ශේන්ගේ ඩයිරියක පිටු කිහිපයක්!
හොදටම හෙම්බත් වෙලා ඉන්නකොට තව කෙනෙක්ගේ අසාවක් ඉශ්ට කරන්න හිත රිද්දන්න බැරි කමට තව කාගෙවත් වෙලා ඉන්න වෙලාවක, හිතට දැනුනු මිනිස්සු අමතක වෙන්න දෙන්නේ නැතිව ඉන්න හුස්ම ගන්න එක නුඹට පුදුමයක් නොවෙන්න පුලුවන්!
මිනිස්සු ඇත්තටම තවත් මනුස්සයෙක්ට ඇත්තටම ආදරේ කලේ නැත්නම්, සමහර තැන්වලදි මම අහගත්ත වචන අහගන්නෙ නැතුව ඉන්න තිබුනා! එත් මොනවා කරන්නද මම අමුතුම මනුස්සයෙක්, මම ආදරය කරන මනුස්සයෙක් වෙනුවෙන් මගේ ජිවිතයම අමතක කරන එකෙක්, මගෙ ගෞරවය , මගේ ප්රතිපත්ති එහෙම් පිටින්ම අමතකක කරලා දාලා අවූරුදු ගානකට පස්සේ නින්දා විදින්න වෙයි කියලා දැන දැනම මිනිස්සුවෙනුවෙන් හිටපු එකෙක්.
ඇත්තටම එක තැනකදි ඒ හැමෝම වැරදි නෑ, එයාලා බාරගන්නේ එයාලා විශ්වාස කරන දේ විතරමයි! මම කලේ මගේ විශ්වාසය නැතිවුණත් කමක් නෑ මම ආදරය කරන මිනිස්සු සතුට්න් ජීවත් වෙන්න ඕන කියන සිතුවිල්ල නිසා මාව උගස් කරලා මාවම බිල්ලට තියපු එක.
මම ආදරය කරපු මිනිස්සුන්ගේ වචන වලොන් කියනවා නම් මම..
පහත් අදහස් තියෙන මනුස්සයෙක්!
මගේ පහත් ආසාවල් තවත් කෙනෙක්ගෙන් සපුරගන්න හදපු එකෙක්!
පවුල් කඩන එකෙක්!
මිනිස්සුන්ගේ බෙලි ගාවින්ම කපලා දාන පහත් මිනිහෙක්!
මේ නිර්වචන මට නම් අහගන්න ලැබුනෙ මම ගොඩක් ආදරේ කරපු මනුස්සයෙක්ගෙන්ම තමයි. අඩන්න ඕන තැන්වලදි හිනා වෙලා ඉන්න තරමට මම පරිපූර්ණයි.
ඇත්තටම දැන් මේ ඉන්නේ මමද? නැත්නම් උඹ විසින් කඩලා බිඳලා දැමූ පසු අපහසුවෙන් ගොඩ නගාගත් ශේන්ද? සමහර විට මේ ඉන්නේ ඒ බාගෙට මැරුණු මනුස්සයා වෙන්නත පුලුවන්..
මම මෑතකදී හරිම අපුරු වචන ටිකක් හරි අපුරූ මනුස්සයෙක්ගෙන් අහගන්නවා!
අයියේ ඔයා නම් කිසිම දෙයක බරක් පතලක් හිතන්නේ නැති කෙනෙක් හරියට වගකීම් විරහිත මනුස්සයෙක් හැසිරෙනවා වගේ හැසිරෙනවා වෙලාවකට, සමහර දේවල් ගානක ගන්නේම නෑ! ඔයිය වඩා ටිකක් සීරියස් වෙලා ඔයා බෙහෙත් ටිකක් ගන්න නැත්නම් කැන්සර වලට වුනත් එන්න පුලුවන්!
මට ඒකට මොනවා හරි පණ්ඩිත වචනයක් කියන්න ඕන වුනත් එහෙම කරන්න බැරි වුනා.. හේතුව ඒක මට හිතුන විදිහට හිත පතුලෙන්ම ආපු දෙයක් වගේ දැනුනු නිසා වෙන්න ඇති.
සමහර වෙලාවට ජීවිතේට හිතන්නෙත් නැති මිනිස්සු අපිට ආදරේ කරන්න ගන්න පුළුවන් ,කිසිම විදිහකින් හිතාගන්න බැරි මිනිස්සු, ප්රතික්ශේප කරන්න හිතෙන ඒත් ප්රතික්ශේප කරන්න බැරි මිනිස්සු! රැවටීමකින් ආදරේ කරන්න ගන්න මිනිස්සු නෙමෙයි, අවංකම තත්වය දැකලා ආදරේ කරන්න ගත්ත මිනිස්සු..
කවුරුවත් නැති තැනක හොරෙන්ම අතේ එල්ලෙන්න, දැකපු ගමන් දුවගෙන ඇවිත් තදකරගෙන වැළද ගන්න බලන කෙනෙක්! මම කීප සැරයක්ම කිව්වත් මගේ තත්වය පැහැදිලි කරලා, මම නිසා නිකන් ජීවිතය නාස්ති කර ගන්න එපා කියලා, එයා අර කාටුන්වල ඉන්නවා වගේ ලස්සන කුමාරිකාවක් ඒ නිසා ලස්සන කෙනෙක් එක්ක ජීවිතේ ගෙනියන්න ඉස්සරහට කියලා. ඒත් ඒ හැමදේම අහගෙන දරාගෙන නෑ මම ඔයාට ආදරෙයි කියලාකියන්න තරම් අමුතු ලස්සන හිතක්.. ඒත් ඉස්සර වගේමයි මම ආස නෑ ලස්සනම මලක් කඩාගෙන මගේ මේසේ කෙලවරේ තියෙන පෙන් හෝල්ඩර් එකේ දාගෙන පරවෙලා යන හැටි බලාගෙන ඉන්න. මට ඕන හොද තැනක ඒ මල ලස්සනට පිපෙන හැටි බලාගෙන ඉන්න. ඔයා වගේ ගොඩක් පුන්චි මලක් කොහොමද මම වගේ කිසිම සීමාවක් නැති දරදඩු අවිනිශ්චිත සුළඟක් දරා ගන්නේ! ඒත් නිරායාසයෙන්ම මම ඒ මල ළඟදි මගේ වේගය අඩු කර ගන්නවා.
මම ඒ මලට නමක් තිබ්බා! මම තිබ්බා ඒ මලට "යුකී" කියලා.
ඒ මල මගෙන් ඇහුවා ඇයි මෙච්චර නම් තියෙද්දි යුකී කියලාම කතා කරන්නේ කියලා..
හේතුව තමයි මට කලින් ආදරය දැනෙන්න දුන්නු, මට ආදරය වෙනුවටපස්සෙ වෛර කරන්න ගත්ත දැනටම මම ආදරය කරන මනුස්සයෙක්ගේ නම ඒක නිසා. ඒ ආදරණීය මනුස්සයා කියපු විදිහට යුකී කියන්නේ ජපන් භාශාවෙන් හිම වලට, හිම සීතලයි සුදුයි, එයාගෙ හිතත් ඒ වගේමයි සුදුයි, ඒත් එපා කියද්දි එයා තද අව්ව තියෙන තැනක් හොයාගෙන නවතින්න හැදුවා, මම පැහැදිලි කලත් හුළඟ විදිහට ඇත්ත පැහැදිලි කලත් මේ රැවටීමක් උබේ ලස්සන හිම දියවෙයි කියලා පිළි ගත්තේම නෑ අන්තිමට හිම දියවෙලා තැන් තැන්වල කඩොතොලු වුනු තුවාල වුනු ඒ කෙනාව මුලු ලෝකෙටම නිරාවරණය වෙනකන්ම ඒ වගේම ඒ හිම කන්දෙ ලස්සන අගය කරපු මාව යට කරගන යන තරම් බරට නාය ගියා ඒ මනුස්සයා. ඒත් මොනවා කරන්නද මම හුළඟක් මම හැදෙයක්ම දරා ගන්නවා, අන්තිමේ හිම කන්ද මට අභියෝග කලා චෝදනා කලා මා නැමැති කාලකනි පහත් ආශාවන් තියෙන සුළඟ තමයි එයාගෙ හිම දිය කලේ කියලා.
මොනවා කරන්නද හැමදේම දරාගෙන සිටිය යුතුයි, ඒ තමා සුළගේ නීතිය..මාරුතය වගේම චණ්ඩ මාරුතයක් වෙන්න ඕන.
කොහොම හරි ඒ කෙනාව තව කෙනෙක් ගෙන් දකින්න ඕන නිසා මම යුකී කියලා නම දැම්මා, හේතුව මම ඒ හිම කන්දට ආදරේ කරපු තරම දන්නේ මම විතරමයි.
යුකී සමහර වෙලාවට මට කියනවා! මට ඔයාව බලන්න ඕන ගෙදර එන්න කියලා! ඒත් ඒ වෙලාවට මම එන්න බැරි වෙන හේතුවවට වඩා මම කියන්නේ එහෙම වෙන්න හේතුව වගේම මගේ අතීතය හා වර්තමානය.
එක තැනකදි මම මගේ එක්ක වැඩ කරන තවත් අහිංසක මනුස්සයෙක්ට හිතරිදෙන විදිහට කතාකරලා කිව්වම මම බනින්න ඕන තැන්වල තරහා ආපු තැන්වල ඉස්සරනම් පෙන්වනවා ඒත් දැන් මගෙන් කිසිම හැඟීමක් ප්රකාශනයක් මූනෙන් නම් බලාපොරොත්තු වෙන්න එපා කියලා, මොකද අර හිම කන්දට යට වුනු මම මගේ ගොඩක් දේවල් වෙනස් කර ගත්තා.
ඒ කියන්නේ ඔයා පරිණත වෙලා.. ඒ වගේම මම ඔයාව දකින්නේ නිතරම වෙනස් වෙන කෙනෙක් විදිහට, හරියට අහස වගේ, මේ හොදට කතා කරන කෙනා නෙමේ ඊලඟ මොහොතේ ඉන්නේ. ඔයාව වින්ශ්චය කරන්න අමාරුයි.
වෙන්න ඇති මම කැඩිලා අලවගත්ත වීදුරුවක්! එහෙන් මෙහෙන් ඉරිතලලා ගියපු පාරවල් පෙනේවි උඹ උඹව බලනවනම්.. ඒත් මට සතුටුයි හදිස්සියකට හරි කෙනෙම් මේ බිදුනු කණ්ණාඩියෙන් මූන බලාගෙන යනකොට. මම වැඩියෙන්ම කැමති ඒ හිනාවක් මවාගන්න උත්සහා කරන මිනිස්සුන්ට.
......
එක දවසක දේවල් ලියන්න ඩයිරියේ පිටු ගොඩක් ගන්න එකම මනුස්සයා ශේන් වෙන්න පුලුවන්..ආයෙ දවසක ආයෙත් උපුටා ගත්ත පිටු කීපයක් එක්ක හම්බවෙමු
.කවියා.