Saturday, June 25, 2022

රැම්බා ගේ වෙඩිම ඔමී බුම්මාගෙන සිහන දැකීම

ආයෙත් දැන් ශේන් ගේ ඩයිරිය අස්සට....

ජුනි 22.

 ඔලුව උදුම්මාගෙන ඉන්න! නැත්නම් ඉදිමිලා වගේ තියෙනවා කියලා පෙන්වන්න. ඒක නිකන් අර මොසැම්බික් මාලුවෙක්ගේ ඔලුවක් වගේ අප්ප්‍රසන්න වුනාට, සල්ලි දීලා අරගෙන උන්ව ටැංකිවලට දාලා ලස්සන බල බල ඉන්න කාලයල්. 

ආදරේ ගුලි කරගන්න ඕන දෑත්වල කේන්තියයි තනිකමයි ගුලි වෙනවා. කොළඹ කොටුවෙන් නැගලා තවත් තැනකට බස් එකෙන් යනකොට දකින හැම චරිතයකම මම උඹව හොයන්න අරගෙන වැඩි දවසක් නැහැ. කිලෝ මීටර් ගනන් දිග් ගැස්සුනු පෙට්ට්‍රල් පෝලිමේ ඉන්න වෙලාවටත් මටත් නොදැනිම හෙව්වේ උඹේ හිනාව. උඹේ වචනයක් දිස් වෙනකම් සැරින් සැරේ බැලෙන්නේ ඩිස්ප්ලේ එක දිහා. ඔලුවෙ ඇතුලෙ දුවන්නේ  මොනවද කියලා කියවගන්න කවී අයියේ උඹටවත් බැරි වෙයි. උඹ කොච්චර  මිනිස්සුන්ව කියෙව්වත්.


..............................................

මට වෙලාවකට හිතෙනවා මිනිස්සු මොනවද මෙ හිරවෙලා කරන්නේ කියලා. විශේෂයෙන් උඹ , දවසක් මම මගේ හැමදේම කියන යාළුවෙක්ට කිව්වා මම මිනිස්සුට ආදරේ කරනවා ගරු කරනවා හැබැයි බොහොම ටික දෙනාටයි. ඒ වගේම මට ඉන්නවා හරින විශේෂ කෙනෙක්, හුඟක් විවෘත කෙනෙක්, මගේ ඕනම ගැඟීමක් හංගන්නේ නැතුව කියන්න පුලුවන් කෙනෙක්. ඒත් ඒ මම කතා කරේ එයා ගැනමයි කියලා ඒ හිතට තේරුම් ගන්න බැරි වෙන්න ඇති.. ඒත් මට සතුටුයි මම තාමත් ආදරේ බව ඒ මනුස්සයට කියාඅ ගන්න පූලුවන් වුනු නිසා.  ශේන් කියන්නේ කවුද කියන එක මටත් වඩා ඒ ආදරනීය හදවත දන්නවා ඇති කියලා හිතෙනවා. දැන් මම ලෝකයේ තියෙන භයානකම සිර  ගෙයක හිර කටුවෙක් කියලා දැනෙන්නේ මගේ වටේම තියෙන උස මායිම් දැක්කම.

කවී නංගි මවුන්ට් ලැවිනියා බූබා බීච් ක්ලබ් එකේ ලාවට ඉර එලිය බැහැගෙන යන වෙලාවක යන්තම් සින්දුවක් දාගෙන මුහුදු හුලං වැදි වැදී යාලුවෝ එක්ක ඉන්න එකක් ස්ටේටස් දැක්කම් නම් පොඩි ඉරිසියාවක් එන එක නවත්ත ගන්න පූලුව කමක් නෑ..

..................................

අතපසුවුනු බොහොම අතලොස්සක් වෙඩින් අතරින් රැම්බාගේ වෙඩිම හිතේ එකඟ කරගෙන මිස් කර ගත්ත එකක් නෙමේ  මේ ලඟදි දවසක ආයේත් රැම්බෝ ගේ ස්ටේටස් අස්සේ තිබුනේ ඌ උගේ පාසල් ප්‍රේමය උගේම කර ගත්ත මොහිතේ ඉයංකා නංගි එක්ක දාපු ඩාන්ස් එකක්. ඒක වීඩියෝ වෙලා තිබුනේ ලාවට බැලන්ස් නැති ගතියකින් ෆෝන් එක අතේ තියන් හිටියා ඔමීයගේ ෆෝන් එකේ. සමහර වෙලාවකට අනිත් අතේ කිසිම හිඟ කාලෙකදි නැති නොවුණු නිනිවුනු ඩන් හිල් සිගරට් එකක් තියෙන්න ඇති. ඒ මොනා වුනත් රැම්බා බ්‍රේක් ඩාන්ස් ඩානකොට ඉයංකා නංගිත් අට්ග අරින්නේ නැතුව පැද්දි පැද්දී ඉදීමම සතුටට කාරනාවක්.


ඒ වගේ වැලි සවල් දහයකට හති දහය ගානේ ඇර ඇර හරි හෙමි හෙමින් හැදෙන උඹලගේම තැන සම්පූර්ණ වෙනකම් ලඟට ඇවිත් උදව් කරන්න පෙට්ට්‍රල් නැති නිසා ඈතට වෙලා සුභ පතනවා.

ඒ වගේ ඔමී මාරම සෙනෙහසකින් පල්ලියට එක්කන් ගිය නංගි ගැනත් මතක් කරන්න ඕන. නැත්නම් ඒක හරි මදි. අපි මේ බලන් ඉන්නේ උගේ වෙඩිම එනකම්. ශේහාන් මල්ලී උඹගෙ තත්වය මොනවගේද කියලා මටම තේරෙනවා, අපි හැමෝම එකට මේ කන්ද නගිමු.. මම විශ්වාස කරන දෙයක් තියෙනවා හැම කන්දකම මුදුන හරිම ලස්සනයි වගේම.. ඊලගට අහු වෙන්නේ පල්ලමක්.. අපිට ABS තියෙන නිසා අවුලක් නැති වෙයි.

වෙනද වගේ මම පාරෙ ඇවිදන් යනකොට , බෙන්ස් එකකින්, ලැන්ඩ් රෝවරයක්, කෲසර් එකකින් උඹලගේ ඔලු එලියට ඇවිත් ... ආ කවි අයියේ කෝමහ කියලා අහ ගන්න  එක මගේ හීනය❤

ජය වේවා!


.කවී.

Sunday, June 12, 2022

ගාලු මුවදොර ඉදන් කොළඹට

 මග බලන් හිද ඇති වුනත් දැන්

නොවෙහෙසවා කොහොමද හිතක්

නොයෙන බව දැන දැනත් මන්

තුරුලෙ උණුසුම සොයනවා මන්..


නුවර යන්නට ගිහින් හැරුනත්

ඉද්ද මල් මට දැන ගනින් මම

හුඟක් කල්,

වැල් ගිහින් එරබදු මල් මතින්.


ගාලු මුවදොර ඉදන් කොළඹට

මහ දුරක් නැති වුනත් බන්..

උඹත් එක්කල ආපු ඒ ටික

කප්පරක් තරම් මට නම්..


දැන දැනත් කෙටි මඟක් මගහැර

උඹත් එක්කල වට මාවතෙන්

ඇයි ගියේ උඹ අහනවා නම්..

කොහොම උත්තර දෙන්නද

උඹට තාමත් ආදරෙයි මං...


.කවියා.

Friday, June 10, 2022

පාලු මකන පාලු කරන ජීවියෝ සහ හිමන්දරා

 ජීවිතේ දැනුනේම පාලු කරපු අය ළඟ නෙමෙයි පාලුව නැති කරපු මිනිස්සු ලඟ. පාළුව නැති කරන්නේ පණ තියෙන හදවත ගැහෙන මින්ස්සුම වීම තමයි හොදම දේ.

ජීව්තේක පාළුව මොහොතකට හරි නැති කරපු ජීවිතයක වර්තමායට එබිල ඒ ජීවිත පාලු කරලා දාන්න අපිට මොන අයිතියක්ද.  ඒත් ජීවිතයක් තියෙන එවුන්ම ඒ වගේ ජීවිතයක් මරා ගන්න හැටි දකිනකොට එන්නෙ දුකක්.

හැම තැනකදිම නැති වුනත් කොහේ හරි තැනකදි හිර වෙන්න තියෙන සම්බාවිතාවය වැඩී. අපි කල්පනා කරනවා ජීව්තේට මූන දෙන විදිහ. ඒ කල්පනා කරන විදිහටම නැතුව ටිකක් වෙනස් විදිහට ජීවිතේට මූන දෙන්න ඕන කියලා අද ඔෆිස් එකේ චොක්ලට් වොන්ඩර්  බාර් එකක් කන ගමන් කල්පනාවට ආවා..

හවස පහ වෙනකන්ම බලන් ඉදලා හතරයි පනස් නමයට පේමන්ට් එක දාලා පැය ගානක් බලන් හිටියා වගේ බනින කස්ටමර් කෙනෙක්ගේ ආදරය වගේම උදේ නමයට පේමන්ට් කරලා, මචන් අද මැච් එක පහට කලින්වත් ඩොකියුමන්ට් ටික දීපන් කියන මිනිස්සුන්ගේ ජීවිතත් එකතු කරගෙන ඉන්නේ හුස්මත් එක්කම.

ශේන්ට මොනවා වෙලා ඇත්ද?

ඩේටා ටිකක කපාගෙන හරි  චැට් එකක් දාන්න ඕන..

මැයි 28 - 

අහ් කබී කබී ...මෙරෙ දිල් .. කබීත ඔයත් මාර වෙලාවල් වලට තමා අයියේ කෝල් කරන්නේ. හෙන හතම ගහලා ඔලුව් කැරකි කැරකි ඊන්න වෙලාවට්මයි ගානට කෝල් එක එන්නේ. සංෂාරික බැදීම ඕයි කවී අයියේ. 

ඒකත් කමක් නෑ , මේ දවස්වල නම් ජීවිතේ හරිම අසමතුලිතයි . හැමදාන ළඟින් ඉන්න ඕන දකින්න ඕන කියලා ප්‍රාර්ථනා කරපු මිනිස්සු හිතින් ඈත් වෙලා යන්න උත්සහා කරනවද කියලා හිතෙනවා වෙලාවකට.

සමහර වෙලාවකට අත් දෙකෙන් අල්ලලා මම කොච්ච්ර ආදරේ කරනවද කියලා කියන්න හිතෙනවා..ඒත් එතන තියෙන්නේම අදරේ ගැන ප්‍රශ්නයකට වඩා අයිතිය සහ හිමි වීම ගැන ප්‍රශ්නයක්. මුකුත්ම නැති තැනකදි, ආදරයක් නොදැනෙන අවස්තාවක් එන වෙලාවකට කල්පනා කරනවා උඹ මගේ ජිවිතේ හිටියනම් හොදයි කියලා. ඒ වගේම උඹ කවදාම හරි මාව නොදන්නා කෙනෙක් විදිහට තවත් කෙනෙක් ගාව ඉදිවි කියලා හිතෙනකොට නම් හිතට අවුලක් දැනෙන් නෑ කිව්වොත් බොරුවක්. ආදරයක් නෑ කිව්වොත් බොරුවක්. තවත් කෙනෙක්ට ආදරෙන් කතා කරන දිහා බලාගෙන හිත රිද්දගන්න එක පුරුද්දක් වෙලා තියෙන්නේ. උඹට ඒක දැනෙන්නේ නැති එකත් එහෙමයි. එතකොට මම හෙන ආත්මාර්ථකාමී ලෝභ ඩයල් එකක්. කරන්න දෙයක් නැහැ. සමහර වෙලාව උඹ වෙන කාගෙවත් වුනත් සමහර වෙලාවට අහන්නේ මට පොඩ්ඩක්වත් ආදරේ දෙන්න බැරිද කියලා ඉස්සර වගේ. කියලා..  ජිවිතේ ලස්සනයි හොදයි කියලා හිතුන ජීවිත දෙකම පුදුමයි. එකක් නුවරින් ඇවිත් සකුරා පිපෙන රටට අයිති වුනා අනිත් කෙනා කොලඹ ඉදන් කොළඹින් නුවරට අයිති වෙන්න නියමවුනා..උඹව වෙන කාට හරි අයිති වෙයි නේද කිව්වම උත්තරය වුණෙ.. මට හැමදාම ලෝකෙට හොරෙන් උඹේ වෙන්න බැහැ..තවත් කෙනෙක්ට බොරු කරන්න බැහැ මම වෙනුවෙන් කියලා..ඒ වගේම මගේ ජිවිතෙත් ඉස්සරහට යන්න ඕන..ඒත් එහෙමයි කියලා උඹට හිතේ තිබුන තැනවත් ආදරේවත් අඩු කරන්නේ නෑ..මම දුර යන්න ශේන් ඔයාව හම්බවෙන්නම් එක පාරක් තුරුල් වෙලා ඉදලා යන්න කියලා කිව්ව වචන ටික තාම කන අස්සේ .... කවී අයියේ .. උඹ හැමදාම ඇහුව නේ නමක් මම ආදරේට කියපු නම තමයි හිමන්දරා .. ඒක ඉමදරා වගේ නමක් තමයි තේරුමක් නැති ඒත් එයා ආස කලා හිම වලට හැමදාම ඒ නිසා මම ආදරේට මතක් කලේ හිමන්දරා කියලා... හේතුවක් නැතුව දාපු නමක්..හිමන්දරා කතා කරනවා නම් මට නුහුරු වෙනත් භාශාවකින් කතා කරන්න කියලා කියපු වෙලාවෙ නම් අසරන වුනා..  ආයෙත් දවසක කොහේ හරි තැනකදි  හම්බවෙමු  නැත්නම්  හැමෝටම කලියෙන් මට හම්බ වෙන්න ඕන කියලා හිතනවා




..................

වචන ටිකම හරි අමාරු වුනත් ඉවසීමෙන් ඔලුවට දා ගන්න ඕන් . මේක ජිග්සෝ පසල් එකක් වගේ.. හැම තැනම කතාවෙ කෑලි කෑලි.. ඒවා එකතු කරන් කියවන් එක ශේන් ඔයාගෙ යුතුකම සහ වගකීම..


.කවී.

ටටා..



ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්!

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්! මාර්තු 5 වෙනිදා!  වෙලාවට මිනිස්සු හිතනවා ඇති මම පිස්සෙක් කියලා, ම්ම් දැන් වචන වලින් මිනිස්සුන්ව සෑහෙන්න තේරුම් අරග...