! ලැජ්ජාවෙ නෑ ඉමන්දරා බලලා තියෙනවා බස් එක ට්‍රැෆික් එකේ හෙමින් හෙමින් අද්දනකොට.

නෑ ඉමදරා මට හිතුනා එතන බලන් ඉන්න එකෙන් මට ලොකු වැඩක් වෙන්නේ නැ කියලා ..ඒක කාලය කා දැමීමක් කියලා මම තේරුම් ගත්තා. ඒකයි කියලා.

ආයෙත් ඉමදරාගෙන් - ඕකේ ඔකේ මේ ඔයගේ එයාර් ටෙල් එකට මගෙ ඩයලොග් එකෙන් මැසේජ් දාලාම ක්‍රෙඩිට් ඉවරයි. මම රී ලෝඩ් එකක් දාගෙන මැසේජ් එකක් දාන්නම් ..දැනට ඔයාගෙ මැසේජ් වලට රිප්ලයි කරන්න බැරි වෙයි කියලා තමා ඒකෙ තිබුනේ..

මමත් එක උරහිසකට දාගෙන හිටිය බැග් එකේ පටිය ආයෙත් හදලා උරහිස් දෙකටම දාගෙන ෆෝන් එකත් සාක්කුවේ ඔබාගෙන යන්න හදද්දිම ..ඩයිනමෝර් එකේ දොර පැත්තෙන් ශේන් ශේන් කියලා හීනි ඒත් කන විදගෙන යන සද්දයක් ඇහුනා. ඒක දිහා බලන්කොට ඩයිනමොර් එකේ දොරේ මදක් හරියෙන් ඔලුවක් එලියට ඇවිත් තිබුනා ! චතු! මොකෝ ගෙදර ගියේ නැද තවම?

නැ ශේන් එන්න එන්න අද මගේ ගානේ බන් එකක් කමු..ස්මෝල් සබ් එකක්! 

ආයෙත් අර පුරුදු ආඩම්බරකම ඔලුවට අරගෙන් මම කිව්වා ..අනේ තැන්ක්ස් චතු ගෙදර යන්න පරක්කු වෙනවා මම යනවා කියලා!

අහ් ශේන් අපිත් මෙතනට ඇවිත් විනාඩි විස්ස්කට වැඩි වින්ඩෝ එක ගාවම ටේබල් එකේ අපි වාඩි වෙලා හිටියෙ! ඔයාට අපිව පෙනුනේ නැති වුනාට ඔයා නම් එතනම් එඩ්ජ් එකේ වාඩි වෙලා බස් එකේ ටයිම් කීපර් ජොබ් එක කරනවා දැක්කා..මොනවා කරන්නද ඉතින් බස් වලට ටයිම් කීපිං කරන යාලුවට අපිත් එක්ක කන්න වෙලාව නෑලු නේ කියලා හෙන අමුතු හිනාවකුත් දැම්මා!

යකෝ අද මම මොන නැකතකද නැගිට්ටේ! හෙන ගහන්න වගේ බලන බලන තැන්වල බයි වෙනවා ඉල්ලන් කා ගන්නවා නේවා නේ..ආයෙත් ලග්නය බලාගත්තනම් හොදයි වගේ! ආයෙ ඉතින් සිංහයා වගේ ඉස්සරහට දා ගත්ත පපුව බව්වා වගේ පිටිපස්සට කරගෙන ඩයිනමෝර් එක ඇතුල ගියා ! බඩගින්නටවත් ෆ්‍රී සබ්මැරීන් එකටවත් නෙමේ එහෙම් පිටින්ම වුනු විලි ලැජ්ජාව කවර් කරගන්න. ආයෙ ඉතින් රෙද්දක් ඇදන් ලෙක්ච්ර්ස් යන්නද... පොඩි වුනාටා මේකගේ කටේ සද්දේ කොහොමද කියලා මම දන්නවා නේ හොදටම. කර බාගෙන එහා පැත්තට වෙන්න තියෙන පුටුවේ වාඩි වුනා.

ඒයි ශේන් ඔන්න ඕක ඔයාට..බෙල්ල උලුක් කරගෙන බස් එකේ ජනේලයි ෆෝන් එකයි දිහා මාරුවෙක් මාරුවට බලන් වෙලාවෙමයි මම ඕක ඕඩර් කලේ. අද දවල්ට කැවෙත් නෑ නේද ඔයා? කන්න කන්න ඔය නැගිටිනකන්මයි මායි සමායි දෙන්නම බලන් හිටියේ. සමා අතින් කට වහගෙන පොඩි හිනාවක් දැම්මා මිසක් මුකුත් කිව්වේ නැහැ.

පොඩි එකෙක් හොර වැඩක් කරලා අහු වුනාම කරනවා වගේ හෙමීට සබ් එකේ චූටි කැලි කැලි කඩ කඩ හිටියා මිසක් මට මුකුත් ගලපගන්නත් බැරි වුනා කියන්න, මොනවා කරන්නද හෙමි හෙමින් ලැජ්ජාව කඩ කඩ කටේ දා ගන්නවා ඇරෙන්න.

ශේන්..ඔය තද නිල්පාටයි ලා නිල්පාටයි ගවුම ගැන හිත හිත ඉන්නෙ නැතුව කැවනම් නේද හොද? ආයෙත් හවසට අයි ටී ඩිප්ලෝමා එකට යනවා කිව්වා නේද කියලා චතු කිව්වමයි තේරුනේ මේක සැඑහෙන්න වෙලාවක් මෙතන ඉදලා කියලා. මොකද ඉමදරා අද ලෙක්චර්ස් ඇදගෙන ආවෙ මම ආසම තද නිල් ලා නිල් දෙකම තියෙන ගවුමක්!

හපොයි වනේ විනාසේ ! ගහේම වැදුනනෙ මාත්!

(මේක පැබ්ලෝ පිකාසෝගේ ප්‍රකට ණිර්මානයක්) හේතුව කියන්නේ නැ මම ඇයි මේක දැම්මේ කියලා මෙතනට)

...........................................

ඊලඟ ටික හෙට දෙන්නම්.. ටටා!

.කවී.







Sunday, November 27, 2022

පන්තියේ මතකය!

ශේන්ගෙන් පාපොච්චාරනයක් .. ඒත් ඒකට  මට සිද්දවෙනවා ආයෙමත් ටිකක් ඈත අතීතයට යන්න. වැඩි ඈතකට නෙමේ අවුරුදු අටකට විතර එහාට .

කොහුවල ආසන්නයේ තියෙන ප්‍රයිවට් තැනක ඒ ලෙවල් ඉවර කරලා තව අමතර කෝසස් දෙකක් කරගන්න හිතුනට සල්ලි නම් ඒකට වැඩිය නෑ වගේ ඒත් එහෙම කියලා බෑ නේ .. ක්ලාස් තියෙන්නේ සතියට දවස් දෙකක් නිසා ඉතුරු දවස් ටිකේ කාඩ්බෝඩ් ප්‍රින්ටින් එකක වැඩට ගිහින් තමා කොස්ට් එක රිකවර් කර ගත්තේ. ඇසිස්ටන්ට් ග්‍රැෆික් ඩිසයින්‍ර් කියලා ජොබ් එකට ගියාට අන්තිමට උනේ දවස් දෙකක් නිවාඩු ගන්න නිසා ලේබර් කැටගරි එකට වැටිලා අඩි විස්සේ හතලිහේ කන්ටේනර් පුරවලා එන පේපර් රීල්ස් බාන්න.. කොල බර නැ කියල හිතුනට බරයි කියලා දැනුනේ ඒ ජොබ් එකෙන් තමා. 

සපත්තු ෆැක්ටරි එකකින් ඕඩර් එකක් අරගෙන සපත්තු පෙට්ටෙවලට සමහර වෙලාවට ඉරිදත් රැ වෙනකන් අදිනවා, කරන්න තිබුනේ තඩි ස්ටේප්ලර් ගහන් මස්ඝිමක් ගාව කොලගොන්නක් තියන් ඒවා හද හද ස්ටේප්ලර් ගහන එක . ජිවිතේ කිසිම දෙයක් ලේසි නැඑ කියලා හිත ගන්න පුලුවන් ඒ වගේ ජොබ් එකක් කෙරුවම . එකට කන බොන යාලුවා දන්නේ නෑ ඇත්තටම මම මොන මානසික තත්වයකින් එනවද කියන එක. ඩෙනිම් දෙකක් තියාගෙන හෝද හෝද මාරුවෙන් මාරුවට අදින මට ජීවිතේ ජය ගන්න මෝටිවේශන් ස්පීච් දෙන  ලෙක්චර්ස් දෙන්න හිටිය අවුරුදු විසි හතරේ පහේ මිස්ලා ඇත්තටම එහෙම ජීවිතයක් ගත කරපු අය නෙමේ කියලා තේරෙනවා ඒත් මොනවා කරන්නද අපි අහන් ඉන්නවා. මොන කරුමෙ හරි කරේ ගහගන්න උපන් වෙලාව හොද හින්දද මන්දා මොනිටර් නැත්නම් ක්ලාස් හෙඩ් පට්ටමත් බලෙන් වගේ දෙනවා පලවෙනි දවසෙම.

කොහුවල ශෙඩ් එක ගාවින් බැහැලා පාරෙන් එහා 
පැත්තට පැනලා නුගේගොඩ දිහාට ඇවිදන් ගිහින් අපේ පන්තිය තියෙන බිල්ඩිමට යන්නේ හෙන ගැම්මෙන්, අපේ බැජ් එක වීක් ඩේ එකක් නිසා ලොකු සෙට් එකක් හිටියෙ නැති වුනාට A සහ B කියලා ක්ලාස් දෙකක් තිබුනා ඒ දෙකම තිබුනේ හතරවෙනි තට්ටුවේ. දම්පාට දිග ඩෙස් එකක හතර දෙනෙක්ට පහසුවෙන් වාඩි වෙන්න පුලුවන් , ඒ වගේම හැම ඩෙස්ක් එකකටම කුශන් ගහපු හොද පුටුව ගානෙ දිලා තිබුන නිසා ලොකු අවුලක් වුනේ නෑ .. හොදම දේ තමයි මේක ඇඩ්වාන්ස් ඉන්ග්ලිශ් කෝස් එකක් නිසා උදේ අටහමාරේ ඉදන් හවස හතරහමාර පහ වෙනකන් ඇදගෙන යන එක. පලවෙනි දවස නුහුරු වුනාට දෙවෙනි දවසේ ඉදන් හරිම හුරු පුරුදු බවක් දැනෙන්න ගත්තා කට්ටිය එක්ක ඉන්නකොට..‍රචිත , අයේෂ් , ප්‍රසාද්, තාරක , අමාකර, ජයශාන්ත, මලීශ් , චමිදු, බඩී ( බුද්ධික) කියන මේ ට්ක එක සෙට් එහෙකට වැටෙන්න මහ කාලයක ගියෙ නෑ.

මේ සෙට් එක ගැන හැදින්වීමක් කරනවා නම් සරලවම රචියා පොඩි කාලේ ඉදන් දන්න එකෙක් ඌත් මෙකෙ කිව්වම හෙන ගැම්මක් ආවෙ මොක්ද අපේ පැත්තේ ඉදන් තමා ඌත් එන්නේ.. ඊලඟට රසිකයා ඌත් අපේ ඉස්කෝලෙම හිටිය ඩෑල් එකක් අනිකා  උස අයේෂ්  ඌ රසිකයා එක්ක ඒ ලෙවල් වලට ඩී එස් එකට ගිහින් සෙට් වුනු එකෙක්, ඊට කලින් ඉදන් හැබැයි ඌව දන්නවා ඇරැව්වල ඉස්කෝලෙ ඉන්නකොට ඌ එනවා සුපුනගේ ගේ ඉස්සරහා මකුලුදූවෙ ග්‍රවුන්ඩ් එකේ මැච් ගහන්න..

ප්‍රසා, තාරක , බඩී, අමාකර  උන් සෙට් එකම පානදුරේ මතක විදිහට සුමන්ගලේ. අප්පුවා හෙවත් දනුෂ් සහ උගේ බෙස්ටා ශලිත දෙන්නම මතක විදිහට සයන්ස් කොලේජ් එකේ රගර් ගහපු දෙන්නෙක්!  අමාකරයා ටිකක් මීටර්  ඩයල් එකක් හෙන ආතල් එකේ හිටපු, ප්‍රසා  තමා සෙට් එකෙන් උසම වගේම හැන්ඩියටම හිටපු එකා! ඌ ගාව ඉන්නකොට මිස්ලත් නිකන් කෙල්ලො වගේ ඇඹරෙන ලයින් එකකුත් තිබුනේ නැතුවම නෙමේ. ජිම් ගිහිලා ඇගැ ගානට මේන් ටේන් කරලා ඩෙනිමක් ගහලා කොන්ඩෙත් උඩට හදාගෙන ඉන්නෙ ඩෑල් එක ලාවට විත හේමාල් පෙරේරාගෙ ලුක් එකක් නැත්නම් මොඩ්ලින්ග් කරන් ඩෑල් එක්ක් වගෙ තාම ඌ. චමිදුව නම් අනේ මන්දා ඌ අනිත් එවුන්ට ආතල් දෙන එක තමා කලේ, එහෙමත් නැත්නම් එහා පැත්‍තේ නර්සිං හෝම් එකට එන අක්කා කෙනෙක්ව අපිට ඇනලා පෙන්වන්න තරම් ඌ කාරුණිකයි. අනෙකා බඩී ඌටනම් තිබුනේ ටිකක් නළු උනක් එක්ක ටිකක් විතර ට්‍රැක් ගතියක් මොනවා හරි ට්‍රැක් පනින කතාවක් මැද්දෙන් දාන්න ඌ හෙන දක්ශයා.  
ඊට අමතරව හිටියේ උදාරලා දෙන්නෙක් සහ මලීශ් සාහ ජයේ නැත්නම් ජයශාන්ත.
උදාරලා දෙන්නගෙන් තදි උදාර නැත්නම් ගඩාෆි ඌත් රගර් ගැහුවේ මතක විදිහට ලුම්බිනි හරි තර්ස්ටන් හරි හරිය්ටම මතක නෑ හැබැයි. අනික් උදාරයා කෙට්ටු පොඩි ඩෑල් එකක් ඌට නම වැටුනේ යුනීක් උදාර කියලා ඌත් සාමන්‍ය විදිහට මීටරයක් තමා ඉතින්. මට මතක විදිහට මලීශ් වගේම ජයශාන්ත දෙන්නම ආනන්දෙ හරි නාලන්දෙ හරි හරියට මතක නෑ.! උන් දෙන්නා වැඩි සද්ද ඩැල් දකක් නෙමේ! මම මේ කියන්නේ මුල් මාසෙ දෙකේ ඊට පස්සෙ උන් දෙන්නා නටපු ඩෙගා දන්නේ අපිම තමයි ඊට අමතරව හිටියා කෙෂාන් නැත්නම් කෙෂාන් බුද්ධික මල්ටි ටැලන්ටඩ් ඩයල් එකක්. සිගින්, ඇක්ටින්, ඩාන්සින් වගේම ඩ්‍රම්ස් වගේ ඉන්ස්ටුමන් ප්ලේ කරන්න පුලුවන් සුපිරියට. උගේ ඉස්කෝලෙ නම්.මතක නෑ මහරගම සෙන්ට්‍රල්ද මන්දා කොහොම හරි ඒ දවස්වල ඉදන් උගේ කෙල්ල ඒ නංගි එනවා හවසට ඌ එක්ක යන්න , මල් කඩ කඩ ඉන්න කැම්පස් එක යටටම. 

අඩේ තව එකෙක් හිටියා ඌ තමයි ජනක! ඉදලා හිටලා පොඩි විහිලුවක් සපයලා ඉගෙනීමට කැප වෙලා හිටපු එකෙක් තමා ඉතිම් ඒ. ඒකත් එක්ක විස්තර දකුනු පැත්තේ කොල්ලොන්ගේ පැත්තේ විස්තර ඉවරයි. දැන් තියෙන්නේ   ක්ලාස් එකේ වම් පැත්ත ගැන නැත්නම් හිටපු කෙල්ලො ගැන විස්තර කරන්න!

සාමන්‍ය විදිහට ඉස්සරහම පෝලිමේ වමේ කෙලවරට වෙන්න හිටියේ චාපා නැතන්ම් චාපා බස් නායක අති සුපිරි මීටරයක්, ඊලගට හිටියේ ගයනි නැත්නම් ගයනි රනවීර දැන් අයේශගෙ වයිෆ්❤.. ඊට පස්සෙ හිටපු අය පිලිවෙලට මතක නැති වුනාට දෙවෙනි පේලියේ නිතරම වාඩි වෙලා හිටපු අන්ජලී මනීශා, චතුරිකා නැත්නම් චූටි දුව ( මෙයා නම් තාම දැක්කත් හිතෙන්නේ ඉස්කෝලෙ යන පොඩි එකෙක් කියලා එච්චරට චූටියි) තාමත් ආ කවී අන්කල් ගාලා තමයි කතා කරන්නේ මොකද පුරුද්දට මට තාම චූටි දුව කියලා කතා කෙරෙන්නේ.. ඒවගේ චූටි දුවගේ හොදම යාලුවා සමාලි, ඊට පස්සේ අශී නැත්නම් අශිකා දුලාන්ජලී, ඊට පස්සේ හිට්යා ශලියාගේ ට්‍රයි ඒත් මට දැන් නම මතක නෑ මතක් වුනාම අප්ඩේට් කරන්නම් මෙතන🤣. (එරා) දැන් තමා මතක් වුනේ( 8.30 PM). ඊයෙ පෙරේදාත් ඉන්ස්ටා එකේ පෝස්ට් එකක් දාලා තිබිලා ලයික් කලා නම මතක නෑ සගෝ!😋

ඊලඟ පෝලිමේ මතක හිටින චරිතයක් තමා සන්දීපනී/ තුශානි සන්දීපනී අපි කාර්ඩ් එක දැම්මේ සැන්ඩි කියලා ..මාරම හිත හොද කෙල්ලෙක්, සැහැල්ලුවෙන් ඉන්න වගේම වගේම ලස්සන හිනාවක් තියෙන කෙනෙක්! අපේ ක්ලාස් එකේ හැමෝම වගේම ටීචර් මිස් අමා වුනත් ඒක කියනවා, සැන්ඩි නිකන් හාවෙක් වගේ කියලා... හැබැයි ජපුරේ කැම්පස් සිලෙක්ට් වුනාම සැන්ඩ් අනූ වුනා කියලා ආරන්චි වුනා මොකද එයාගෙ ස්කූල් එක අනුලා එක වුනු නිසා. අදටත් වට්සැප් එකේ මොනවා හරි ස්ටේටස් වැටිලා තිබුනොත් රිප්ලයි එකක් දාන්න අමතක නොකරන යාලුවෙක් ඉස්සර වගේම. වෙනස් නොවුනු යාලුවෙක් කියලා කියන්න පූලුවන් කෙනෙක්.!

හරි ඊට පස්සෙ හිටියා පියුමිකා ( අල බෝලෙ) එහෙම කිව්වම මලත් පනිනවා , පසු කාලීනව නම නාලාගිරි කියල වෙනස් කලා අප්පුවගෙ පිට මැදදට දීපු පාරක් නිසා🤣 ! හැබැයි දැන්නම් යමි කිසි ප්‍රගතියක් පෙන්නුම් කරන බව තේරෙනවා වැටෙන වට්සැප් ස්ටේටස් දිහා බැලුව. මතක විදිහට ලුම්බිනිද මන්දා, ඊට පස්සෙ හිට්යේ නිමාශා සජානි ටිකක් උස කොන්ඩෙ නිකන් මුහුදු රැලි වගේ වැවුන මූන ටිකක් විතර හරිම අමුතු හැඩය තියෙන කෙල්ලෙක්( කැත විදිහට නෙමේ හොදේ) හරියටම කියනවා නම් ලාවට නිකම් රවුම් අඹ ගෙඩියක් වගේ කියලත් හිතෙනවා.! ඊට පස්සෙ එයත් එක්ක හිටියා සදලි නැත්නම් සඳා අමුතුම සුදු  පාටක් තියෙන ටිකක් විතර චබී ඩෑල් එකක් තාමත් මාත් එක්ක එදා වගේම අදටත් හොද යාලුවෙක් විදිහට කතා බහ කරන එකෙක්! ( දැන් නම් සදායි හස්බන්ඩ් දෙන්නම ඩයට් කරන්වද කොහෙද 🤣🤣) කොහොම හරි සදා හිතන් ඉන්නේ මම අයි ටී කාලා ඉන්න ඇනෝනිමස් හැකර්ස්ලග් කෙනෙක් කියලද දන්නේ නෑ ..ගොඩක් වෙලවාට අදට වුනත් ලැප් එකේ හරි ෆෝන් එකේ හරි ජිල් මාට් එකක් නම් තාමත් කතා කරලා උපදෙස් ගන්නවා.. ඊට පස්සේ හිට්යා U.D. ඇත්ත නම උද්දීපනී අපි ජෝර්ක් එකට කියන්නේ උද් දී පනී කියලා විසන්ධි කරලා කෙල්ලට එතකොට මල  අතේ..🤣 එතකොට. ඊට පස්සෙ හිටියා චූටි උදාරි වැඩි සද්ද බද්ද නැති පුලුවන් හැම වෙලාවෙම ඩෙස්ක් එකට ඔලුව ගහගෙන සැප නින්දක් දාන කෙල්ලෙක්. අර චුටි චතූගේ අච්චුවෙම තමා ඉතින් ඒකත් පොඩි එකෙක් වගේ දැක්කම. මීට අමතරව තව හිටියා දිස්මි තුසන්ගා ඕන ඔලමොට්ටල වැඩකට වගේම අනම් මනම් වැඩ ඕගනයිසින් වලට දඩිබිඩි ගාලා පෙරලගෙන එන්නේ ! එසයිමන්ට් කිව්වාමනම් ටිකක් විතර මූන මැලවෙනවා.. ඊට පස්සේ හිටපු පිරිස වැඩිය නම් ගම් වලින් මතක නෑ වගේ. හැබැයි ඔය උඩින් හිටපු සෙට් එකම ලෙවල් වන් එකේදි පන්තියේ හැමෝම එක ගානට ඇවිත් එකටම පිස්සු නැටුවා. 

කොල්ලෝ සෙට් එක කවීයගෙ ගෙදර ගිහින් දාපු ජෝගි, ටැලන්ට් ශෝ වලට සදාලගෙ ගෙදර ප්‍රැක්ට්ස් කරපු විදිහ, පැක්ටිස් කරනවා කියලා පියුමිකා ගේ ගෙදර ගිහින් තොවිලයක් නටපු විදිහ වගේම ටැලන්ට් ශෝ එක අස්සේ ගිය වලි ඉස්සරහට ලියන්නම්!

එතෙක් සමු ගනිමි!

------------

.කවී.





Monday, November 7, 2022

ලියල ඉවර කරගන්න බැරි පරිච්ජේද! ඉමන්දරා!

 සමහර කතන්දර තියෙනවා ඔහේ ලියාගෙන යන ඒවා, තවත්  සමහර ඒවා තියෙනවා වුනු දෙයක් ලියාගෙන යන ඒවා. හැබැයි මේ දේකේම සමහර තැන්වලිදි අපිට එනවා අවස්තා දෙකක්!

    1.ඉක්මනටම ලියලා ඉවර කරන්න හිතන පරිච්ජේද

    2.ඉවර කරන්න හිතෙන්නේ නැති පරිච්ජේද


කෙනෙක්ට හිතෙන්න පුලුවන් ඉක්මනට ලියලා ඉවර කරන්නේ දුක හිතෙන කොටසක් වගේම ඇදගෙන පැල් බැදගෙන ලියන්නේ වඩාත්ම දැනෙන කොටසක් කියලා.


නෑ එහෙම නොවෙන්නත් පුලුවන්!  


ගොඩක්ම වේදනාව දැනුනු තැන්වල එන හැඟීම් නවත්වන්නේ නැතුව එක දිගට ලියාගෙන යන එක හරියට හිත නිදහස් කරගන්න දගලනවා වගේ. දැනුනු හැඟීම කාටවත් කියාගන්න බැරුව සාදාරිණීකරනය කරගන්න හදනවා වගේ දෙයක්. ඒක එහෙම් පිටින්ම යුද්ධ ප්‍රකාශ කිරීමක් මම මට  විරුද්ධව  මටම කරගන්න.

..................................................


කොහේ හරි ගහක් යට පැත්තකට ඇලවෙන්න ගහපු බයික් එක උඩ ඉදගෙන කල්පනා කරන්නේ එහෙම දෙයක් වෙන්න පුලුවන්. බයික් එක පැදගෙන යන අතරවාරෙ ඔලුවට එන හැම සිතුවිල්ලක්ම ඉස්සරහින් එන වාහනය බොද කරන්නේ නැති තරමට මම ඒ දේ ගැන හිතමින් යනවා.


ඒ උඹ කොහොමද බන් ඔච්චරක් සැහැල්ලුවෙන් ජීවත් වෙන්නේ?  මම 90% ක්ම ජීවත් වෙන්නේ වර්ථමානයේ.


උඹ දන්නවද සාමාන්ය ලෝකයයි මගේ ඔලුව ඇතුලෙ දුවන ලෝකයයි අතර ලොකු වෙනසක් තියෙනවා මට ඒ හිඩැස පුරවගන්න බැහැ.. මේකයි හේතුව කියලා උඹට පැහැදිලි කරන්න බැහැ. ඒත් ඒ වෙලාවට කරන්නේ මම ලියන එක. මට මාවම තේරුම් ගන්න බැරි එකේ .උඹ කොහොමද මාව තේරුම් ගන්නේ ? 

අපි මේ දුවන්නේ තවත් පොඩි කාලයකට..


ඔෆිස් එකේ හෑමෝම ගිය වෙලාවක හවසට ඔලුවට එන හැම වචනයක්ම කොලවල ලියලා එහෙම්ම ගුලි කරලා කුනු කූඩෙට දාලා කිසි දෙයක් වුනේ නෑ වගේ එනවා.


ආදරේ නෑ , ආදරේ කරන්නේ නෑ කියලා පෙන්වන්න කොච්චර උත්සහයක් ගත්තත් මම මටම කියා ගන්නවා ඒක වෙනස් වෙන එකක් නෑ කියලා. දැන් හරියට බලන් ඉන්නේ උඹව මට නැති වෙන බව දැනගෙන මම උඹ දිහා ආදරෙන් බලන් ඉන්නවා වගේ දෙයක්.


ඒත් උඹට කට කැඩෙනකන් මම ආදරෙයි කිව්වත්, උඹ හැමදාම හිටියෙ කිසිම දෙයක් නොදැනුනු ගානට. මටත් කොහොමත් අහන්න බැරි වුනා මම සැරින් සැරේ ආදරේ කිව්වට උඹේ හිතේ මොන වගේ  දෙයක්ද , කරදරයක් වෙලා ඉවරයි කියන දේද කියන එක හැමදාම වගේ අහන්න බැරි වෙනවා.



දවසින් දවස ආදරේ අඩු වෙලා යන හැටි බලාගෙන ඉන්නවා කියන්නේම පුදුම දෙයක්! ඒත් කරන්න දෙයක් නෑ මට පුලුවන් ලියන්න විතරයි. අයිතිය ගැන ප්‍රශ්නයක් එක්ක ඉමන්දරා මම නවතිනවා හැමදාම වගේ!


ශේන්ට ශේන්ව නැති වේගෙන එන්නේ, ලැබුනු එකම අදේශකයට ආදරේ කරන්න පටන අරගෙන මම අතරමං වෙලා ඉන්නේ. ඒ අමුතුම හැඩයක් තියෙන කම්මුල් දෙක කොච්චර සිප ගන්න ඕන වුනත් ඒක ව්‍යාජ හැදියාවකින් වහගෙන ඉවසිමේන් උඹව සිහිකරගෙන උඹ දීපි ඩ්‍ර්‍රිම් කැචර් ඒකේ කලු පිහාටුවල අතරමං වෙනවා.


...................................................................


මේ පරිජ්චේදය කවදාවත් ඉවර වෙන එකක් නෙමෙ ශේන් , උඹට උත්තරයක් ලැබෙනකන් උඹ ආයෙත් පොත අරගෙන ආයෙත් ආයෙත් ලියපන්!


.කවී.

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්!

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්! මාර්තු 5 වෙනිදා!  වෙලාවට මිනිස්සු හිතනවා ඇති මම පිස්සෙක් කියලා, ම්ම් දැන් වචන වලින් මිනිස්සුන්ව සෑහෙන්න තේරුම් අරග...