Monday, April 26, 2021

නොදැක ඉදීම හා ආදරේ අඩු වීම

 අසීරුම මොනවා කරන්නද 

ආදරේ කරන ආදරේ පවසපු ඒත් ආදරේ කරන්න අයිතියක් නැති  මනුස්සයෙක්ට තුරුල් වෙලා ඉන්න එක. පිරිච්ච කම්මුල් දෙක අල්ලලා තදට මිරිකනන්න හිතෙන අවස්තාවක අමාරුවෙන් ඉවසගෙන ඉන්න එක අමාරුයි කියලා හිතෙනවාද?

කාලෙකට කලින් උඹ ආදරේ කරපු ඒත් දැන් වෙනම ජීවිත ගෙනියන එකෙක් ඉස්සරහ වාඩි වෙලා ඌත් එක්ක ඌට ආදරේ කරපු හැටි බෙදා ගන්න පුලුවන් නම් එතන තියෙන්නේ ඇත්තටම යාළුකමට එහා ගිය සහෝදර කමකට ඉතාමත් ලං වුනු ඒත් ප්‍රේමය කියන වචනය හරි මැද නතරවුනු මොහොතක්!

උඹ මගේ නොවුනට, මට උඹේ වෙන්න ඕන සහ නෑ එක්කෝ ඕන නෑ වගේ හැඟීමක් බෙදා හදාගන්න තරම් හැමෝම එඩිතර නෑ.

ඒ නිසා මොන දේ වුනත් මම ආදරයක් දැනුනු වෙලාවකට ප්‍රකාශ නොකර ඉන්නේ නෑ, මට ආදරේ හිතුන ..ඒ නිසා මම ආදරෙයි කිව්වා.. සරලයි!

ඒත් උඹ හිතට අවංකයිද?  හිතට අවංක නිසා තමා එහෙම දැනුනු ආදරේ ප්‍රකාශ කරන්නේ නැත්නම් දන්නේ නෑ වගේ ඉන්න තිබුන මටත්.. ඒත් රෑට නින්ද යන්නේ නෑ ඇත්ත හිතේ කොනක තියාගෙන හිටියම.

උඹ දැකලා තියෙනවද පිරිමියෙක් තවත් ගැහැනු කෙනෙක්ට අමුතු විදිහට වචන පිට කරන හැටි. ව්‍යංග්‍යර්ථව ලිංගිකත්වය ගාවගෙන විහිළු කරන හැටි. ඒක මම කියන්නේ නරි මිදි ඇඹුල් කියන එක හා සමානයි කියලා. තමන්ට තමන්ගේ හිතේ තියෙන අදහස කෙලින් කියා ගන්න බැරි පිරිමියාහේ කොන්ද සම්බන්දව ලොකු ප්‍රශ්නයක් පැන නගිනව

....................

හදිස්සියේම ශේන් කතා කරනවා!

අයියේ වට්සැප් වරෙම්! පොඩ් දෙයක් තියෙනවා කියන්න. 

ඉදහම් මම එන්නම්..වයිෆයිඔන් වෙන  ගමන්..

ඒහ් කියපන් මොකෝ සීන් එක ශේන් මල්ලී..

කවි අයියේ උඹ දන්නවද අපිට කිසිම කෙනෙක් ඇත්තටම දිගටම ආදරේ කරන්නේ නෑ! අපි පෙන්න ඉන්න කන් දකින්න ඉන්නකන් විතරයි ආදරේ කරන්නේ. අපි නැති වුනු දවසෙ ඉලඟ තත්පරේ ඉදන් උන් උන්ගේ ලෝක වල තනි වෙනවා!

වැලපෙන්නේ නැතුව කියපන් මොකද වුනේ කියලා ශේන්!

නෑ බන් කවි අයියේ මම අර ක්ලාස් එකෙන් අයින් වෙලා දැන් මාස හයක් විතර වෙනවා. උඹට මතකද මට නැතුවම බැරි වෙලා හිටිය අර කෙල්ලව.

ඔව් මතකයි. අර ක්ලාස් එකේ ටියුට් රූම් එකෙන් පටන් ගත්ත ආදරේ නේ උඹේ!

ඔව් අයියේ ! දැන් මට ඒ කෙල්ලව කොච්චර මතක් වුනත් වැඩක් නෑ. ඒ කෙල්ලට මාව ටික ටික අමතක වෙනවා වගේ! ඉස්සර වීඩියෝ කෝල් එකක්, ලස්සන ඇදුමක් ඇදපු ෆොටෝ එකක් එවන්න අමතක කරන්නේ නෑ..ගෙදර හැමෝටම හොරෙන් කාමරේට ඇවිලා ඇදම් ඉන්න ඇදුමයි මූනයි හරි පෙන්නනවා!

ඇත්තමයි කවි අයියේ එතන මහ ගොඩක් ආදරේ තිබුනා. තුරුල් වෙලා හිටපු විනාඩි ගානේ උණුසුම තාම මට දැනෙනවා වගේ. ඒ රෝස පාට දිලිසෙන තොල් වල රස තාම මට දැනෙනවා වගේ! මම කෑදර වෙලා අයියේ ඒ තොල් වලට පවා. ඊටත් වැඩියෙන් මට තුරුල් වෙලා ඉන්නකොට උඩ බොත්තම් දෙක තුනක් ඇරිලා පේන්න තියෙන රත්තරන් පාට බෙල්ලයි ඒ පපුවයි මතක් වෙන පාරක් ගානේ මම මැරි මැරී උපදිනව් අයියේ!

උඹට තියෙනේ ශේන් මල්ලී අසහනය කියන රෝගයේ අන්තිම ගැට්ටේ රෝග ලක්ශන.

මම දන්නවා අයියේ ඒත් ඒ ගිනි ගත්ත හැඟීම වලට වතුර වගේ සහනයක් දෙන්නේ ඒ කෙල්ල විතරමයි අයියේ. දැන් අහම්බෙන් ගියත් කලින් වගේ මට ටියුට් රූම් එක පැත්තෙ ආවොත් කිස් එකක් දෙනවා කියලා මැසේජ් එන්නේ නෑ. මම හිතන්නේ දැන් ඒ කෙල්ල මට පොඩ්ඩක්වත් ආදරේ නැතුව ඇති..ඒකනේ මට වීඩියෝ කෝල් එකක් ගන්නවත් වෙලාවක් නැත්තේ!



මට උඹගෙ කතාවා අනූව තව කාගෙවත් ජීවිතයක් ගැන අඅර්තකථනයන් දෙන්න බෑ ශේන්. හැබැයි මම දෙයක් දන්නවා තාම ඒ කෙල්ලගේ හිතේ උඹ ගැන දශමෙක හරි ආදරයක් ඇති! උඹව එක පාරක් තුරුල් කරගෙන උබේ උණුසුම විදින්නාඅස ඇති..ඒත් නොකිව්වට සමහර විට උඹ වඩා තව හොද කෙනෙක් උඹගෙ තැනට දාලත් ඇති.

ඒ මොනා වුනත් කමක් නෑ ශේන් ඒ කෙල්ල ආගමේ නම් ක්‍රිස්මස් කේක් වගේම කෙල්ල මුස්ලිම් නම් වටලප්පන් ඉල්ලගන්න අමතක කරන්න එප. එවයිනුත් ආදරේ තීරණය වෙනවා!

එහෙනම් ආයෙ හම්බවෙමු 

ටටා 👋 

කවී.

Sunday, April 25, 2021

ආදරේට මෙහායින් යාළුකමකට එහායින්!

 



කවුරු හරි දවසක කිව්වා මතකයි

ආස මම හීන මත්තේ ඇවිද යන්නයි

ආදරේ දැනුනු තැනුත් එමටයි

ලියු කවි ඉතින් බොහොමයි


ලියැවුනේ ඒ කවි නුඹට විතරයි

නොබලනා සේ බැලුවෙ නෙත්මයි

බැලු විගස නොදුටු විලසයි

නොහැඟෙනා සේ හිටියෙ දුකටයි...


වේදනාවක් නෑ නොදී ආදරේ ගන්නයි

සිත කියන්නේ  උඹ ලඟට ගන්නයි

වත පුරා හාදු වැසි වස්සවන්නයි

කල් ගියේ මේ පද ගලප ගන්නයි..

හිත කැඩුනෙ මගෙ ඇස් ඉදිරියේමයි,

දැන ගන්න ලැබුනෙ මෙහෙමයි

වෙන හිතක් උඹට ආදරේ කීමයි

 ඒ වෙලා දැන් මාසයක් විතරයි. 


කල් ගෙවී අවුරුදු අටක් ඉවරයි,

නොදැක අවුරුදු තුනක් ගෙවුනයි

ඒ අටට නැවතිච්ච හිත් ගාන පුදුමයි

හයට වැඩි නැති පහට අඩුමයි..

සොයන් ආවත් අත් හලේ උඹමයි..

ආදරේ ලඟදි උඹ තවම අන්ධයි..


සති අගක දැක ගන්න ලැබුනයි

ලැබුනු තත්පර කල්පයක් සිතුනයි

වර්තමානය ජේදයක් ගානයි

ලිහා ගත් වචන අතීතය අතුරයි

එදා මෙන් ආදරේ තාම වපුරයි

හැඟිමක් බෙදාගෙන සිනහ වීමයි

යාලු කමකට එහා

ප්‍රේමයට මෙහා

අපූරුම තැනක හමු වීමයී !


.කවී.














Sunday, April 4, 2021

බබා 2 , බබා 3 සහ ඔරායන්

 නවත්වපු තැනකින් පටන් ගන්න හදන්නේ ජීවිතේම. සමහර මොහොතවල් ගැන පොඩි පසු තැවීමක් දැනුනත් මිනිස්සු දිහා බලලා ඉගෙන ගන්න ඉගෙන ගත්තේ හුඟ කාලෙකට කලින්. 

මිනිස්සුන්න්ගේ හදවත් වල එබිලා බලන්න තිබුනා නම් කියලා හිතුන වාර අනන්තයි අප්‍රමාණයි. 

උදේම නැගිටලා හත වෙනකොට බයික් එක අරගෙන වැඩට යන්නේ ප්‍රශ්න සේරම අමතක කරලා. එතකොට පෞද්ගලික ජීවිතෙන් තව ටික වෙලාවක් විකුණලා අපි සතුටෙන් ඉන්න බව පෙන්වනවා. බයික් එක ස්කූටර් එකකට මාරු වුනු නිසා පොඩි පොඩි වලවලුත් දැනෙනවා වැඩී.

මිනිස්සුන්ට හොදම කාල එන්නේ එක එක විදිහට! සමහර මිනිස්සුන්ට එන්නේම නෑ! ආවත් අහක බලන් යනවා, ඊට පස්සේ මිනිස්සු හොයන්නේම මහන්සි නොවී හම්බ කරගන්න විදිහක්!

එක තැනක් එනවා හැමෝටම හිතන්නැති විදිහට තීරන ගන්න වෙන. බල කරන්න වෙනවා අපේ හිතට.

සමහර තැන් වලින් දුරස් වෙන්න වෙනවා හිතේ කොහෙ හරි දුකක් තියාගෙන  සමහර මුහුණු ජීවිතේ ඇති තාක් කල් ඒත් අර හැමදාම කියනවා වගේ සමහර දේවල් අපේ ජීවිත වලට පරක්කු වෙලා ලැබෙනවා වගේ අවස්තා නැතුව නෙමේ.

ශේන් කොහේ හරි තැනක නැවතිලා ඉන්න බව කියන්න මම දන්නවා වුනාට නැවතිලා ඉන්න තැන හරියටම කියන්න මට බැහැ .

ගැලරියේ නැති ලස්සන මුණු වල ජායාරූප ක්ලවුඩ් ඩ්‍රයිව් එකක බැකප් වෙලා තියෙන බව පේනවා. අලුතින් ගත්ත ඇදුමක ෆොටෝ එකත් ඒ ඇදුම ඇදලා ඉන්න තවත් ෆොටෝ එකක් වගේ දේවල් බොහෝමයක් තියෙවා.

ශේන්ගේ කන්‍ටැක් ලිස්ට් එකට ගියාම බබා 2, බබා 3, බබා 4, කියලා තියෙනවා. යාලුවෙක් ලස්සනට හිටිය නම් ලස්සනයි කියලා හිතුන නම් ඒකෙ ෆොටෝ එකක් ඌ ගාව තියෙනවා. ඒත් බබා දෙක තුන කියන්නේ මොකක්ද කියලා ඇහුවම ඌගේ උත්තරය වුනේ. ඒ මම මගේ යාළුවන්ට ආදරය කරන පිළිවල සහ උන්ව ශ්‍රේනි ගත කරලා තියෙන විදිය. ඒකේ තියෙන්නේ අවරෝහණ සිස්ටම් එකක් කියලා තමයි ඌ කියන්නේ. ඒත් ඌ කියන විදිහට දවසක අයි ක්ලවුඩ් එකේ බැකප් වෙලා තියෙන සේරම දේවල් එකින් එකට බලලා අයින් කරන්න ඕන කියනවා.

ශේන් උඹට ඕනමනම් අන්න අර අහසෙ තියෙන ඔරායන් තාරක රටාව බිමට ගේන්න විදිහක් කල්පනා කරපන්. උඹ නුවරටයි මරදානටයි පින්සිද්ද වෙන්න පිපුන මලක් දිහා බලන් හූල්ලනෙ නැතුව.

මොනවා කරන්නද කවී අයියා...සමහර තැන් වලදි මම කිව්වා වගේ ABS බ්‍රේක් සිස්ටම් එක වැඩ කරන්න ගන්නවා. පොඩි දුකක් ඒ වෙලාවට එන්නේ නැතුව නෙමේ. ආදරේ කරන අය එක්ක බෙදා ගන්න කිව්වම හරි මම ආදරේ කරන අයට යවන්නම් කියලා මටත් ආවහම. මුකුත්ම කියා ගන්න බැරි වෙනවා මිසක්.



හරි ශේන් උඹ ඔරායන්ව මරන්න යන්න එපා. ඒක ඔරායන්ටට කරන්න දීපන්. ඒක උගේ ජොබ් එක.

මොකක්ද කවි අයියා උගේ ජොබ් එක.?

මහ වලසා පස්සේ  කාලාන්තරයක් එලවන එක. ඒත් තාම ඌට ඒක කරගන්න බැහැ. 


.කවී 

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්!

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්! මාර්තු 5 වෙනිදා!  වෙලාවට මිනිස්සු හිතනවා ඇති මම පිස්සෙක් කියලා, ම්ම් දැන් වචන වලින් මිනිස්සුන්ව සෑහෙන්න තේරුම් අරග...