Thursday, October 6, 2022

ඇබ්බැහී වීමක් සහ නොලැබීම

 මේ දවස් වල මම මාවම හොයනවා.. ඉන්න තැනක් තිබුනද කියන එකට වඩා , අමතක වෙන්න දෙයක් තිබුනද කියලා ඒත් එහෙම නෑ!

සමහර තැනකදි බොහොම් පරිස්සමෙන් අහපු වචන ටිකක් විදිහට මේ ටික කියන්න පුලුවන් " සමහර වෙලාවට මිනිස්සුන්ට තමන්ට ආදරේ හිතුන කෙනාම ලැබුනෙ නැති වුනාම මිනිස්සු දරුණු වෙන්න පුලුවන්..

ආදර කතා ඇතුලෙ තමන්ගෙ පුතාට ආදරේ කරන්න කෙනෙක් ඉද්දි තව කෙල්ලෙක්ව බලෙන් කසාද බන්දලා දීලා අවුරුදු  තුන හතරක් ගියාම ඒ ජීවිතෙන් දෙන්නටම වැඩක් වෙලා නැහැ කියලා තමන් වැරද්දක් කලා කියලා තේරුනු , වත් පොහොසත්කම් අමතක කරලා ලිදට පැනලා මැරුණු අවස්තාවන් තියෙනවා. ඒවා රචනා ප්‍රශ්ණ අපිට තියෙනේ බහුවරණ  ගැටළු. (MCQ).

මේ ශේන්ගෙන්!

වෙනදා වගේම මහරගමින් නාවින්නට ඇව්ත් එතනින් කොටුවට එන ට්‍රේන් එකට නගින්නේ වෙනදා විදිහටමයි. හැබැයි ටිකක් කලින්. කොටුවෙන් බැහැලා මරදාන හරහා අනෙක් පැත්තට යන ට්‍රේන් එකට වෙලාව තියෙන නිසා මම හිමින් හිමින් ස්ටේශන් එකෙන් එලියට එන්න ගත්තා..ස්ටේශන් එක ඉස්සරහා තියෙන කපුටො පේන්ට් කරපු පිළිමෙ ඉස්සරහින් හිටගෙන මම.කල්පනා කලා.. කොටුව පැත්තට යනවද නැත්නම් ලේක් හවුස් පැතතට යනවද කියලා.කොහොම හරි මගේ හිතට ආවේ ලේක් හවුස් එක පැත්ත බලන්න. ඒ නුහුරු පාරකුත් නෙමේ ඉමන්දරා එක්ක දෙපාරකට වඩා තනියට ගිහින් තියෙන නිසා කොටුවට. කොටුවෙ ස්ටේශන් එක එහා පැත්තෙ තියෙන කඩ පේළිය පහු කරගෙන ගිහින් වැහිලා ගිය රයිස් කඩේ ඉස්සරහා නිදාගෙන හිටපු හිගාකන මනුස්සයෙක්ගේ විස්සේ පනහේ කොල තිබුනු ටින් එකට මාත් විස්සක් දැම්මේ පුරුද්දට වගේ. එතන් ඉදන් හෙමින් හෙමින් ලේක් හවුස් පැත්තට එනකොට රේගුවත් පේනවා. ඉස්සර ඉමන්දරා ට්‍රේන් එකේ යනකම් මෙතනට වෙලා බලන් ඉන්න එක මගේ පුරුද්ද..ඉමන්දරා දන්නවා මම මෙතනට වෙලා බලන් ඉන්නවා කියලා ඒ නිසා එයා හැමදාම ට්‍රේන් එකෙව් දකුනු පැත්තේ ජනේලෙ ගාව තමයි වාඩි වෙන්නේ. හැබයි කවමදාවත් කිව්වේ නැහැ ඒ නිසා මේ පැත්තෙන් වාඩි වෙනවා කියලා. හැබැයි සීට් එකක් නොලැබුනු දවසට මට මැසේජ් එකක් දානවා ඒ වේලාවට හරියටම දන්නේ නෑ වගේ..ශේන් අයියේ අද ට්‍රේන් එක සෑහෙන්න ක්‍රවුඩ් , හිටගෙන තමා යන්න වෙන්නේ කියලා. අපි අපිවම රවට්ටගන්න ආදරනිය ලෙස බොරු කියන්න පුරුදුවෙලා හිටියා.

ඒත් සමහර දේවල් තිගැස්මක් එක් කලා වගේ ආදරය කියන දේ රේල් පීලි වගේ තිබුනා . නිතරම දකින් සිල්පර කොටන් කියන හැඟිම් එකෙනෙකා ඇන දාලා ළංංකරලා තිබුනට කවමදාවත් යා වුණෙ නැහැ. සමහර මොහිතවල් තිබුනා ඇත්තටම හිටපු සේරම දමලා ගහලා ඇන ගලවලා සිල්පර කොටන් විසික් කරලා අනිත් පීල්ල උඩට පැනලා එකට එක දිගට ගමනක් යන්න .. ඒ අදහස කියන්න ඔන්න මෙන්න කියලා තියෙනකොට තමයි තේරුනේ ඉමන්දරාත් ගමනක් යන ගමන් ඉන්නේ කියලා තව කෙනෙක් එක්කම.. ඔෆිස් එක ගාවින් එන දෙන්නාට නොදැනෙන්න සමහර වෙලාට මම ළඟම තියෙනෙ ලෑලි ගහපු කෑම කඩේ අස්සට වෙලා උණුවෙන් රොටියක් කනවා සැරට හදපු ලුණු මිරිසක් එක්ක.. දිව පිච්චෙනවා , කදුළු පනිනවා  ඒත් ඉමදරා තවත් කෙනෙක් ළඟින් ඇවිදන් යන වේදනාව යටපත් කරගන්නවා වෙනුවට ඒක කලේ හිත තවත් අවුස්සපු එක..

ඒ අදහස වෙනස් කරගෙන ඉන්නකොටම තමයි හ්මදේම ටික ටික වෙනස් වුනේ! හිතවත් කම් ඇතිවුණෙ, ඒ වගේම මම ආදරෙයි කියලා ප්‍රකාශ කර් ගන්න පුළුවන් වුනේ. හැමදාමත් වගේ මම මගේ ජීවිතයෙන් අහනවා ඇයි සමර මිනිස්සු අපේ ජීවිත වලට කලින් ඇවිල්ලා කලින් යන්නේ වගේම පහු වෙලා ඇවිත් ඉකමනටම යන්නේ කියලා.

ඉමන්දරා කියන නම කියද්දිම මගේ හිතට එන්නේ ඒ කම්මුල් වලින් ඇදලා ඇදලා මිරිකන්න. නැත්නම් ටියුට් ගොන්නක් , ක්ලාස් කාර්ඩ් ලිස්ට් එකක් අරන් විකාර කර කර ඇවිදගෙන යන ඉමන්දරාව. නැත්නම් පිටු ගනන් පුරාවට කවී අයියට කිය කිය ඇදලා ගත්තු උබේ ෆොටෝ ටික...  ඒත් ඇයි ඉමන්දරා මගේ නොවුනේ? ..

හේතුවක් නැතුවම , කිසිම දෙයක් වත් නැතිව  ආදරෙත් නැති කරගෙන දැන් බලන් ඉන්න වෙලා තියෙන්නේ. වෙනදා ඉල්ලපු ගමන් ලැබෙන ෆොටෝ එකක් , නැත්නම් මැසේජ් එකකට රිප්ලයි එකක් දැන් එනකන් බලන් ඉන්න වෙලා තියෙන්නේ.. වදයක් නොවීම. මම කියනවා කවී අයියේ උඹ හරි ඒක පාර්ශවික ආදරයකට ආදරය වෙනස් වුනාම ඒක සෑහෙන්න අමාරුයි. දරා ගන්න අමාරුයි. සමහර වෙලාවකට ඇස් පියා ගන්න නෑ නිදහසේ.. ඒත් මොනවා කරන්නද ඇදපු චිත්‍රයක ඉමන්දරා හිනා වෙලා ඉන්න් හැට් බලලා සැනසෙනවා. එහෙමත් නැතිනම් මේ සේරම අමතක කරලා වෙනම රටකට ගිහින් ජීවත් වෙනවා. සතුටෙන් ඉන්නවා කියලා හිටියට මිනිස්සු සතුටෙන්ම නෙමේ කවී අයියේ ඉන්නේ. ඇත්තටම සතුටක් තියෙන තැන මහ ලොකු නීති ගොඩක් නැති වෙන්න ඕන, හිර කිරීමක් නැති වෙන්න ඕන.. කොච්චර නෑ බෑ එපා කියල හිතුනත් සෑහෙන්න කාලෙකට කලින් නවත්වල තියපු ඒ විස්කි බෝතලෙන් ආයෙත් ටික ටික බොන්න හිතෙන එක නවත්ව ගන්න බෑ හරියට මට ඉමන්දරාට දැනුනු ආදරේ වගේ, ඇබ්බැහි වීම් කවුරුත් කියපු පලියට නවත්වන්න බැහැ අපිම හිතලා නවත්ව ගත්තොත් මිසක්..ඉමන්දරා කියන්නේ  තනිකරම ඇබ්බැහි ව්මක්. 

කවී අයියේ මට ඩිරෙක්ට් ඇක්සස් දීපන් බ්ලොග් එකට මම පූලුවන් වෙලාවට මේක ඩ්‍රාෆ්ට් කරන්නම්, ඔයා හරිවැරදි බලලා වෙනස් කරලා කතාව දාන්න ..

...මේ ශේන්ගේ වචන..

ටටා ...

.කවී.


1 comment:

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්!

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්! මාර්තු 5 වෙනිදා!  වෙලාවට මිනිස්සු හිතනවා ඇති මම පිස්සෙක් කියලා, ම්ම් දැන් වචන වලින් මිනිස්සුන්ව සෑහෙන්න තේරුම් අරග...