Thursday, August 26, 2021

ඉද්ද මල . අමතක වුනු වැස්ස..

 මිනිස්සු සිහි විකල් වෙන තැන්වලදි ආදර් හංගගන්නවා ඇති නැත්නම් ආදරේ හංගගත් තැන්වලදි සිහි විකල්වෙනවා ඇති.

ඒ කොහොම වුනත් සමහර ජීවිත තියෙනවා ඔය හරි මැද්දෙ නැවතිලා අයිතියක් නැති එවුන්ට ආදරේ කරන. හොදම එවුන් නෑ ඉන්නෙ හැඟිම් විසින් නියම කරපු ස්තානයට වෙලා ඒ හැඟීම් වලම පොඩි පලුද්දක් සිදුරක් අහු වෙනකන් ඉක්මනට ඇතුලට රිංගා ගන්න.

එතකොට මිනිස්සු වල්මත් වෙනවා තමයි! හෙමින් හෙමින් ඇල්කොහොල් ජුන්ජක් වත් කටේ හලා ගන්නේ නැතුව.

කවදාක හරි ආදරේ කරපු මනුස්සයෙක්ට අමතක වෙලා බලපන්, අමතක කරන්නේ නැතුව. ඔලුවෙ මැද්දෙන් කරන්ට් එකක් වදිනවාවගේ දැනෙයි. නැත්නම් මුලු ඔලුවම එක පාරටම රත් වෙලා කුල් වෙනවා වගේ හැඟීමක් එයි. එදාට නැවතිලා මතක් කරපන් අමතක කරපු ආදරේ ගැන

ශේන්!

කිසිම හේතුවක් නැතුව ආදරේ කරන්න ඕන කියලා හිතුනම ආදරේ කරන්නේ කොහොමද නීතිවිරෝදී ආදරයක්  තියෙන්න පුලුවන්ද? නැහැ ආදරය නීති විරෝදී නැහැ මිනිස්සු නීති හදුන්වා දුන්නේ නැත්නම්.

කවමදාවත් අතින්වත් අල්ලන්න නොලැබෙන කෙනෙක්ට ආදරේ කරන එක සෑහෙන්න අමුතුයි වගේ හිතුනට ඒක එච්චර අමුතු නෑ.. හැබැයි අමාරුයි.  සාරියක් ඇදපු , සුදු ඇදුමක් ඇදපු මූනක් දිහා බලන් හූල්ල හූල්ල ඉන්න එකම කොච්චර ලේසි ඇතිද නේද? ඒක වේදනාකාරීද?

මට ඕන නෑ මම ජිවිතේ දැකපු ලස්සනම ඉද්ද මල කඩලා රිද්දන්න. ඒත් මට ඕන ඒ මල මගේ තුරුලට ගන්න , පිපුනු පෙති ආදරෙන් ඉඹ ගන්න..ඒත් ඒ මදි..වගේම ඒත් ඒ ඇති! 

ඒ ඉද්ද මල නටුවෙන් කඩන්නෙ නැතුව සුවද විදින්න අදහසක් කාගෙ ලඟවත් නැද්ද ..අඩුතරමේ කවි අයියගේ බන්ටි මොලයටවත් එන්නේ නැද්ද?

ඉද්ද මල හුස්ම ගන්න තැන මගේ නහය නවත්වගෙන මොන වගේ සුවදකේ හුස්මෙ රැදිලා තියෙනවද කියලා බලාගන්න.

මල්පෙති වලට රිදෙන්න වහින වෙලාවක ඒ මලම තවත් කෙනෙක්ට කියනවා ඇති දුර ඈත ඉන්න කෙනෙකුට..මට ආසාවක් ආවා මෙන්න මෙහෙම තුරුල් වෙලා ඉන්න කියලා. සමහර විට ඉද්ද මල ගහේම තිබුනට සුවද දුර ඈත රටක කෙනෙකේ අල්මාරියක් අයිනේ හරි ස්මාර්ට් ෆෝන් එකේ හරි ඇති කියලා ඇස් රතු කරගත්ත වාර අනන්තයි. එච්චර ෆැන්ටසියක්. 

වෙලාවකට කෑ ගහලා ආදරෙයි කිව්වට. පෙරලලා ආදරේ බලාපොරොත්තු වෙනන බෑ.මොකද ඉද්ද මලේ ඇස් වලට මට වඩා මගේ ඇගපුරා ඇමිනිලා තියෙන රෝස කටු වගේම ඒ කටුවලින් හීරුනු තැන් පේන නිසා ඈතටවෙලා බලාගෙන ඉන්නවත් ඇති සමහර වෙලාවට.

ඒත් මොනවා කරන්නද ආදරේ කියන්නෙම ඒ ලෙවල් ප්‍රශ්න පත්තරයක් එක වසරෙ කොල්ලෙක් ඉස්සරහා තියලා ලියපන් කියලා තරවටු කරන. එත්කොට උගේ මානසිකත්වය පේපර් එක දිහා බලාගෙන තක්බීර් වෙලා ඉන්න එක නොවෙන්න පූලුවන් ඒත් ඒක වෙන එකක් කියලා අපිට කියන්න බෑ. සයිනොපාම් ගැහුවම ඉන්න ජුන්ඩා තවත් ජුන්ඩි වෙලා යනවා කියලා කවුරු හරි කිව්වොත් ආදරේ නාමෙන් ඉවසගෙන ඉන්නවා!

එහෙම දවසක්ම ඉදලා හවස ගෙදර ආපු ගමන් අඩි රූලත් අරගෙන බාත් රූම් එකට රිංගා ගන්න් එක..


ආදරෙයි ඉද්ද මල..😎😍 වෙලා තියෙන වෙලාවක මගේ වෙනවද ටිකකට පිරිලා තියෙන මල්  පෙත්තක් ආදරෙම් මිරිකලා හාදුවක් දීලා රිදෙන්නේ නැති වෙන්න හපන්න

🖤😘



කවී අයියේ පී ඩී එෆ් කරලා එවන්නම් ..උඹ නැත්නම් ස්ක්‍රිප්ට් වෙනක් කරනවා...

.........................................

හැම දේම කැස්සකට පදිරි වෙනවා මල්ලී!! 

ටටා...

කවී.

Friday, August 20, 2021

ඇය සහ පිච්ච මල එක්ක පිච්චුන තැන.

 හොද හුස්මක් අරන් නිදා ගන්න වෙලාවක නිකමට උඹ උඹ නොවී වෙන කෙනෙක් කියලා හිතලා ඌ හැසිරෙන විදිහට හිතන විදිහට හිතලා එහෙම ජීවත් වෙලා බලපන්. ඒක නිකන් මනෝ කාය විතරක් වෙන් වෙලා ගිහිල්ලා තව එකෙක්ගේ ඇගක් ඇතුලේ පැලපදියම් වෙනවා වගේ වැඩක්.

එහෙමත් වෙලාවකට තමයි එහෙන් මෙහෙන් අහුලගත්ත වචන එකතු කරගෙන මම ශේන්ගේ ලෝකයට සම වදින්නේ.

ආදරයක් හා ඉද්ද මලකයි තියෙන සමානතාවය හොයන්න ගිහින් අතරමං වුනු කෙනෙක් කියලා ශේන්ව හදුන්වන්න බැහැ. ඒත් හැමතැනම වගේ තියෙනේ එකම හැඟීම. සමහර තැන්වල ලස්සන පාට ගාලා තිබුනට , පාට පාට පොස්ටර් අලවලා තිබුනට ඒ හැම එකක් යටම තිබුනෙ හිත ඇතුලටම හෑරිලා ගියපු ගැඹුරක් නොපෙනෙන කුහර.

දැන් මම ටික වෙලාවකට ශේන්!

.......................................................................

එක වෙලාවකට ආදරේම විතරක් හොයාගෙන කෑ ගහන විලාප තියෙන හිතක් වගේම වෙලාවකට කිසිම වචනයක් නොකියා විකාර දේවල් කල්පනා කරන ආත්මයක්. හොදම යාලුවෙක් එක්ක බත් කටක් කනකොට ඌ බත් එක ගැන හිතන කොට  මට හිතන්න ඕන වුනේ කොළඹ ගෙන්දගම් පොලවේ පිපුනු ඉද්ද මලක් ගැන . ඒක පිපුන හැටි ගැන. කාලයකට කලින් මම හිතන් හිටියේ යාලුවෙක් කිව්වම ඌ මටම විතරක් අයිති බව ඒ වගේම මම හිතුවේ ඌ මටම විතරක් ආදරය කරන්න ඕන වගේ හැඟීමක.

ඒත් කාලයක් යද්දී මට තේරුම් ගියා මගේ හොදම යාලුවා මට විතරක්ම අයිති නැති බව ඒ වගේම මටම විතරක් ආදරේ නොකරන බව. එතන තනිකරම තියෙන්නේ කනපිට ගැහුනු අයිතිවාසිකම් වගේම බැදීම් ගොන්නක්. සමාජය කෙලවරේ හිටගත්තම අදටත් අත දිග ඇරන් තුරුල් කරගන්න තරම් විශ්වාසයක් තියෙන යාලුවෙක් ඉන්නවා නම් ඒ එක් කෙනෙක් විතරයි  කියලා හිතෙන තරමට කල්පනා කරපු වාර අනන්තයි.

කාලෙකට කලින් හොදම යාලුවා එක්ක ඒකිගේ තනියට රන්බොඩ තියෙන තේ වත්තක නවතින්න යන්න වුනහම දෙසැරයක් හිතන්නේ නැතුව ඒකිම පැදගෙන ආපු කාර් එකට ගොඩ වුනේ ප්‍රශ්නයක්වත් අහන්නේ නැතිව. තාත්තට අයිතිවෙලා තිබුනු ඒ  ෆැක්ටරියෙ සිස්ටම් එකක් හදන්න දුවට ගිහින් නවතින්න වුනු එකත් අමුතුයි තමා. ඒත් ඒ හැටි අයිතිකාරය ඕන වෙලාවක වෙනස් කර ගන්න පුලුවන් වෙන විදිහට තමා ඒක හදා ගන්න ඕන වෙලා තිබුනෙ. මගේ ජීවිතේ මම ගෙවපු හොදම සති තුන හතර කියලා කියන පුලුවන් ඒ.

ගිහිල් පලවෙනි දවස් දෙක තුනේ ඒකි උඩ කාමරේ හිටියට හතර පස් වෙනි  දවස් යනකොට පහලට ඇවිත් මාත් එක්කම මේකිගේ තාත්තාගෙ පර්සනල් බාර් එකෙන්  වයින් හරි විස්කි වලින් හරි සීතල යවාගෙන බැල්කනියෙ තියෙන හාන්සි පුටු දේකේ දිගාවෙලා එක එකාට අමු කුනු හරපෙන් බැන බැන ඒකිගෙ කලින් කොල්ලාටත් දෙස් දෙවොල් තිය තිය තරු දිහා බලන්න උත්සහා කරනවා. ගොඩක් රෑ වෙනකොට සීතලත් වැඩි වෙනකොට ඇදන් ඉන්න ස්කිනියටයි ශෝර්ට් එකටයි ඒ සීතල දරා ගන්න අමාරු වුනාම කෙල්ල නවතින්නේ මම ඉන්න හාන්සි පුටුවේ. ලේනෙක් වගේ උණුසුම් වෙන්න දගලනවා මගේ අස්සේතුරුල් වෙලා. 

සමහර වෙලාවට නින්දෙන් හරි වෙරි මරගාතේන් වගේ හරි කියවනවා උඹ මට ඉන්න එක හයියක් උඹ මට ආදරේ දෙන්නෙ නැති එක වැරද්දක් කියලා. 

හොදම යාලුකමක් ආදරේකට පෙරෙලුනාම ලස්සයි ඒ වගේම ටිකක් භයානකයි කියලා මට තේරුනේ මේ අත් දැකීමෙන්මයි. මහ රෑක තනියම ඉන්න බය හිතුනම හොරෙන්ම ඇවිත් මහේ ඇදේ කෙලවර නිදා ගන්න පටන් ගත්ත දේවල සතියක් යනකොට හැමදාම මට තුරුල් වෙලා ඉන්න ජීවිතයක් බවට පත් වුනේ බලන් ඉද්දි. මට අවශය දේ මොනවද ඒ මොන විදිහටද කියලා මේ කෙල්ල දැනන් හිටියා වගේම ඒ කෙල්ලට ඕනෑ කරන්නේ මොන වගේද කියලා අපි කතා කරගත්තා. සමහර වෙලාවකට හැමදාම වගේ තුරුලෙන් ඈත් වෙලා උදේම ඇද ලඟ තියෙන ඇදුම අදින ගමන් මට කිව්වේ උඹ මටවත් මම උඹටවත් අයිතියක් ඇත්තෙම නෑ කියලා දැන දැනත් උඹ මටත් මම උඹටත් ආදරේ කරන එක පුදුමයි නේද බන් කියලා.



කවමදාවත් මට දෙයක් හිතේ හංගගෙන මාව තේරුම් ගන්න කියන්නේ නැතුව මේකි කලේ වක්කඩක් කැඩුවා වගේ හැගිම් බෙදාහදා ගන්න එක. ඒක ලංකවේ හැටියට වල් කම කිව්වට කැනඩාවේම අවුරුදු 17ක් වෙනකම් හිටපු මේකිට නම් එහෙම හිතන්න වුවමනාවක් නෑ. ගෙදර කෑම උයන්න එන අංකල්ට වැඩපුර කීයක් හරිත් දීල සිගරට්ගෙන්න ගෙන බැල්කනියෙ අයිනකට වෙලා එකම සිගරට් එක බොන ගමන් මට ජීවිතේ විදින හැටි පුරුදු කලා කිව්වොත් වැරදිත් නෑ. ඒ එක්කම සමාන්‍යයෙන් කොල්ලෙක් ඉස්සර වෙලා අහන්න ඕන ප්‍රශ්න මේකි මගෙන් අහනවා ඒ වගේම ඒ හැම එකකම අන්තිමේ මමත් කියවන්න පුරුදුවුනා උඹ මටත් මම උඹටත් අයිති නැතුවත් ආදරේ කරනවා අපි. අපි මේහෙට එනකොට හොදම යාලුවෝ ඒත් දැන් අපි කසාද නොබැද එකට ඉන්න කපල් එකක්.

අම එහෙම කියෙව්වම ඒකිට කියන්නේ තිබුනෙත් අමුතුම උත්තරයක්..

නෑ අපි තාම එහෙම නෙමේ ශේන් අපි හොද යාලුවෝ අපේ තනිකම නැති කරගන්න තමයි අපි මේ බැදීම් වල බැදෙන්නේ. ශේන් උඹ කවදාක හරි මාව නැති කරගන්න කැමතිද? මම වෙන කෙනෙක්ට ආදරේ කරනවට කැමතිද?

එන්න කලින් නම්  අවුලක් නෑ ඒත් දැන් නම් ඒ ගැන හිතනකොට අවුලක් දැනෙනවා.

වැඩක් නෑ ශේන් උඹටත් බදීන්නම හිතාගෙන ආදරේ කරන එකියක් ඉන්නවා මටත් ඒ වගේම එකෙක් ඉන්නවා හැබැයි ඒ හැඟීම් ඊර්ශ්‍යාව වගේ දේවල් වලින් අල්ලන් ඉන්නේ. ඒකයි මම කිව්වේ නිතරම උඹ මගෙත් නෙමේ මම උඹෙත් නෙමේ හැබැයි අපි ඇත්ත හංගන්නේ නැතුව බෙදා හදාගෙන අදරේ කරනකොට දැනෙනකොට ඒක සුන්දරයි. ඒත් එක දවසකදි ශේන් උඹට මගේ මූන එපා වෙයි මගේ පපුව එපා වෙයි කොටින්ම උඹට මගේ ඇඟම එපා වෙයි.පුරුද්දට ගිහින්. උඹ වෙනසක් හොයයි. මම වෙනසක් හොයයි ඒත් අපි හිත් රිද්ද ගන්න බෑ කියලා හිතලාබොරුවෙන්ම ගෙවාගෙන යයි ඇත්ත හංගගෙන.

එහෙම කියපු එකා මාසෙ අන්තිම වෙනකොට කියන්න ගත්තා කැමතිනම්‍ යමු කැනඩාවලට මාත් එක්ක. උඹ මැරුනු කෙනෙක් අතුරුදහන් වුනු කෙනෙක් ගානට වැටෙයි එහෙ එක්චරයි . උඹට ආදරේ කියපු කෙනා වෙන කෙනෙක් කසාද බදී එච්චරයි...උඹ මාත් එක්ක ඉදී අපිඅපිට ඕන වෙනකන්. හේතුව මම උඹට ආදරේ කරන්න අරන් බන් ශේන්.



එහෙම කියලා එක් ඉරිදාවක බන්ඩාරනායක ගුවන් තොටුපලට ගිහින් ඇරලපු කෙනා ආයේ කවදාවත් ආවෙ නෑ. කතා කලෙත් නෑ. දැන් අවුරුදු හයකටත් වැඩී.

කොහොම නමුත් ඒ මතකය අලුත් කරන්න ඒ තරම්ම ලස්සන අලුත් මූනක් ඒ අර කෙලලමයි කියලා රැවටෙන තරමටම සමීප තවත් කෙනෙක් ජීව්තේට එබිලා හිතට ආදරේ දැනෙනකොට ඉවසන්න බැහැ කියලා හිතෙනවා . මූනෙන් ඇදලා අරන් කම්මුල් දෙක මිරිකලා හපන්න තරම් හිතුනත් ජීවිතේ සමහර දේවල් දිහා බලන් සතුටුවෙන එක හොදයි කියලා කල්පනා කරලා ඉද්ද මල දිහා බලාගෙන ඉන්නවා.

හැමදාම වගේ තවත් කෙනෙක් මතක් කලොත් විතරයි දැන් උඹටත් මාව මතක් වෙන්නේ.

මේ වචන ටික අරූටදුන්න නම් බ්ලොග් එකේ අමුවෙන්ම් දාන්න ඉඩ තියෙන හින්දා සංසකරනය කරලා ඌට හෙට මැසේජ් එකක් දානවා. කවී අයියා මොනා කරනවා ඇතිද දන්නෙ නෑ හැබැයි දැන්?

..........................................



උගේ ජීවිතෙන් මිදිලා මම මගේ ශරීරය ඇතුලෙ ආයෙත්. ස්තූති ශේන් තොගේ ඔය අමුතුම ජීවිතේට පින්සිද්ද වෙන්න මම ලියනවා අමුතුම කතාවක් . ඉද්ද මල් අරලිය මල් පිපෙන හැටි බලාගෙන..

ටටා..

කවී. 

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්!

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්! මාර්තු 5 වෙනිදා!  වෙලාවට මිනිස්සු හිතනවා ඇති මම පිස්සෙක් කියලා, ම්ම් දැන් වචන වලින් මිනිස්සුන්ව සෑහෙන්න තේරුම් අරග...