උපන්දින තෑගිවලට ඉස්සෝ ඉල්ලන එවුන් දැකලා තියෙනවද? එහෙම දුර්ලභ ගණයට අයත් වෙන එකෙක් ඉන්නවා අපි එක්ක. ගිය සෙනසුරාදා උපන්දිනේ සමපරපු කුක්කා මල්ලී ඒ වගේ එකෙක්.
උපන්දිනේට මොනවාද ඕන කියලා අහපු ගමන්..අනේ බන් කේක් එපා ඒ සල්ලිවලින් ඉස්සෝ අරන් දීපන් කියන්න තරම් උගේ හිත හයියයි.
කොහොම හරි රැම්බොයි මායි පොඩි ශෙයාර් එකක් දාලා රැම්බගේ අති උත්තරීතර පියාණන් වහන්සේව මාලු මාකට් එකට කඩේ යවල ඉස්සොත් ගෙන්නගෙන ඒ ටික කුක්කාලාගේ ගෙදරට එදා උදේම යවලා තිබුනේ කුක්කා මල්ලිගේ අම්මට කියලා ඩෙවල් දා ගන්න.
කුක්කාගේ පවුල් අවුඩි, බී එම් ඩබ්ලිව් නැති වුනාට හෙනම සතුට පිරුණු තැනක්! අම්මා තාත්තා දෙමව් පියන්ට වඩා යාලුවෝ වගේ! උන්ගේ ගෙදර ඉරිසියා කරන්න දෙයක් තියෙනවා නම්.. ඒ උන්ගේ බැදීමට විතරයි!
කොහොම හරි විස්කි බෝතල් දෙකාමාරක් හතර දෙනෙක් ඉවර කරනකොට මදිවෙන භාග හොයන්න නාඉන්න හන්දියේ මායි කුක්කයි රෑ එකොලහට කරක් ගහනවා ..රයිස් හොයාගෙන ජපුරෙ කැම්පස් එක පැත්තෙ චයිනිස් ඩ්‍රැගන් එකට යනවා.
පොලිස් මාමලා අපි දිහා බලන්නේ හෙන ආදරෙන් ! පරිස්සමෙන් ගීහින් අයෙත් මෙතනින්ම වරෙන් දෙන්න ටොපිය වගේ දෙයක්.
භාවිතා කරපු බ්‍රෑන්ඩ් එක කොච්චර සුපිරිද කියනවා නම්..කුක්කා මලි රයිස් එක දාගෙන ඇවිත් බායික් එකේ වඩි වෙලා කිලෝ මීටරයක් විතර ගිහින් තමා මට කිව්වේ අයියේ හරෝපන්! හෙල්මට් එක කඩේ කියලා!
ශෙහාන් මල්ලිට වෙරි නැති උනාට. කකුලුවො ඇවිදින විදිය ඒ වෙලාවේ අද්‍යනය කරන බව පෙනුනා! කොන්ද ගාවින් අංශක අනූවට පිටි පස්සට නවාගෙන පැත්තට යන එක ගැන මට ගැටලුවක් තිබුනෙම නැ..
රැම්බොගේ වයිෆයි ඊඊඊයංකා නංගි හදලා දුන්න කේක් එක කාපු හැමෝම කිව්වේ රසයි කියලා! කුක්කාගේ තාත්තා තරහට වගේ කේක් කපලා තිබුනා වැඩි ආදරේට..කිරිබත් කෑලි වගේ 😁. ශෙහාන් මල්ලිට තඩි අයිසින් තට්ටුවක් ලැබුනත් ඌඋ වචනයක් නොකියා ඒක උලා කෑවේ කුක්කාට විනාඩියෙන් විනාඩියට හැපි බර්ත් ඩේ කියන ගමන් සහ.. ඌ ප්‍රතිපත්ති ගරුක මිනිහෙක් බව කියමින්!
ගිස් ශාලින්ද ඉන්න පොඩිම එකා! ඌ ඇල්කොහොහොල් ප්‍රතික්ශේප කලේ පිංකි නංගිගෙන් අනිත් දවසේ ලැබෙන්න තිබ්බ උම්මා එක කැන්සල් කර ගන්න බෑ කියමින්! අසරණ වෙලා ස්ප්‍රයිට් බොන කොල්ලෙක් 🤐
මේ සේරම අතරතුර ඔමී අපිට හොරෙන් කුක්කාලගෙ මිදුලෙ කොනකට ගිහින් එතන ඉන්න කබරායාව කන්ටැක් කරගෙන් ඌත් එක්ක චැට් එකක් දාන් ඉදලා තිබුනු බවට සලකුණු තියෙන බවට සාක්ශි අනිත් දවසේ උදේ දුටු බව කුක්කා මල්ලි අපිට දැනුම් දුන්නා.
ඔමී අලුත් උපන් දරුවෙක් වගේ හිනාවක් දාලා ලැජ්ජාවෙන් පිලි ගත්තා..කුක්කා හදලා දුන්න දෙහි එකේ සුවදට වත්ත කෙලවරටම කබරයා ආවා කියල. එහෙම් ආපු සතාව කවුරුත් ගන්න් ගත්තෙ නැති නිසා ඔමී තනියම ගිහින් කබරයා කන්ටැක් කරගෙන ඌ තලගොයෙක්ද කියලා හොයල බැලුවා කියලා.
ඔමී ගේ යෝජනාවකට අපිඅත් අල්ලන් කරපු ප්‍රාර්ථනවන් සඵල වෙලා තිබුනේ එවෙලාවෙමයි!
අනේ දෙවියනේ හොදට වදින්න ඕන මේ බ්‍රෑන්ඩ් එක!
කොහොම හරි ගෙවල් පාර ගාවට ඔමීගේ වැගන් ආර් එක අරන් ආවේ මම..ඌ නිතරම කිව්වේ ඒක වැගන් ආර් එකක් මිසක් ජී ටී ආර් එකක් නොවෙන බවත් ..වැගන් ආර් පාගන තරමට එවෝ වගේ පිකප් නොවෙන බවයි!
මම ගෙදරට පනිනකොට පාන්දර තුනයි!
කුක්කාගෙන් මැසේක් එකක්! ගෲප් එකට!
උඹලා හැමෝටම ආදරෙයි යකෝ පැලෙන්න! පරිස්මෙන් ගෙදර ආවනේ?
එල.. සුභ උපන් දිනයක් කුක්කා මල්ලී..අරුන්ට හොරෙන් පැටිස් හට්ගරක් අපි දෙන්නා කෑවා කියලා කියන්න එපා..ඒක මගෙන් පොඩි තෑග්ගක්!
කුක්කාගේ මල්ලී ඇද වෙලා ඉන්න එක තාමත් අභි රහසක්! 🙏😂😂😂
ඒක පස්සේ බලමු..
ටටා..
කවියා ...