Saturday, July 30, 2022

සෙබා බණ්ඩාගේ මිණි පහන සහ කොන්ඩේ නොබැදපු චීනා

 

...........ශේන්ගේ ඩයිරියේ එක පිටුවකින්.........

හීන නැවතුනු කල මිනිස්සුන්ගේ ජීවිතද නවතින්න පටන් ගන්නා හැටි දැන් යන්තමින් දකිමින් හිදිමි.

ආදරය උපදින්නෙ කාටද  කොයි වෙලාවටද මොනවගේ කෙනෙක්ටද කියලා හිතා ගන්න බැරි තරම් . ක්ශනිකව වගේම කාලාන්තරයක් තිස්සේ ටික ටික ඇති වුනු හැඟීමක් වෙන්න පුලුවන්. ජීවිත කාලෙ පුරාවටම ළඟ තියාගන්න අයිතියක් තියෙන වගේම ලං වෙන්නවත් කිසිම අයිතියක් නැති තවත් හිතකට වැහී ගිය කෙනෙගේ හිතක් එක්ක වෙන්න පූළුවන්. අභිශේකා ගේ නිස්සාර සීහිනේ ලියැවුණු හැටි ගැන කතා කරන වෙලාවක් මේ ගැන සදහන් වෙනවා මම බලාගෙන හිටියා. 

මිනිස්සු හිතන්නේ මොන වගේ දේවල්ද හිමදරා ! උඹ දන්නවාද? මම දන්නෙත් නෑ! උඹට පුලුවන් මට කට වහන් ඉන්න කියන්න, වදයක් නොවී ඉන්න කියන්න, අමතකම කරලා දාලා රිද්දන්න. ඒත් හැමදාම වගේ වට්සැප් එක දිහා බලන් ඉන්නවා උඹගෙන් මැසේජ් එකක් එනකන්! හදිස්සියෙන් වෙලාවක් ලැබුනු ගමන් ඩෙස්ක්ටොප් එකේ තියෙන උඹ සාරියක් ඇදන් ඉන්න ෆොටෝ එකක්, නැත්නම් තද නිල්පාට දැන් හිරයි කියපු ගවුමෙන් හැඩ වෙලා ඉන්න ෆොටෝ එකක් දිහා බලලා ඇස් දෙක පියා ගන්නවා! හැමදාම වගේ ඒ මොහොතෙත් හිතෙන්නේ ඇයි කලින් නාවේ...ඇයි කලින්ම් නාවේ කියලා. එක  දිගට  ...මගේ ජීවිතේ ඇතුලට.. නොකිව්වට බොහොම අමුතු විදිහකින් විදවනවා මම..


දැන් ඉතිම් හැම එකාම යූ ටියුබ් ෆේස්බුක් ඇල්ගොරිදම් එකට අභිශේකාගෙ නම් ටැග් කර කර දානවා රීච් වෙන්න..

..........මමත් චීනෙක් කොන්ඩෙ නොබදින...............

කොහේ හරි තැනකට වෙලා නිශ්ශබ්දව උඩ බලාගෙන කල්පනා කරනවා තරම් දෙයක් තවත් නැති වෙන්න පුළුවන් ඒකත් හැබැයි මම හිතන විදිහට, කියවන උඹට කොහොම දැනෙනවද කියන්න මම දන්නෙ නම් නැහැ..ඒත් මම හිතනවා උඹට දැනෙනවා ඇති කියලා! එහෙම නොවුනොත් උඹ නෙමෙයි මම අස්වාභාවිකයි.

බෝකුන්දර ශෙඩ් එකෙන් පෙට්ට්‍රොල් ගහන්න හිතාගෙන පන්සල ගාවට වෙලා පෝලිමේ ඉන්නකොට අංක දාන්න පොතයි මාකර් පෙන් එකයි ගෙනාපු අයියා දකුනු පැත්තේ පැති කන්නාඩියේ හත්සිය දහ හතයි කියලා මුතුවන් අකුරෙන් ලියලා ඊලඟ බයික් එක ගාවට යන්න හදකොටම මම ඇහුවා ...අයියේ මේ මම ගිය සතියෙන් මේ හරියෙම පෝලිමේ හිටියේ , අනික ඉස්සරහ ඉදන් උදෙ ගනන් කරගෙන් ඇවිත් බයි එක නවත්වනකොට මම හිටියේ තුන්සිය දෙකට වගේ, ඒත් දැන් කොහොමද හත්සිය දහ හත වුණෙ!?? 

ආ ඒකද මල්ලි ඒ අද් තෙල් ගහන්න ඉන්න අය ඊයෙම පොලිමේ නම්බර් ඉල්ලගෙන ගියා..තෙල් ගහන්න ගත්ත ගමන් එයි. ඔයා කලබල වෙන්න එපා මල්ලී කියල යන්න ගියා.! 

හූම් ... ඒක කියන එකෙත් ඇත්තක් තියෙනවා.. අපි කොළඹ පෝට් සිටිය හදන ළඟ පාත ඔෆිස් එකක වැඩ කරන නිසා ඒ පාරෙ නිතරම චීන මිනිස්සු යනවා එනවා, හිනා වෙනවා , හෙලෝ ගානවා මම හිතන්නේ දැන් ඒ නිසාම මාවත් නිකම්ම ඒ ගානට කොන්ඩේ වැවිලා කියලා හිතන්න ඇති නම්බර් දාන අයියා.. කාට හරි කියලා බූල් බෑන්ඩ් එකක් ගෙන්න ගන්න ඕන අනිත් දවසේ පෝලිමට එනකොට..

...........සෙබා බණ්ඩාගේ මිණි පහන..............



කොච්චර පාට් දැම්මත් කෝච්චියේ එනකොට ගෙදරින එනකොට ඔෆිස් යනවා කියලා ආපු යාලුවා කොලඹ ස්ටේශන් එක වෙනුවට කොල්ලෙක්ගේ අතේ එල්ලිලා දෙහිවල හරියේ ස්ටේශන් එකකින් බැහැලා යනවා දැක්කම තමන් ලඟ ඉන්න අක්කට නොකිය බැහැ නේ.. නිකම් අන්ත අසරණ වුනා වගේ ෆීලිං එකක් තමයි තියෙන්නේ. ඇයි දැන් කොටුවට ගිහින් බැංකුව වෙනකම් පයිනම තනියම ජීවිත කෑල්ල ඉස්සරහට ඇදගෙන යන්න එපැයි. සෙබා බණඩාරෙගේ වචනෙන්ම කියනවනම් නංගිලා යනු නිවසට මිණි පහනක්මැයි. ඇය නිවස ආලෝකයෙන පුරවා හිතුනොත් කර්ටන් වලට ගිණි තියා කිසිවක් නොවුණු ගානට ගිණි ගන්නා ගෙයි ඉස්සරහා තාප්පයේ  හේත්තු වී පාර පැත්තට මූණ දාගෙන එක කකුලක් තාප්පයේ තියාගෙන රුපියල් දහයේ බීම පැකට් එකක් වුනත් බොන්න පුළුවන් හැකියාවක් ඇති දැරිවියෙකි.  තවත් කෙටියෙන් කියනවා නම් දහම් පාසලේ උදේ දහය නිමාවෙන ප්‍රයිමරි කොම්ලෙක්  අතේ ගේට්ටුවෙන් බෑගය පන්නා දමා ලමා සාරිය ගලවා උරහිසේ දමාගෙන දහම් පාසල් තාප්පෙන් බල්ටියක් ගසා ශෝට් ලිව් දමා ගෙදර පැමිණ අම්මාගෙන් බණ හා අක්කාගෙන් දහම් කරුණු අසා ගන්නා උපාසිකාවකි.! අහෝ අක්කණ්ඩි, මා මෑණියනි මා කෙසේ පවසන්නද, ඒ ගසන්නාවූ හැම බල්ටියකටම, ඒ උරන්නා වූ සෑම බීම පැකට් එකක්ම, රුපියල් පහේ දෙකේ ටොෆියකට රැවටුනු ප්‍රයිමරි කොල්ලෙක් වගේ ගෙවල් ලගම වෙන දහම් පාසල් තාප්පය එක්ක තියෙන ඒ ලෙන්ඟතු බැදීම ඒ ත්‍රිල් එක නුඹට දැන උගෙන ගැනීමට තවත් කල්පයක් වුවද ගත විය හැක, එබැවින් නොපමාව මැගී නුඩ්ලස්ම උයාගෙන මට කෑමට යෙහෙකි. එහෙයින් මෑණියනි , කනිටු අක්කණ්ඩියනි නොපමාව කුසලයෙහිම යෙදෙන්න.

අහෝ ඛේදයකි, ඉරකි තිතකි...

.......................................................................

තවත් වීර ක්‍රියාවන් සමඟින් හම්බවෙමු...

ටටා 👋 

.කවියා.




Monday, July 11, 2022

බෙරේ වැව, තාරකා ඉබ්බෝ සහ නෑනා විරෝධී සංගමය

 ජීවිතය සමහර වෙලාවට ආදරෙන් පිරිලා යන එක ඕඩි ක්ලෝන් සුවදකින් වෙන්න පුලුවන් වගේම බේරේ වැවේ කෝච්චි පාලම යටින් යන පටු මගේ දි දැනෙන සුවද වෙන්නත් පූලුවන්. ආදරේ එහෙමයි! ආයෙත් මැරි මැරී ඉපිද ආයෙත් ආදරේ කරනවා. ආයෙත් මොහොතකට දුක් වෙනවා.. ආයෙත් කල්පනා කරනවා හැමදාම වගේම, අනේ උඹ තව ටිකක් කලින් මට හම්බවුනා නම් කියලා.. ජීවිතය දුවන්නේ එහෙමයි. උඹයි මායි මේ රේල් පීලි දෙක, උඹට මම දකුණු පැත්තේ පීල්ල, මට උඹව වම් පැත්තේ පීල්ල...එකිනෙකා දිහා බලාගෙන සෑහෙන දුරක් යන්න තියෙනවා යනවා.. ඉදලා හිටලා කලවම් වෙන තැන් තියෙනවා.

මගේ යාලුවෙක් ඉන්නවා බල්ලො විකුණන, ඒ වගේම මුදල් ගැන ප්‍රශණ වල්දී නිතරම " මේවා බල්ලෝ විකුණලා හම්බකරපුව නෙමේ" යකෝ කියලා. මම ඒ වගේ වෙලාවට ළඟ පාතක හිටියනම්  කියන්නේ, අඩෝ උඹ බල්ලෝ විකුණල තමා හම්බ කරන්නේ..කියලා.. ඒ වගේ වෙලාවට ඌ මං දිහා බලන්නේ හරියට හාවෙක් කැරට් අලයක් දිහා බලනවා වගේ ප්‍රේමයකින්, ඒ වගේම ඒ මුවින් පිටවන්නේම සංස්කෘත, පාලි හා පැරණ සිංහල බස් වහරේ අන්තර්ගත ලස්සනම වචන වීමත් පුදුමාකාර දෙයක්.

.....

මම මේ දවස්වල අධි වෙගී 2000න් පස්සෙ සෙට් එක ගැන පරීක්ශනයක් කරන ගමන් ඉන්නේ. දෙදාහෙන් පස්සෙ ඉපදුනු නංගිලා මල්ලිලා ඉන්න යාළුවො ගැන වෙනදාටත් වඩා සෙවිල්ලෙන් ඉන්නේ. මොකද ඉපදුනු දවස්වල ඉඳලාම මන්චි ටිකිරි මාරි කාලා සෙට් එකේම.බුද්ධි වරධනය ඉතා සීඝ්‍රගාමීව සිද්ද වෙනවා කියන එක අපි කාගෙත් පොදු අදසක්.

අපේඔෆිස් එකේ ඉන්න උත්තරා වෙඩිකාරගෙයි , සෙවන්දි බන්ඩාරටයි දෙන්නටම ඉන්නෙ දෙදාහෙන් පස්සේ නංගිලා දෙන්නෙක්. වයසෙන් පොඩි වුනාට දෙන්නම අක්කලා ළඟින් හිට ගත්තම , අක්කලා දෙන්නව හරහට වඩා ගන්න පුළුවන් ශාරීර වලින් ඉන්නවා වගේම ( මගේ පෞද්ගලික මතය නම් නංගිලාට ඒ දවස්වල හම්බ්වුනු ත්‍රිපෝෂ අක්කලා කනවා බලන් ඉදලා ඒ තරහට හැදිච්ච වෙන්න ඕන මේ)  ඕනෑම වෙලාවක අක්කලා දෙන්නගේ කනෙන් රිංගා යා හැකි මනා මානසික තතවයකින් ඉන්නවා. මා මෙසේ පවසන්නේ මක් නිසාද යත් පහත දෙබස මට නිතරම ඇසෙන දෙබස කියවා බලා තේරුම් ගත හැක.

උත්තරා වෙඩී - සෙබා අක්කේ මේ ඔයා දන්නේ නෑ අපේ තරු කරපු වැඩක් හොදේ...බ්ලා බ්ලා බ්ලා..

සෙබා බණ්ඩාරෙ - අම්මෝ වෙඩී ඒ ගැන නම් කවර කතාද.. ඒකට අපේ එකා කරලා තියෙන දේ දන්නවද...බ්ලා බ්ලා බ්ලා බ්ලා... කෝමත් වෙඩි මුන් සේරම එකයි..පොදු ප්‍රශනයක් තමා තියෙන්නේ.

වෙඩී- ඒකනම් ඇත්ත මේ දෙදාහෙන් පස්සේ නිසා වෙන්නැති නේ.. කෝමත් අපේ නංගි මට අනතුරු ඇඟවීමක් දීලා තියෙන්නේ ගෙදරට නාකි නොවී ඉකමනට අංකල් කෙනෙක් හොයලා හරි බැදගන්න කියලා,,, මොකද එයාට විස්ස වෙනකොට බදින්න ඕන, ගෙදර අක්කා ඉන්නකොට නංගි බදින එකට නෑදෑයො අනම් මනම් කියයි. බලන්න සෙබන්දි අක්කේ නම්කිලා ගේ හැටී.....

සෙබා - හරි බම් නංගි අපි ඔය සම්බන්දව කතා නොකර ඉමු.

කෝමත් මුන් දෙන්නාම මෙහෙම හරි වැරදි මාක් කලාට කරන තරමක් අලිකුට්තේරු වැඩ නංගිලා එක්කම කරන බව තමයි මගේ අදහස. කෝමත් මේක නංගිලා ඉන්න අක්කලා වගේම මල්ලිලා ඉන්න අයියාලාටත් පොදු තියරියක්.

කඩේට ගියොත් , ඩිලිවරි කොස්ට් එකයි සර්විස් චාර්ජ් එකයි වැට් පැල් එන් බී ටී සේරම කපලා තමයි බැලන්ස් එක අතට දෙන්නේ.. දිලා කෘන්තක රදනක චාර්වක පුරාස්චාර්වක කියන දත් ජාති හතරම පෙන්නලා හිනා වෙලා යන්නේ, හෙන ගේමක් දිලා දතක් ගලවපු ඩෙන්ටිස් කෙනෙක්ට වඩා සතුටින් සහ සැහැල්ලුවෙන්.

නැදෑ සහෝදරයාගේ වෙඩිමට පස්සෙ දවසෙම , අලුත් ගෙනා මනමාලි ( නෑනා) ට එරෙහිව පවුල් පිටින් එකතු වෙලා නෑනා විරෝධී සංගම් පිහිටුවා ගන්න තරම් සමහර අක්කලා සහ නංගිලා සමත් වෙනවා.. පුලුවන් නම් ජන්ද ලේකම් කාර්යලයට ගිහින් මේකත් ලියාපදිංචි කර ගන්න තරම මේක දුර දිහ ගිහිල්ලා.

ඒ කතාව පස්සේ දවසක.. 

එසේ නම් බේරේ වැවේ තාරකා ඉබ්බෝ ගනන් කරගෙන අපි අනාගතයට යමු! 

පිටිපස්සෙන් ඉන්න මිනිස්සු ඔ


ලුව කස කස අපි දිහා බල බල ගියාට අපි නොසැලී ඉමු!

ජෙයින් ජෙයිම වේවා...

ටටා...

.කවී.


Friday, July 8, 2022

පොදු ප්‍රවාහණය, මැද වල සහ කරවල

 මීස්සු ආදරනීයම වෙන්න ඕන තැන් වලදි අත් හැරලා යනවා කියනේම හරිම පුදුම දෙයක් , ඒත් සමහර තැන් වලදි මම මටම කියාගෙන පුදුම වෙනවා , මම ආදරේ උකරන මිනුස්සුනේ අත් හැරීම් දිහා බලලා. ඒවායින්  සමහර අත් හැරීම් හරිම තාවකාලිකයි කියලත් තේරෙනවා.

..........

වෙනදා වගේම පිළියන්දලින් 120 බස් එකේ එල්ලිලා උදේම කොළඹට එන්න ඕන කියලා හිතනකොට, සමහර වෙලාවට හොරණ ඉදන් එක පිම්මට එන බස් එකට රැවටෙනවා කැස්බෑවෙන් එන 120 බස් එක කියලා. උදේ පාන්දර බොඩි ස්ප්‍රේ දෙකක් විතර ගහල, යන්තම් ක්ලෝන් පර්ෆියුම් ටිකක් හලාගෙන ආවට ඒක තියෙන්නේ ටික වෙලාවයි. උසස් පෙල ලියලා z ස්කෝර් එක වැඩිම එවුන් ටික කැම්පස් එකට යනවා වගේ සීන් එකක් බස් එකට නගින්න තියෙන්නේ. 

බස් එකෙත් කුල භේදය නැතුව නෙමේ,

ක්ශත්ත්‍රීය ගොඩක් වෙලාවට ජනේලෙ ලඟම සීට් වල වාඩි වෙලා ඉන්නවා, පිං ඇති ඇත්තෝ..ජනේලෙන් හුලං වැදි වැදි නිදාගෙන නැත්නම් පාර දිගේ තියෙන තෙල් පෝලිම් දිහා බලමින් සුවෙන් ගමන් කරනවා. රාජ තේජස!

ඊලඟට බ්‍රාහ්මණ , ශීට් එකේ අනිත් පැත්තේ ඉන්න සෙට් එක, එක පැතකින් තද වුනත් අනෙක් පැත්තෙන් ලාවට හුලං පාරක් වැදීගෙන ලොකු අවුලක් නැතුව යනවා.

ඊලඟ සීට් අයිනෙ පෝලිම් දෙකේ ඉන්න උන්., උන් ඇවිලා  වෛශය කුලයේ සෙට් එක ලොකු අවුලක්මත් නෑ අවුලක් නැත්තෙමත් නෑ.කෝම හරි දරාගෙන ඉන්නවා.

එතකොට අතින් කටින් උස්සගෙන මැද පෝලිමේ ඉන්න උන් සහ ෆුට් බෝඩ් එකේ අන්තිම අඩියට කලින් යන එවුන් ක්ශුද්‍ර කුල වලට අයිති එවුන්. ඇත්තටම සමහර එවුන් එතනින් උඩට එන්න කැමති නෑ, මොකද ලයිට් කනු වල ගෑවි නොගෑවි යන එක වෙනම ආතල් එකක කියලා හිතන නිසා.



වෙලාව අඩි පහකුත් අඟල් නවයා මාරක් විතර උස නිසා බස් එකේ මොන කැටගරියෙ හිටියත් වෙන දේවල් ටිකක එහෙන් මෙහෙන් පේනවා, සමහර වෙලාවට ඔෆිස් යන කෙල්ලො නිකන් පෙන්ගුයින්ලා , මුහුදු සිංහයෝ වගේ කට උඩට ඇරගෙන තමයි මැද පෝලිමේ ඇවිත් හිරවෙලා ඉන්නේ. ඇයි ඉතිම් සැමන් ටින් පැක් කලා වගේ තද වෙලා ඉන්නේ වටෙන්ම තාප්ප ගහලා වගේ නේ, හුස්ම අල්ලගන්නේ උඩ බලලා.. මොනවා කරන්නද ඉතින් බිම බලලා හිනාවෙනවා මිසක්. ඊට අමතරව සැරින් සැරේට..අහනවා අයියේ දැන් කොහුවලද? අයියේ බොරලැස්ගමුවට ආවද! අනේ අංකල් වේරහැර ලං වෙනකොට කියනවද  කියලා අහන ඒවයින් නම් අඩුවක් නෑ.

අර සබ්මැරීන් වල දුර බලන කණ්ණාඩිය වගේ සීන් එකක් බස් වලටත් හයි කරානන් අපේ කොට අක්කලා නංගිලාට ඒක වෙස් වලා ගත් ල් වගේ වේවි.  ඊට අමතරව මම හිතනවා බස්වල මැද පොල්ලේ අර ප්ලේන් වල හදිසි තතව වලදී ලබාදෙන කෘතීම ශ්වසන උපකාරක කට්ටල කිහිපයක් හයි කරන්න

ඇත්ටට්ම කොව්චර සුවද විලවුන් දාගෙන ආවත් ටිකක් වෙලා යනකොට හිටගෙන ඉන්න අයට හයි ස්පීඩ් එකේ දාඩිය දාන්න බලනවා , ඊට පස්සෙ ටික ටික නහයට දැනෙන්න ගන්නවා දාඩිය ගද, ඊයේ රෑ අඩියක් ගහලා ඉන්න් එකෙක් ගෙන් එන පොල් අරක්කු ගඳ, සේරම් කලවම් වෙලා වෙලාවකට නිකන් කරවල ගදකුත් එන්නේ නැතිව නෙමේ. සමහර වෙලාවට අත් දිග ශර්ට් එකක අයන් නොකර ඇදන් ආව දවස ඒක අයන් වෙන තරමට තෙරෙපෙන්න වෙනවා. නැතන්ම් බහින්කොට ශර්ට් එක නිකන්ම අත්කොට කමිසයක වෙලා ඉවරයි.

බස් එකේ ඉස්සරහම තඩි අකුරෙන් ගහලා තියෙනවා බුදු සරණයි, සුභ දවසක් වේවා කියලා! නැත්නම් ලයිට් ගහපු බුදු රුවත් එක්කම තවත් දෙවිවරු පස් හය දෙනෙක් ඉන්න්න වීදුරු පෙට්ටියක්. ඒ කොහොම හිට්යත් බස් එකේ යන බොහෝ අය සැබෑ ජිවිතේ දේවදත්තලා, චිංචි මානවිකාවෝ, නැත්නම් වලියට අධිපති කාලි මෑණියොන්ගේ වරම් ගත්ත කස්ටිය. පොඩ්ඩ එහා මෙහා වුනු ගමන්. ඕයි තමුසෙ මගේ ඇගේද යන්නේ, තමුසෙට හේත්තු වෙලා යනකොට සනීපද වගේ දේවල වගේම , චක් චුක් ගාලා කරන මැඩිවිලි නෑගීම් එමටයි..

කෝම නමුත් විමානෙට අධිපති දෙවිවරු තමා ඩ්‍රයිවර් අයියයි , කොන්දොස්තර අයියයි. බසි එකේ මැද ලොකු වලක් තියෙනවා වගේ නිතරම කියන්නේ මැද ඉඩ තියෙනවා කියලා.. ඉස්සරහින් කෑ ගහනවා පස්සට යන්න කියලා, එතකොට අපි පස්සට යනවා, ආයෙ ටිකකින් කෑ ගහනවා ඉස්සරහට යන්න කියලා.

අහෝ දෙවියනි මිනිස්සු රබර් වුනා නම්!

120 බස් රූට් එක මීට වඩා ලස්සණ වෙන්න තිබුනා!


.කවී.

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්!

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්! මාර්තු 5 වෙනිදා!  වෙලාවට මිනිස්සු හිතනවා ඇති මම පිස්සෙක් කියලා, ම්ම් දැන් වචන වලින් මිනිස්සුන්ව සෑහෙන්න තේරුම් අරග...