Friday, August 19, 2022

පරාද වෙයන් ! ඊට් පස්සේ දිනපන්

 කොහෙන්ද ආවේ කියලා හිතන්න ගත්තම හැමදාම වගේ නැවතුනේ එකම තැන 

ඉමන්දරා ටික ටික  අමතක කරන ගමන් ඉන්නේ ..

කාවද ? 

මාව කවී අයියේ !

හේතුව ?

හේතුවක් ඕන නෑ අයියේ , හැමෝම ජීවිතේ ඉස්සහරහට යන්න ඕන , කවුරුවත් මඟ බලන් ඉන්න ඕන කියලා නීතියක් නෑ නේ 

අනික මම හිටියෙ නෑ නේ .

නෑ උඹට ඉන්න තරම් කාලයක් හම්බුනේ නෑ ! උඹට හැමදේම ලැබෙන්නේ පරක්කු වෙලා ශේන් .. සමහර වෙලාවටඋඹ හොයලා හොයලා හති වැටිලා 

එක තැනක නැවතුනාම  ... හරි කියලා හිතන දේ  ජීවිතය ලඟින් එහෙට මෙහෙට යන්න ගන්නවා උඹට සරදම් කරනවා වගේ.

ආදරේ කියන්නේම හෙන විකාරයක් කවී අයියේ .

උඹ කොහොමද හරියටම ඒක කියන්නේ ශේන් ? 

නෑ හැමදාම පවතින ආදරයක් තියෙනවද ? නැත්නම් එක වෙනස් වෙනවද ? ඉමන්දරා මට ආදරේ ඇති කියලා හිතාගෙන මම හිටියට 

ඇත්තටම ඉමන්දරා කියන්නේ මට ආදරේ කරන්න ඕන චරිතයක් නෙමේ .. මේ හැඟිම මම හොදට අදුරනවා  කවී අයියේ ..

මෙ හැඟීමට පුලුවන් හොදම යාළුවෙක් සදහටම නැති කරලා දාන්න .. නැත්නම් ඊටත් වඩා එහා දෙයක් වෙලා ලෝකෙටම හැංගිලා ඉන්න .

ඒ කියන්නේ  ශේන් ?

නෑ අයියේ බලපන් ලැම්බොගිනි එකක් , ඩිෆෙන්ඩර් එකක් වගේ හීනයක ෆොටෝ දිහා බලලා  සතුටු වෙනවා වගේ ඉමන්දරාගේ ෆොටෝ දිහා 

බල බල ඉන්න එක තමයි කරන්න වෙන්නේ .. කවමදාවත් මගේ තුරුලට ගන්න වෙන එකක් නෑ ආදරේ විදගන්න වෙන එකක් නෑ කියලා හිත හිත දුක් 

වෙන එක තමා කරන්න තියෙන්නේ .



ඒත් ශේන් ඔය කියන හීන වාහන  අයිති කර ගත්ත එවුන් නැතුවද ? මම දැකලා තියෙනවා ..

ඔව් ඒ සමහර වෙලාවට උන්ට ආදරේ කියනහ් හීනයෙන් කලින්ම පරාද වෙලා දිනපු එවුන් .. උන්ට පසු කාලීනව හම්බ්වෙන්නෙ  ඇත්තටම  උන් හොයපු දේ විතරමයි ..

ඉතින් ශේන් උඹත් පරාද වෙයන් ! ඊට් පස්සේ දිනපන් ...

බෑ අයියේ .. කවී අයියේ තමුසෙට  තේරෙන්නේ නෑ නේ .. තව කෙනෙක් දිනන්න තව කෙනෙක් පරාද කරන්න ඕනද ?

මේකයි ශේන් උඹට පලවෙනියා වෙන්න ඕනද එහෙනම් අනිත් ඒවා පරාද කරන්න වෙනවා ..

බැහැ මට තව කවරුත් පරාද නොකර දිනන්න ඔන .. හරියට අර ෆෝර්ඩ් වර්ස් ෆෙරාරි ෆිලිම් එකේ වගේ .. 

උඹට වැරදුනා ශේන් .. ඒ කතාවෙ අන්තිමට කොහෙවත් හිටපු මැක්ලරන්ස් කාර් එකකට දිනුම දෙන්න සංවිධාන කමිටුව කියනවා ..

ඇත්තට දිනන්නේ ඌ ..

ඒත් කවී අයියේ මතක තියාගන්න ඇත්තටම තරඟයක් ඌත් එක්ක තිබුනේ නෑ .. තරගේ තිබුනේ තමන්ගේ කියලා හිතපු එවුන් එක්කමයි ..

මොන සෙල්ලම , රේස් එක ගියත් ඉමන්දරාට දැනුනු ආදරේ නවත්වන බැහැ. කරන්නෙත් නෑ .. එක්කෝ මේ රේස් එකෙන්ම මැරිලා යන්න ඕන !

හැමදාම උඹ කියන  එකේ අද  මම කිව්වා කියලා ලියලා දාපන් 


ටටා ...කවී අයියේ ..    

Sunday, August 14, 2022

ඉමන්දරා සහ දිය කාවා.

 කතන්දර කිය කිය යන එක නිකම්ම ඉන්නවට වඩා හොද වෙන්නේ කොහොමද කියන එක මම හිත හිත ඉන්න වෙලාවක කවුරු හරි දෙයියෙක් ඇවිත් දර කපන්න කියලා රත්තරන් පොරවක් දීලා යන්න බැරි කමකුත් නෑ.. ඒ තරමට ඒක අවුල් සහගතයි.

පොඩි එකෙක් සෙල්ලම් බඩුවකට තියෙන ආදරේ තරම්වත් මිනිස්සු ආදරේට ආදරේ කරන්නේ නෑ. ඒ ඇයි කියන තැනට වෙනකන් හැමදාම ඇවිත් මම හිතන එක නවත්වනවා. කෙනෙක්ට තියෙන ආදරේ අඩු කරන්නේ නැතුව තවත් කෙනෙක්ට ආදරේ කරන එක මොන වගේ දෙයක්ද කියලා කියවගන්න ලැබෙන්නේ ශේන්ගේ ඩයිරියේ එක දවසක් ගැන අනිත් දවස්වල පිටු වලත් ඉඩ අරගෙන ලියලා තියෙනවා පෙරළන පිටු අතරතුරදි.

බර්ලින් තාප්පය වගේ තාප්පයක් ජීවිතේ හටි මැද්දෙන් ගහගෙන කාලයක් හිටියට සෝවියට් ආණ්ඩුව බිඳ වැටෙනවා වගේ මේ තාප්පයක් බිඳ වැටෙන්න ගන්නවා. පහසුවෙන් එහා මෙහා යන්න පූළුවන් විදිහට. ශේන්ගේ හදවත ටිකක් විතර ජර්මනිය වගේ. බැලූ බැල්මට උස දිග තාප්පයක් වුනාට අතටින් පතර සැරින් සැරේ කරපු පළුදු කිරීම සෑහෙන්න තිබුනා. වෙලාවකට මිනිහම කටුවකුයි මිටියකුයි අරගෙන මේ තාප්පෙ හිල් කරන්න ගන්නවා.. ඒ වෙලාවට ශේන්ගේ ළඟ තියෙනේම ඇල්කොහොල් සුවඳට වඩා ත්‍රයිලෝක විජ්ජා පත්‍ර පිච්චිලා එන දුමක සුවදක්. ඉස්සර නිතර නිතර ආවත් දැන් ඉදලා හිටලා එන සුවදවල් දෙකම අස්සේ මොනවා හරි බර හැඟීම් දෙකක් හිරවෙලා තියෙනවා.

කොහොම වුනත් ශේන්ගේ ඩයිරිය නොකියවා ඉන්න හිතෙන්නේ නෑ!

අගෝස්තු දහ වෙනිදා..

මත මතක විදිහට ඉමන්දරා ගැන පුන්චි පුන්චි දේවල් හුඟක් මතකයේ තියාගන්න එක දැන් මගේ ක්‍රමය වෙලා ඉවරයි. ක්ලාස් එකේ හැමෝම ගියාට පස්සේ ජනේල් ටික ලොක් කරල, හෙට දෙන්න තියෙන ටියුට්ස් ටික බෙදනකොට ඉමන්දරා කිව්වා එයා ආර්කේඩ් එකට ගියා කියලා  ඒ වගේම වෝල්කින් ට්‍රැක් එක අයිනේ තණකොළ ගොඩේ බිත්තර රැක් රැක් හිටපු දිය කවුඩෙක් නැත්නම් අපි කියනවා වගේ දිය කාවෙක්ගේ ෆොටෝ එකක් ගන්න ගිහින් තියෙනවා , ඒත් ලඟට යන්කොට ඌ තටුත් විහිදගෙන කෑ ගහලා ඉමර්ජන්සි මූඩ් එක ඇක්ටිව් කරලා, පවු ඉමන්දරා හිතපු විදිහටම බිත්තර වල ෆොටෝ නම් ගන්න හම්බවෙලා නෑ.. හේතුවක් නැතුව මේ සිද්ධිය මතක තියෙන්නේ ඇයි කියලා හිතා ගන්න බෑ.

=======

එක දෙයක්, කුරුල්ලො අත් තටු විහිදන්නේ, පූසෝ මවිල් කෙලින් කරගෙන පිම්බෙන්නේ විශේෂයෙන් තමන්ගේ ප්‍රතිවාදියාට වඩා ලොකුයි කියලා පෙන්වන්න.ඉමන්දරාව කිරිල්ලියක් විදිහට දැක්කා කියමුකො, ඒත් එතකොට ඉමන්දරාගේ සයිස් එකට කුරුල්ලට එන්න පුලුවන්ද.🙄



======

අගෝස්තු දහ තුන් වෙනිදා

වට්සැප් එකට ඉමන්දරාගෙන් කෝල් එකක් ආවා, මම කලින්ම කිව්වා තනියම කොහෙ හරි යනවානම් මට කියන්න කියලා, කිසිම හේතුවක් නැතුව, කිසිම අයිතියක් නැතුව තාමත් මම ආසයි ඒ අතින් අල්ල ගන්න, තාමත් ආසයි අයිති කර ගන්න බැරි වුනු ආදරේ ඇස් වල තියෙනවද කියලා එබිලා බලන්න.

කෝහොම හරි කෝල් එකේ විදිහට ඉමන්දරා එන් එස් බී බෑන්ක් එකට යනවා එකවුන්ට් එක හදා ගන්න වැඩකට. මම දෙපාරක් හිතන්නේ නැතුව බැංකුව ගාවට ගියේ තවත් ක්ලාස් දෙකක් ලන්ච් එකට නවත්වපු ගමන් තියෙනකොට, කරන්න දෙයක් නෑ ඒ වැඩ වලට වඩා උඹ්ට්ත් එක්ක ඇවිදන් යන ඒ පුංචි දුර මට හොදටම


ඇති. 

හති දාගෙන බෑන්ක් එක ගාවට දුවගෙන ගියාම ඉමන්දරාත් ටිකක් පුදුම වුනා, ආපු එක ගැන. නොකිව්වට පොඩි හරි ආදරයක් දැනෙන්න ඇති ඉස්සර වගේම. කොච්චර ලෝකෙට වැරදි ඇති කියලා හිතුනත් පාර පැනලා ආයෙත් ක්ලාස් එක පැත්තට එනකන් පුලුවන් තරම් හෙමීට ඇවිදගෙන ගියා.. ලඟට ඇදලා අරගෙන ඒ කම්මුල් ආදරෙන් විකන්න හිතුනත් පාර හින්දා හරි අමාරුවෙන් ඉවසන් ආව. ක්ලාස් කරන බිල්ඩින් එක පස් වෙනි තට්ටුවට යන්න එපැයි.ලිෆ්ට් එක නැතුව පඩි පෙලේ යමු කිව්වේ, කාලෙකින් ර්ස බලන්න බැරි වුනු ඒ තොල් වල රස එහෙම්මද, තාමත් ඒ සුවදම එනවද බලන්නත් එක්ක.. ඒත් කරුමෙට අතින් අල්ලන් උඩට නගිනකොට මගේ කකුල පැටලිලා පඩි පෙලේ වැටුනා, ඒ වෙලාවෙ මාව නැගිට්ටවනවා වෙනුවට කලේ මට හිනා වෙන එක.. හිතේ පොඩි විදුලියක කෙටුවා වගේ වුනා, මේ මම ආදරේ කරපු මට යන්තමින් හරි ආදරේ කරපු ඉමන්දරාමද කියලා.  මම ඇස්වලට එබිලා බැලුවෙ එතනත් තවම ආදරේ තියෙනවද කියලා..කොහොම හරි ආවොත් දෙන්නම් කියලා පොරුන්දු වුනු හාදුව  නම් ලැබුනේ නෑ අද, ඒක වගේම මාවත් මඟ ඇරියා. සමහර විට බෝයි ෆ්‍රෙන්ඩ්ටයි මටයි එක වගේ ආදරේ කරන්න බැරුව ඇති. හැබැයි ඉමන්දරා උඹ ඉස්සරහා මම, මමම තමයි ඒ වගෙම මම ඉස්සරහා උඹ උබමයි, වෙන්ස්ම ප්‍රති රූපයක් මවා ගන්න ඕන කමක් නෑ..හංගන්න දෙයක් නෑ.. ඉමන්දරා කොච්චර දේවල් වුනත් කමක නෑ ඉස්සර වගේ වට්සැප් ඒකට   එකම එක මැසේජ් එකක් හරි එවන්න..ඉස්සර වගේ මහ ගොඩක් නැති වුනාට කමක් නෑ. එකම් එක මැසේ එකක ආදරේ ඇති මට.

ඉමන්දරා පොරොන්දුව රකින්න..

.....

ශේන් මල්ලි කොහොම හිතුවත් ඉමන්දරා ඉක්මනටම තව කෙනෙක් අතේ එල්ලිලා කන බොන්න් යයි. එතොට උඹට උඹව නැති වෙයි කොයි  වෙලාවෙ හරි.

එතකන් බලන් ඉදපන්...

.කවී.

සිහින


 

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්!

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්! මාර්තු 5 වෙනිදා!  වෙලාවට මිනිස්සු හිතනවා ඇති මම පිස්සෙක් කියලා, ම්ම් දැන් වචන වලින් මිනිස්සුන්ව සෑහෙන්න තේරුම් අරග...