Sunday, February 21, 2021

බිල, ව්කන් කටු සහ සොයාගෙන යෑම

 හරිම කතා පටන් ගත්තේ හරිම තැන්වලදිද කියල ප්‍රශ්නයක් ඇති වෙන්න පුලුවන් ඒත් සමහර ජීවිතවලට මිනිස්සු එබිකම් කරන හැටි දැක්කමත් පුදුමයි.

එක තැනකදි එක යාළුවෙක් එක්ක බොහෝම කෙටියෙන් ජීවිතේ ගැන බෙදා ගන්නවා, ආදරේ දැනෙන විදිහ බෙදා ගන්නවා.නැත්නම් කතා කරලා කියනවා හිතා ගන්න බැරුව ඉන්නෙ නැවතීම ගැන කියලා.

අවුරුදු ගානක මගේ යාළුවා පොඩ්ඩි. ඌගෙන් මැසේජ් එකක් කියන්නේ ජරමරයක් තමා!

පුරුදු විදිහට මම අහන්නේ මොකක්ද ප්‍රශ්නේ කියලා නෙමේ ලොකු අවුලක් නෑ නේද කියලා 

එහා කෙලවරෙන් එන උත්තරේ නන් හරිම අමුතුයි.

නෑ කවී ඉවසීම නෑ ඒකයි ප්‍රශ්නේ!

කාටද?

අපි දෙන්නටම ඉවසීම නෑ!.

එහෙම වෙන්න හේතුව මොකක්ද  ?

හේතුවක් දන්නේ නෑ කවියෝ! ඒත් උඹ ලියන්න ඕන කතාවක් මට කියවලා අඩන්න පුළුවන් තරම් එකක්.



හරි මම ලියන්නම් පොරොන්දු වෙනවා! ඒත් මට කියපන් ඇයි උඹලා දෙන්නටම ඉවසීම නැති වෙන්න හේතුව.

හේතුව විදිහට කවී මම නම් හිතන්නේ අපි දෙන්නටම කේන්ති යන එක. එන කේන්තිය මත්තේ තමා අපේ තරහව පටන් ගන්නේ. ඒකයි මට තේරෙන්නේ නැත්තේ මම මේ ගත්ත තීරණය හරිද කියලා! නැත්නම් තව ඉස්සරහට යන්න කලින් නවතිනවද කියලා!

ඔය කියන කතාව ඇතුලේ උඹලා දෙන්නා කේන්තිය ඉවසිමක් නැතිකම දැක්කට මට අවිශ්වාසය , ඉර්ශ්‍යාව, භය, අස්වැසිල්ල කියන දේවල් වල ලාවට සුවදක් එනවා. සාමාන්‍ය නහයකට නොදැනෙන  ඒක ඉව! 

නීති මත්තේ නහිනවද, නිදහසේ ජීවත් වෙනවද කියන එක උඹට භාරයි පුතා. නැත්නම් උඹටත් පුලුවන් උඹේ පෙමවතා කියන චරිතයෙ ඉන්න අතරේ හොරෙන්ම තව ආදරය දෙන චරිතයකින් ටෙඩියෙක් තෑගි ගන්න. චොක්ලට් එක්කට පාවා දෙන්න ආදරේ. සමහර තැන්වල උඹ දැකලා ඇති  ඕන තරම් කොල්ලෝ මහන්සි වෙනවා ඌත් එක්ක ඉන්න කෙල්ලගේ අනාගතේ ලස්සන කරන්න , ලස්සනට ජීවත් වෙන්න, ඒක වෙනුවෙන් උන් කාලය කැප කරනවා, උන්ට අමතක වෙනවා චොක්ලට් එකක් ගෙනත් දෙන්න, ටෙඩියෙක් අරගෙන දෙන්න අන්තිමේ තෙතමනය ඇති වෙන්න හාදුවක් දී ගන්න. උන් ඒක ටික කාලයකට කැප කරනකොට තව එකෙක් ඇවිත් ටෙඩියෙක්, චොක්ලට් එකක් දීලා ආදරෙත් අරගෙන ගිහින් ඉවරයි. හැබැයි වෙනස උන් මස් කාලා කට්ට විසික් කරලා දානවා වගේ ලේසියෙන්ම උඹේ සාරවත් කම උණුසුම උරාගෙන උඹව අයිනකට තල්ලු කරලා දානවා!

ජීවිතේ කතාවල වැඩි වෙනසක් නෑ බන්.

යාළුවෝ කියන්නේම නරකම වෙලාවට කාත් කවුරුවත්ම නැතිවුනු වෙලාවට පවා උඹ වෙනුවෙන් ඉන්න එවුන්ට මිසක් තියෙන වෙලාවට පාටි දාන එවුන් නෙමේ. අන්න ඒ වගේ තමා මිනිස්සුන්ගේ ආදරෙත් හරිම අවස්ථාවාදී වෙලා තියෙන්නේ. 

දැන් සමහර විට උගේ හැඟීම මොකක්ද කියලා දන්නේ නෑ, ඒත් සමහර විට උඹේ නිදහස් හැසිරීම් රටාව දිරවගන්න අමාරු සහ ඒ හැසිරීම හින්දම උඹව නැති වෙයි කියලා බයක් ඇති වෙනවද කියන දේ හරියටම කියන්න බැහැ.

ඒ වගේම තමයි සමහර දේවල් තියෙනවා අපි කරපු කියපු දේවල් වලට අපිටම ඒ දේවල් අත් දකින්න වෙන අවස්ථා . ආදරේට කේ එෆ් සී එක්කන් ගියාට කලින් මම කිව්වා වගේ බැදපු ව්කන් වගේ තමා කාලා කට්ට විසික් කරලා දාලා එනවා. හොදට බලපන් ඒ කුණු කූඩෙ කොච්චර චිකන් කටු තීනවද කියලා.

මොනවා කර්න්නද බන්, බිල ගෙවලා එලියට එනවා ඇරෙන්න. සමහර දේවල් හොයන් යන්න ඕන, උඹ ගාවටම උඹව හොයන් ආපු එකාත් එක්ක.

එහෙනම් පරිස්සමෙන් ඉදහන්!

.ටටා..👋 

.කවී.








Wednesday, February 17, 2021

අග පිටුව, නිල් ගවුම, වයිල්ඩ් ඇපල්

 සමහර කතා වල ආරම්භයේදීම මම කරන්නේ පොතේ අග පිටුව පෙරෙලලා අවසන් ජේදය කියවලා කතාවේ මූල මැද අග මෙහෙම වෙන්න ඇති කියලා හිතලා ඊට පස්සේ කියවන එක.

අනුන්ගේ ජීවිත කතා පොත් එහෙම කියෙව්වට මට  මගේ ජීවිත කතා පොතේ අග පිටුව බලලා මැද කතාව හිතා ගන්න වුනේ නෑ.

..................................

ශේන් පන්ති කලමණාකරු ජොබ් එකෙන් ඉවත් වෙලා වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු අරින වහන කෙනා විදිහට පත් වීම ගන්න යන්නේ මගේ පත් වීම ගන්න මම අපේ සමාගමට බැදුනා වගේ දවසකමයි.

ශේන් හිනාවක් දාගෙන හවස ආවා අපේ ගෙදර උණු උණුවෙන් උළුදු වඩේ මල්ලකුත් අරගෙන. මල්ලේ අඩියෙ තිබුනෙ වයිල්ඩ් ඇපල්. පළතුරු යුෂ 😁

.................................

ජීවිතේ කියන්නෙම අමුතුම අමුතු තෝරා ගැනීමේ ඇප් වලින් පිරුණ ස්මාර්ට් ෆෝන් එකක් වගේ. බේසික් ෆෝන් එකක් භාවිතා කරනකොට අවශ්‍ය දේ විතරක් කරගෙන පැත්තකට උනාට දැන් එහෙම බැහැ. ඇබ්බැහි වෙලා ඉන්නේ. එක රෑක හිතනවා හෙට වයිෆයි ඩේටා ඉවර වුනොත් කොහොමද කියලා..ලෝකෙ ගිනි ගත්තත් ඒක තමා තියෙන ප්‍රශ්නය.

--------------------------------

ශේන් කවුරු වගේ වෙන්න පුලුවන්ද කියලා කවුරු හරි හිතුවොත් ඒකට උත්තරයක් දෙන හැටි හිතන වෙලාවක උගේ පරණ ඩයිරියට එබිකම් කලා.

දකින කොටත් ආදරේ හිතෙන තරම් මුහුණුවල අයිතිකාරියො මගේ ජීවිතේට ඇවිල්ලා තිබුනේම කිහිප දෙනෙක් විතරයි. ඒ අයගෙන් බොහෝ දෙනෙක්ට මම මගේ අදහස් සහ හැඟීම් බෙදා ගත්තේ ඇදට ගැනීමේ බලාපොරොත්තුවක් නැතුව!  මට බොරුවෙන් ජීවත් වෙන්න බැරි නිසා. අත කකුල බෙල්ල තොල් කොන්ඩෙ ලස්සනයි නම් ලස්සනයි කියන්නේ ඒ නිසා.

ඒත් සමහර වෙලාවට ඒ ආදරේ දැකපු තැන්වලදි ප්‍රමාදය ගැන මෙන්ම ඉක්මන් විම ගැන  ගොඩක් ලොකුවට කලකිරීම ඇති වුනේ නැතුව නෙමේ.

සමහර තීරණ අරගෙන හුඟක් කාලයක් ගත වුනාම තමයි හොදම දේවල් මිනිස්සුන්ට ලැබෙන්නේ.

සමහර තැන්වලදි මම සමහර ලස්සන ජීවිත වල අයිතිකාරියන්ට හොද යාලුවෙක් ඒත් මට දැනෙන හැඟීන යාළුවෙක්ට එහා ගිය දෙයක්, මම විශ්වාස කරන්නේ ඒ එන හැඟීම බෙදාගෙන ඒත් යාළුවෝ කියන සීමාවේ හැසිරුනාම දැනෙන වේදනාව අවම වෙනවා කියන එක.

උඹ දන්නේ නැති වුනාට සමහර හීන වල සති අන්තයේ පන්තියේ  කවුරුත් නැති වෙලාවට මට තුරුල් කරගෙන ඉන්න විදිහ ගැන මම කියන්න හිටියත් ඒ අර කියන සීමාව ගාව හිටගෙන බලලා ආපහු හැරිලා යන්න වුනා හීනෙන්ම දකිනකොටත් දුකයි.

හැම දේකටම වඩා නුවර එළියෙ රන්බොඩ ස්ටේට් එකේ තනිවෙච්ච ජීවිතයක මතක සලකුනු උඹෙ මූනෙන්  දකිනකොට මම කටුසු කොන්ද කන්ද උඩින් වැටෙනවා වගේ අසරණ හැඟීමක් එන්නෙ. උඹ වෙන කාගෙවත් වෙන්න කලියෙන් නිල්පාට ගවුම ඇදගෙන ආපු දවසක වල ගැහෙන කම්මුල උඩට ලොකුම ලොකු හාදුවක් දී ගන්න තිබුන නම් කියලා හිතෙනකොට ආයෙත් අර වැටුනු කන්දේ තාමත් වැටෙන ගමන් ඉන්නෙ කියලා හිතෙනවා.

ආදරේ ඇති වෙන වෙලාව නැති වෙන වෙලාව ගැන අවබෝධයක්ම නැති වෙලා තියෙන්නේ. අපි හෙන ආත්මාර්ථ කාමී මිනිස්සු වෙලා තියෙන්නේ කියලා හිතෙනවා ඒ වගේම අවස්තාවාදීන් කියලත් හිතෙනවා. එක හිතක් තියාගෙන දෙන්නෙක්ට ආදරේ බෙදන්නේ කොහොමද කියලා තරක කරන ගමන් අහිමි උඹව මගේ ඔඩොක්කුවේ වාඩි කරගෙන ඉන වටේ අත දාගෙන තදට තුරුල් කරගෙන , කඩා දාපු කොන්ඩේ තියෙන් උර්හිස්ඩට මගේ නිකට තියාගෙන උඹේ හිත ගැහෙන හැටි අහන් ඉන්න හීන දකිනවා.





වයින් බෝතල් දෙකකටවත් බෑ ඒ වගේ හැඟීමක් දෙන්න.

සෙරටම වඩා ආයෙත් ඒඇස් දෙක දකින්න නොලැබෙයිද කියලා කල්පනා කරේ ඒ වගේ දේවල් මගේ ජිවිතේට සාමාන්‍ය දේවල් නිසා . " ආදරේ දැනුනු , ආදරේ දුන්නු ජිවිත ඉක්මනට මගෙන් ඈත් වෙන බව"  පොඩි කාලෙ ඉදන්ම් දැනගෙන හිටිය නිසා හිත අමුවෙන් හීරිලා යන්ව වගේ හැඟීමට එහායින් කිසි දෙයක් ආවේ නෑ.

............................................

ශේන් ගේ සිතීම ගැන හිතනකොට මට පුදුමයි කොහොමද මූ මෙහෙම ජීවත් වෙන්නේ කියලා. ගුටි නොකා බේරිලා!

මොනා වුනත් සැනසිල්ලේ ඉදපන් ශේන් මල්ලි..සමහර හීන හීන විදිහටම තියගනින්..උඹ හිතන විදිහට උඹ ආදරේ කරන මිනිස්සු හිතන්නේ නෑ. සමහර වෙලාවට උඹට ආදරේ කරන්නෙත් නෑ..

ටටා..

කවී..



Wednesday, February 3, 2021

විදේශිය හා ස්වදේශික පර්වථ

 මිනිස්සුන්ට ඕන තමන්ව හදා ගන්නවට වඩා අනිත් එවුන්ව හදන්න. 

සමහර කතා තියෙනවා හරිම පුදුම විදිහට පටන් ගන්න ඒවා සහ එතනින් එහාට සිතන්නත් යමක් ඉතුරු කර ඇති කතා. 

මිනිස්සුන්ගෙ මූනට විතරක් නෙමේ ඇස් වලට කතා බහට හැසිරීමට ආදරේ කරලා බලපන් ඒක තනිකර මත් ද්‍රව්‍ය වගේ තමා. ඇබ්බැහි වෙනවා ඒ තරමට.

වනචාරි කියන සිතුවිල්ලෙන් ආදරේ වෙන් කර ගන්න ඕන නම් ඒ කියපු දේ කරන්න වෙනවා..

එක තැනක එක සින්දුවක තියෙනවා.. " දණහිසෙන් උඩ අඟලක් දැක්කත් සිල් බිඳගෙන" කියලා.

ඒකෙ ඇත්තක් නැතුවමත් නෙමේ! ඒත් පුදුම දේ කියන්නේ  විදේශීක කාන්තාවක් කොටම කොට ඩෙනිම් කලිසමක් ගහන් පාරෙ ඇවිදගෙන ගියාට කොල්ලොන්ගෙ හැඟිම් ඇවිස්සෙන තත්වය ඉතාම අඩු මට්ටමක තිබීම.

උදා හරනයක් විදිහට ගෝල් ෆේස් එක ගාව ඉන්න අගල් දෙකහමාරක තුනක  ඩෙනිම් ශෝටක් ගහපු සුද්දියෙක් දැක්කම් කොල්ලෙක් තමන්ගෙ ලඟ ඉන්න යාලුවට ශේප් එකේ ඇනලා කියන්නේ නෑ ශේප් එකේ බලපන් අර පර්වථය දිහා කියලා. හැබැයි ස්වදේශික කෙල්ලෙක් අඩි එකහ මාරක දෙකක ගවුමක් ඇදන් හිටියොත් අනේ වාසනාවන්! එහා පැත්තේ ඉන්න යාලුවට වැලමිටෙන් ඇන්නා හෝ නැතා  හෝ ඇහැ ලාවට කරවල බලනවා.

සමහර විට විදේශිය හමකට වඩා ඔලිව් පාට ස්වදේශික හම ආකර්ශනීය ඇති. යම් මට්ටමකට. 

වැඩි හිටි කාන්තාවන්ට අනුව නම් විලි බිය නැති වුන් කියලා කැටගරි කලාට. එහෙම ඇන්දාම කෙල්ලෙක්ට හොද නෑ කිව්වට..පිරිමි ඇවිස්සෙනවා කිව්වට. බොහොම අතලොස්සක් විතරයි ඔය කියනා කකුල් ලිංගික අවයවයක් විදිහට දකින්නේ. අනිත් එවුන්ට ඒ නිකන්ම කකුල් දෙකක් විතරයි. තට්ටමෙන් භාගයක් එලියෙ නැත්නම් අවුලක් නෑ නේ.



සමහර වෙලාවට මිනිස්සු නැතුවම නොවේ ඔය කියන කකුල පෙන්නලා මාකට් කරන, ලොක්කගෙන්  ශේප් එකක් ගන්න බලන, අනිත් කෙල්ලට වඩා ටිකක් හරි තමන්ගේ කකුල පෙන්නලා චුට්ටක් කැපී පේන්න බලන.

ඒ නිසාම වෙන්නැති සමහරු ඇදන් ඉන්න ගවුමත් ඉනෙන් වට තුන හතරක් රෝල් කරලා උඩින් බල්වුස් එක දාගෙන කකුලෙ එක මට්ටමක් වෙනකන් ප්‍රදර්ශනය වෙනවද කියල සහතික කරගෙන් රාජකාරි පටන් ගන්නේ. ඇයි ?  තමන්ට වඩා කෙනෙක් කැපිල පේනවට සමහරු කැමති නෑ.  මූණ කැත තැන කකුල හරි පෙන්වා ශේප් වෙමි කියලා බොස් ගාවටම රිංගා කේලම් කීමෙන් සහ තවත් තමා වැනිම කෙනෙක් පිරිසක් අතර ගිහින් තවත් කෙනෙක් පහත් කරමින් කතා කරන එක වෙනමම අත්දකීමක් වෙන තරමට ලෝකෙ දියුනු වෙලා.  

ශේන් කියනවා වගේ.. සමහර ඇදුම් වලින් යම් තාක් දුරකට මිනිස්සුන්ගේ ආදායම මනින්න පුළුවන් වුනාට මිනිස්සුගේ චරිතය හැදියාව මනින්න බෑ.

මූන විතරක් එලියට පේන්න අදින කෙනා වුනත් කොලිටීස් කියන දේ නැත්නම් වැඩක් නෑ..

ටිම්රාන්ගේ පොඩ්ඩියේ  ගීතයේ අවසන් භාගයෙර් පද ටිකක්..

මත් වුනු ඹඹරු ඉටි මල් පොකුරෙත් වැහුවා"

රත් වුනු යකඩ ලෝ කුරු ගෑනුත් තැලුවා..

ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නේ මොනවා..

"පත්තිනි සළු වලත් ඇත් තුත්තිරි තිබුනා"


ආසෆ් අවිඩාන්ගේ (Asaf Avidan) බේබි වන්ඩේ (one day - baby) ගීතයෙ වීඩියෝව නරඹන්න තරම් අපේ මිනිස්සු දියුණුවෙලා නෑ!


ටටා..

කවී..





ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්!

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්! මාර්තු 5 වෙනිදා!  වෙලාවට මිනිස්සු හිතනවා ඇති මම පිස්සෙක් කියලා, ම්ම් දැන් වචන වලින් මිනිස්සුන්ව සෑහෙන්න තේරුම් අරග...