වෙලාවට ඇත්ත කියන එක, කතා කියනවට වඩා අමාරුයි. මිනිසෙක්ගෙ ජීවිතයක්. ඉහලට යන්න යන්න තනිකම වැඩි වෙනවා. කවුරුවත් නැති කඳු මුදුනේ තනිවම ඉන්නවා වගේ.
ඒත් හැම මොහොතකම ගින්නෙන් දැවි දැවී තමයි එහෙට එන්නෙ වෙන්නෙ.
මිනිස්සුන්ට පහර දෙන සුළඟ මොකක්ද කියලා කාටවත් කියන්න බැහැ. හැමෝම ඉගිලෙමින් ඉන්නවා. මරන්න ඕන නැත්නම් මැරෙන්න ඕන. හැම රැකියාවකම ඒ වගේ තමයි. ඒක උමතු නැටුමක්. මෙහෙන් පිට වෙන්නත්, ගමන් කරන්නත් සම්බන්ධයක් නැහැ. ඒක දෛවය ද? හැමෝම පැනලා යන්නයි උත්සාහ කරන්නෙ. කොහොම හරි යන්න ඕනේ කියලා තැතිගන්නවා. ඒත් පැනලා යන්න හැදුවම තවත් ගැඹුරටම ගිහින් එරෙනවා. මේකේ කතාවක් නැහැ. මොකද මේ ජීවිතයට තේරුමක් තියෙනවා නම් තියෙනවා. නැත්නම් නැහැ. මට නම් මේක නිකන්ම සෙල්ලමක්. වෙන කිසිදෙයක් නෙවෙයි!
– ගෞතම් වාසුදේවන් මේනන්. –
කවී බොශාට ලියමි.
මිනිස්සු කැමතිම අමතක කරලා දාන්න, එහෙමත් නැත්නම් වෙනස් වෙන්න. එහෙම වෙලා කිසිම වෙනසක් නෑ වගේ හැසිරෙන්න. සමහර අය වෙනස් නොවී ඉදිවි කියල හිතුවට ඇත්තටම ඒයාලටත් කවද හරි මේ වෙනස් වීම කියන උමඟ ඇතුලෙන් යන්න වෙනවා. හැමෝගෙම පාරවල මේක හරහා වැටෙනවා...බොහොම ඉක්මනින් හරි හුඟක් ප්‍රමාද වෙලා හරි.
මම හුඟක් වෙලාවට හිතාගෙන හිටියෙ ඉමන්දරා කියන චරිතය වෙනස් නොවී ඉදිවි කියලා. ඒත් මොනව කරන්නද ඒක මගේ හිතේ පමණක්ම ඇති වුනු හැඟීමක් නිසා ඉමන්දරාගේ හිත කියවන්න මට බැහැ නේ.
ඉතින් මම දවසක් ඇහුවා, ඉමන්දරා ඔයා පසු තැවෙනවද මාත් එක්ක කතා කරපු කාලය ගැන, මාව ආශ්‍රය කරපු විදිහ ගැන, හුඟක් පුද්ගලික දේවල් ඕන වෙලාවට බෙදා හදා ගත්ත එක ගැන? මට ඒකට උත්තරයක් ලැබුනෙම නෑ කවමදාවත්,, ඒත් සමහර දේවල් වැරදි කියලා හිතෙනවා කියල නම් කිව්වා.
හැමෝගෙම හැමදේම අහගෙන හිටියට, අදහස් දක්වන්නේ නැතුව හෝ ඇතුව.මට දෙයක් කියා ගන්න ඕන වුනාම කෙනෙක් නැති වෙන එක නම් ගොඩක් භයානකයි කියලා හිතුනා. ඒත් කරන්න දෙයක් නෑ දැන් වෙන් කිරිමේ වැට ගහලත් ඉවරයි. දැන් අපිට කරන්න තියෙන්නේ මුකුත් වුනේ නැති ගානට බුරියානි එකක්, ෆ්‍රයිඩ් රයිස් එකක් හදාගෙන කන්න.. ඒ නිසාම මම ඉමදරාගෙන් ඇහුවා ඇයි මට යළුවෝ නැත්තේ කියලා?මට කතා කරන්න ඕන වුනාම, මගේ හිතට එන දේවල් බෙදා හදා ගන්න කෙනෙක් නැත්තේ කියන එක.? ඉමන්දරා ඒ පොඩි පණිවිඩ දකින්නේ නැතුව ඇති.. නැත්නම් දැක්කත් ඒකෙන් වෑඩක් නොවෙන නිසා පිලිතුරු නොදී ඉන්න හිතන්න ඇති. ඉස්සර නම් මට කිව්ව මතකයි, ඕනම දෙයක් කියන්න මම ඉන්නවා , මම ඔයාගේ යාළුවෙක් කියලා, ඒ වගේම තවත් වෙලාවක මට හිතුනා මිනිස්සුන්ට ඕන අලුත් මම නෙමේ පරණ මාව කියලා.අඩු තරමින් මට ඒ නිහඩ මම ගාවම නැවතෙන්න තිබුනා.
මගේ ජිවිතේ ලං කරගන්න මිනිස්සු කෝකියෝ වගේ! මම කැද හැලියක්! කෙනෙක් එක පැත්තකට හැදි ගානකොට අනෙකා අනික් පැත්තට හැදි ගානවා, කෙනෙක්ට හොදටම රහ දැනෙනකොට , තව කෙනෙක්ට් ලුණු මදි, එලවලු මදි, කොල වැඩී , ගින්දර වැඩී.. කොහොම හරි කමක් නෑ.. බඩ පිරෙනවා නම් මගෙන්..යන්කොට ලිප නිවලා යන්න..එච්චරයි.. පිච්චෙන්න බෑ හැමදාම..
ඒත් ඉමන්දරා මම දැන් දන්නවා නුඹ ආදේශකයක් ව්තරක් නෙමේ! උඹ කොහොමහරි හිතේ පතුලට වෙන්න ලොකු ඉඩක් වෙන කරගෙන ඉන්නවා හැමදාම. ඒ නිසා හිත රිදෙන වචන වලට, විහිළු වලට සමාවෙන්න.හුඟක්ම වචන පිට වෙන්නේ වේදනාවත් එක්ක ආදරයකුත් ඇවිත් එතන අහිමි වීම කියනා ඉර්ශ්‍යාවත් එක්ක කැරකැවෙන නිසා. එක මොහිතකට තුරුල්ක කරගෙන හාදුවක් දෙන්න හිතුනත්, දැන් වැටක් ඉමන්දරාම ගහල නිසා මට ලේසියෙන යන්න එන්න බැහැ. චොකලට් වලට ආස නැති කෙනෙක් ඉන්නවා නම් ඒ ඉමන්දරා! හැබැයි එයා ආසයි මල් සුවදට!
.ශේනුක.
..........................................................
හැමදාම වගේ ඉදලා හිටලා අපිව නොදන්න කෙනෙක් මරලා ගියාට අපිව නිරම නැවත නැවත මරලා දාන්නේ අපි හොදටම දන්න මිනිස්සු..
..කවී..