Friday, July 23, 2021

සිහින අල්ලන උපකරණය, පාලම් පාරුව සහ රැම්බොගේ නාස් ලණුව දැමීම..

 

මම , ශේන් වගේම ලංකාවෙ අනිත් කෙලවරේ හිරවුනු අපි වගේම එකෙකුගේ අදහස් වල මෙහෙම දුවනවා ඇති කියලා මට හිතෙනවා කිසිම හේතුවක් නැතුව..

""මනංකල්පිත නොවෙනවා නම් කියලා හිතෙන තරමටම"""

මිනිස්සුන්ට ආදරේ කරලා ඒ වගේම ටිකක් අඩු වුනත් ආදරයක් ලබලා එක පාරටම උඹ නොදන්න මනුස්සයෙක් වෙලා තියෙනවද?

සමහර මුහුනු වල ආදරේ පිරිලා තිබුනට හිතේ කොනක තද වෙලා තියෙන්නේම වේදනාවක්. හේතුව උඹ මගේ නොවෙන එක ඒත් එහෙම කියලා  උඹට ආදරේ කරන් එක නවත්වගන්න පුලුවන් කමක් නෑ.. ඒක උඹ දන්නෙවත් නැතුව ඇති. නිල් පාටයි කලු පාටයි හීන අල්ලන්නා මගේ ඇදෙ ඔලුවට උඩින් එල්ලලා තියෙන්නේ මොන හේතුවටඩ කියලා කියාගන්න බැරි වුනත් මම ඒක දිහා බලන හැම පාරකම උඹගේ මූනම මැවිලා පේනවා. මම ආදරේ කරන එක නවත්වන්න ඉල්ලීමක් කරන්න කලින් මගේ කාමරේ ජනේල් කවුලු අස්සෙන් එන හුලඟට නවතින්න කියපන්...එතකොට අර හීන අල්ලන එක පැද්දෙන එක වගේම මගේ හිතත් නවතිවී.

කවද හරි දවසක මගෙන් ඈතට යන්න කලින් මම වෙච්ච් පොරොන්දුව ඉශ්ඨ කරන්න ඕන. ඒ උඹව ආදරෙන් මගේ බයික් එකේ තියාගෙන උඹට කදුලු ගෙනාව කොළඹ ගෙන්දගම් පොලවෙන් ඈතක තියෙන ගස් වල්න් වටවුනු පුන්චි පාර මැද්දෙන් එක්කන් ගිහින් උඹ ආසයි කියපු පාලම් පාරුව පෙන්වන්න..

................................................

අදින් හරියටම සතියකට කලින් ඒ කියන්නේ ජුලි16 වෙනිද රැම්බොගෙ ගස් බැදිමේ සහ නාස් ලනුව දැම්මේ උත්සවය අරගෙන තිබුනා .. රැම්බොගේ නහය විදලා නාස් ලනුව දීලා තිබුනේ අපේ ආදරණීය ඉයන්කා නංගිගේ අතට. සිකුරුදා අප් නැති නිසා ඒ වෙනුවෙන් අපිට 17 සෙනසුරාදා පාටිය ලැබුනා. ඒකත් ග්‍රෑන්ඩ් විදිහට.

රැම්බා අපි කට්ටියම අරන් ගියේ දෙහිවල බීච් එක අයිනේ තිබුන පොඩ් බීච් හොටෙල් එකකට. කා එවුන්ට කන්නත් බොන එවුන්ට බොන්නත් ඇති තරම් තිබුනා කියලා මට සහතික වෙන්න පුලුවන්.

මොනා ව්නත් රැම්බා මගේ එහා පැත්තේ ඉදගෙන දෙතුන් පාරක් මෞල් මුද්ද දිහා බලනවා වගේම ඒ එක්කා උගේ ඇස් වල තිබුන දිලිසීමත් දැක්කා. සෙට් එකෙන් මුලින්ම් බැන්ද එකා නේ.. ඒයි දැන් උබට මොකද හිතෙන්නේ අදහස් ප්‍රකාශ කරපන් කිඅලා කුක්කා මල්ලි වගේම ඔමියත් එක පාරටම කිව්වා.

රමිදු නිකන් නාඩගම්කාරයෝ එකේ ගජමෑන් වගේ අහින්සක විදිහට හිනා වෙලා ලැජ්ජාවෙන් සතුටුයි කියලා කිව්වා. ඒ එක්කම ගෙනාපු විස්කි බෝතලේක මුඩියකුත් ඇරුනා කියලා කියන්නම ඕන.

..........

හොදම දේ තමා අපි ගමන පටන් ගත්ත විදිහ. සෙනසුරාදා හවස හත වෙනකොට මම , ඔමියා, රමිදු , ගිහාන් මල්ලි සෙට් එකම කුක්කාගේ ගෙදර. මා ගිය ගමන් ඔමියා ඌබර් එකක් දාගෙන මාවත් ඇදගෙන වේර හැරට ආවේ ශේන් මල්ලිව උස්සගෙන එහෙම්ම දෙහිවලට යන්න.. තොවිලය නටන්න ඕන කරන බඩු ටික කුසල් මල්ලි ,  රැම්බෝ එක්ක ගිහාන් මල්ලි ඊලඟ ඌබර් එකෙන් එන්නම කිව්වා.

හෙන  ගහනවා වගෙ වංගු ටික නවපු ටුක් එකේ අයියා විනාඩි පහලවට වේරහැරට ආවා.  ටුක් එකේ ඉදම්ම ඔමියා කෝල් එකක් ගැහුවා ශේන්ට... ඕයි ශෙහාන් අයිසේ කොහෙද ඉන්නේ ..අප් ඇවිත් ඉන්නේ පන්සල ගාව වරෙන් ඉක්මනට .. විනාඩියක් ගියා ..දෙක්ක් ගියා..විනාඩි පහක් වුනා බුවා නෑ.. මම ගැහුවා කෝල් එකක් ශේන්ට.. මල්ලී කොහෙද ඉන්නේ?

කවී අයියේ ගෙදර ඉන්නේ මොකෝ අවුල? අවුලක් නෑ යකෝ වරෙන් ඉක්මනට අපි ඔමියගේ වාහනේ නෙමේ ආවෙ.. ඌබර් එකක.. ආහ්.. එහෙමද හරි හරි මා එනවා කියලා ෆෝන් එක තිබ්බ ඌ විනාඩියකින් ඇවිත් වාඩිවුනා හරියටම මගෙයි ඔමියගෙයි මැද්දේන්. වෙන කිසිම දෙය කියන්න කලින් ශේන් කියපු වචන ටික හොදට මතකයි මට.

ඔමියගේ වාහෙනේත් නැතුව , උබලගේ බයිකුත් නැතුව මේ යන ගමනට ඌබර් එකක් දා ගත්තා කියනේ මට අනාගතය හොදටම පැහැදිලී දැන් නම්.. ඒ කියනේ අද මද්‍යම රාත්‍රියෙන් පසුව අපි තකිකර තලගොයි , කබරයො වගේ දෙපයින් නැගී සිටිය නොහැකි බඩගාගෙන යන සත්තු විශේෂයක් වෙනවා. 

ඉතින් කවි අයියේ මට අනාගතය පැහැදිල් වගේම ඔයාට ලොකු වගකීමක් තියෙනවා අපේ ඩෙඩ් බොඩි ටික පික් මී ඩිමෝ බට්ටා ලොරියකට හරි පටවන් එන එක ගැන.

ඒක ප්‍රශ්නයක් නෑ ශේන් මල්ලී.. මම ඉන්නවා නේ බා වෙන්න එපා!

හම්ම්මේ ඉතින් ආඩම්බරයි! ඔහොම කියලා පටන් ගත්ත කතාව ඉවර වුනේ සි සයිඩ් රෝඩ් එකෙන්. ඔමී නම් අවුරුද්දකින් විතර මේ පැත්තට ආවෙ! ඌ නිකන් පොඩ් එකෙක් ඩිස්නි ලන්තෙට ගිහින් දැම්මම බලන් ඉන්නවා වගේ පාර දිහා බලන් හිටියේ!

අපි ගිහින් ටේබල් ඇරේන්ක් කරනකම් දෙන්නේක් පයින්ම දෙහිවල ටවුම පැත්තට ගියේ මූහුදු හුලගට ඇග සීතල වෙන බව කියම්න් වගේම ඒකට හියෙන හොදම බෙහෙත අමු අමුවෙන් අලුතෙන්ම ගත්ත ඩන් හිල් සිගරට් පෙට්ටියක් සාක්කුවේ තීයා ගන්න එක බවත් කියමින්.

කොහොම හරි රෑ එකොලහ වෙනකොට ශෙහාන් මල්ලිගෙ ශර්ට් එක ලග තිබුන පතොක් පදුරෙ වනලා මිනිහා බඹරයක් වගේ වැල්ලේ නට නට හිටියා. මට මතකයි ඔමියා මට කියනවා බලාගෙන ශේන්ට කබරයාගෙන් කෝල් එන්න ඉඩ තියෙනවා ඒ නිසා ඩිස්ප්ලේ එක දිහාම බලාගෙන එලට් එකේ ඉන්න කියලා. කොහොම් හරි රැම්බාට බත් කටවල් දෙක තුනක් කවන ගමන් ශේන්ටත් රයිස් ටිකක් එබුවේ හිබඩ විස්කි මනස වගේම බඩත් අවුස්සන බව දන නිසා. රැම්බෝ කීප වතාවක්ම මැසිවිලි නැගුවේ මම උට හරි හැටි බයිට් නොකැවූ බව කියමින්. උට කොච්ච්‍ර කැව්ව්වත් ඌ කියන්නේ අඩේ මට උබ ‍රයිස් ටිකක් කැව්වේ නෑ කියලා. ශේන්ගේ නුවර එලියේ කෙල ගහන්න ඕන කියනවා වගේ චේන් එකක් රැම්බොට සෙට් වෙලා කියලා හිතාගන්න මට මහ වෙලාවෙඅක් ගියේ නැහැ. මම ඉතින් ඌව නලව නලව හැන්දෙන් බත් ටික කටට එබුවේ අපරිමිත් ආදරයෙන්.



හොදම දේ කියන්නේ ශේන්ට කබරයා කෝල් ක්කරනකන් බලන් හිටපු ඔමී ශේනට හොරෙන්ම වැල්ල අයිනේ උණ බට වැටක් අලාගෙන කබරය සමග සුහද පිලිසදරක යෙදී සිටින බවයි. ඒක මම හිතන්නේ උගේ සංකේතයක් බවට පත් වෙලා තිබුනා. මොකද නුවර එලියේ ඇරෙන්න අනිති හැම පාරම ඔමියා හොරෙන්ම් කබරයා සමග කතා බහ කරන විදිහ මම මගේ දෑසින්ම දැකලා තිබුනා. කබර භාශාවේ හැම වචනයක් අස්සේම එන්නේ විස්කි සුවද නැත්නම් සොඩා කලවම් වුනු රයි වල සුවද.. ඊටත් වඩා ඒ භාශාවේ තිබ්නු ශබ්දය හරිම මිහිරි එකක් බව කබරයා සමග පිලිසදරේ යෙදෙන එකා වගේම ඌ ලගට වෙලා පිටට තට්ටු කරන කුක්කා සහ මටත් තේරුනා.. ඕවෑක්ක්,,ඌඋර්ග්..ආහ්..හුස් හුස්..හෝඕක් වගේ වචන ඒ භාශාවේ ගැබ් වෙලා තිබුනා.

කවුරුත් නොකිව්වට තවත් කෙනෙක්ගේ ඇනිවසරියක් එදාට යෙදිලා තිබුනා.. ඒ ඇනවසරිය ගැන දන්නේ ඔමියයි මායි විතරයි. මම හිතන්නේ ගැන හිත හිතම කබරයා සමග වතගොත ආ ගිය තොරතුරු විමසන අතර තුර.. ඌ කියනවා ඇහුනා.. කමෝන් මූව් ඔන්.. ලෙට්ස් මූව් ඔන් කියලා... ඒක ප්‍රබලයි බන් ඔමී..


කොහොම නමුත් ඔමියා කබර සන්නිවේදනයේ දක්ශයෙක් බව දැනන් හිටියට ඌ අති දක්ශයෙක් බව දැන ගත්තේ දෙහිවල දිහාට පාන්දර ඇවිදන් එන අතරවාරයේ. මොකද කානුවක සිටින කබරයෙක් දකින් හැම මොහොතකම ඔමීට ඌට හායි කියන්න උවමනාවක් තිබුනා කියලා මට පිටි පස්සෙන් ඇහෙන සංවාදෙයෙන් මට තේරුම් ගියත් මම කබර භාශව ගැන එච්චර උනන්දුවක් දැක්වුවේ නැත්තේ වයි කරපු බඹරයක් වගේ ඉන්න ශේන් මල්ලිගේ කරට අතදාගෙන ආපු නිසා.

ගිහාන් මල්ලි නම් මට තේරුනේ ප්‍රේම ලෝකයේ අතරමං වෙලා ඉන්න විදිහක් තමා ! ඌට මේවා ගැන වගේ වගක් නෑ. සැරින් සැරේට විසිල් එක වදින ෆෝන් එක බලලා රිප්ලයි කරලා හිත හෑල්ලු කර ගත්තා මිසක්.

කොහොම හරි ආයෙත් ඌබර් දෙකක් දාගෙන කුක්කාගේ ගෙදරට ආපු අපි ජුලි 18 වෙනිදට යෙදුනු ඔමියගේ හෙලු කුට්ටන් දිනය පොඩියට කේක් එකක් කපලා සමරලා නිල වශයෙන් රැම්බෝ නොබැදපු උන්ගේ සංගම‍යේ සාමාජිකත්වය අහොසි කරන බවට සංකේතවත් කරමින් පොඩි තෑග්ගක් දුන්නා. ඒ වගේම ඔම්යව කුක්කා හිස් අතින් යැව්වේ නෑ..
නිතරබහින උගේ ෆෝන් බැට්‍රිය චාජ්  කර ගන්න පවර් බෑන්ක් එකකුත් දීලම තමා යැව්වේ.



සුපුරුදු පරිදි අවසානානයේ පුරුද්ද්ක් විදිහට චාටර් වුනු ශේන් මල්ලි.. රැම්බොගේ කසාද ජීවිතයට කුසල්ගේ මල්ලිට සුභ පතලා ඔමියගේ උපන් දිනය වෙනුවෙන් රැම්බොට හැපි බර්ත් ඩේ කිව්වේ..තමන්ට වැදී නොමැති බව කියමින්.




කෝහොම හරි ශේන්වත් බයි එකේ පටෝගෙන පාන්දර තුනට විතර උට හෙල්මට්නැතුව බොරළැස්ගමුව වැව උඩින් එනකොට කොලපාට ඇදුමක් දැකලා ඌ වගේඅ මාත් රත් වුනා. ශේන් කිව්වා අයියේ මම මෙතනින් බැහැලා පොලිස් ඩබල පහු වෙනකම් පයින් එන්නම් කියලා.

ඌවත් දාලා ශේප් එකේ උන් ඩබල පෞ කරකොට මම දැක්කේ කොල්ලෝ දෙන්නෙක් සුදු පාට බයික් එකක වාඩි වෙලා පාන්දර තුන විතර මාලු බාන සීන් එකක්. ඒ නිසා මටම හිනා වෙලා උන්ටත් සීන් එක කිව්ව මම අපහු ගිහින් ශේනව දාගෙන ඌව වෙරහැර පන්සල ගාවිනම් බස්සලා එන්න ආවා ..
  
......................................................

ඒ වෙලාවෙම මේ දුප්පත් ලංකාවේ එහා කෙලවරක තවත් කොල්ලෙක් මුණ දුන්න දෙයක් මම මෙහෙම ලියනවා..

මම වගේම තව එකෙක් තව කොහේ හරි මේ පාන්දර මොනවා හිතනවා ඇතිද? කියලා හිත හිත බයික් එක පදින ගමන් ෆෝන් එක බැලුවම දැක්කේ සිහින අල්ලන උපකරණයේ අයිතිකරු තාම අවදියෙන් බව.. කෙට් වීඩොයවක් ඇමතුවම..මේ වගේ වචන් ටිකක් මට  මට හැරෙන තැපෑලෙන් ඇවිත් තිබුනා..

බයික් එකක් පදින ගමන් ෆෝන් එක ඔබන්න හොදයිද මුලින් පරිස්සමෙන් ගෙදර යන්න ..ඊට පස්සේ කියන්න..කියලා තමා ඒකෙ තිබුනේ..

මම ටික වෙලාවක් කල්පනා කලා හැමදේම ගැන බෝකුන්දර ඇල ගාව බයික් එක නවත්වලා.. ඊයේ දවසෙ මම කොතනද හිටියේ අද මම කොතනද ඉන්නේ එ වෙනකොට කියලා..

පොඩි වෙනසයි ..ඊයේ ඇදේ අද බයික් එකේ..හැබැයි හීන ගොඩක් එක්ක ඒ විදිහටම.... සරලයි. 

ටටා...

.කවී.


2 comments:

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්!

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්! මාර්තු 5 වෙනිදා!  වෙලාවට මිනිස්සු හිතනවා ඇති මම පිස්සෙක් කියලා, ම්ම් දැන් වචන වලින් මිනිස්සුන්ව සෑහෙන්න තේරුම් අරග...